ඡන්ද කල්දාන නඩුව දැම්මේ ඒකාබද්දය යයි කී අජිත් පෙරේරා බඩකට පුරා අහගනී.. ඡන්දෙ කල්දාන්න නඩු දැමූ අය කාංචන හෙලි කරයි..

(16.11.2017 – 13:20 +0530 – lankacnews.com)

පළාත් පාලන ඡන්දය කල් දැමීම සදහා අධිකරණය හමුවේ නඩු දමා ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් යයි නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ප‍්‍රකාශයට විරෝධය පල කරමින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා කියා සිටියේ ආන්ඩුවේ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුම විසින් එසේ නඩු දමා ඇති බවයි.

නඩු දමා ඇති ඡන්ද දායකයන් හය දෙනාගේ දේශපාලන හිතවත්කම්ද ඔහු පාර්ලිමේන්තුවේදී හෙලි කලේය.

වීඩියෝව :

+++++++++++++++++++++++++

සීමානිර්ණය ගැසට් එකට එරෙහිව පෙත්සමක්
(16.11.2017 – mawbima.lk)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පැවැති එකම බාධාව ඉවත් කරමින් ඉකුත්දා පළාත් පාලන ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද සීමා නිර්ණ කමිටු වාර්තාව අඩංගු ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාගේ කනිෂ්ඨ නීතිඥවරයා ඊයේ (15 දා) අභියාචනාධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

මුස්තාපා මහතාත් කනිටු නීතිඥ එන්. එම්. සහීඩ් මහතා එලෙස කරුණු දක්වන ලද්දේ උක්ත ගැසට් නිවේදනය නීතියට පටහැනි වන හෙයින් එය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පළාත් පාලන ආයතන 6 ක ඡන්ද දායකයන් 6 දෙනකුගේ නමින් නීතිඥ මාලිකා සුචන්දි ඇල්ලපිට ගෙදර මෙනෙවිය විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.

ඉකුත් සිකුරාදා (10 දා) ගොනු කරන ලද මෙම පෙත්සම ඊයේ (15 දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය, ශිරාන් ගුණරත්න හා කුමුදුනී වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල විශේෂ අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විමසුමට භාජනය විය.

මැතිවරණ කොමිසම හෝ කොමිසමේ සභාපතිවරයා වග උත්තරකරුවකු නොකොට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පමණක් මෙම (රිට්) පෙත්සමෙහි වගඋත්තරකරුවන් කොට තිබීම විශේෂත්වයක් විය.

මෙම පෙත්සම් විමසුමේදී අධිකරණය හමුවට පැමිණ කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා මඟින් විනිසුරු මණ්ඩලයට ප්‍රකාශ කර සිටියේ මෙකී පෙත්සම මඟින් ඉල්ලා ඇති කරුණු අනුව කටයුතු සිදුවුවහොත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කල් තැබෙමින් තිබී ඉදිරියේදී පැවැත්වීමට ඉඩ සැලසී ඇති පළාත් පාලන මැතිවරණය යළිත් වරක් කල් තැබීමට රජයට හැකිවන බැවින් ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වය දැක්වීමට පෙත්සමේ මැදිහත් පාර්ශ්වකරුවකු වශයෙන් තමාටද ඇතුළත් වීමට අවසර ලබා දෙන ලෙසය.

ඒ පිළිබඳව අවධානය යොමුකළ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා අද (16 දා) පෙරවරු 9 ට පෙත්සම යළි කැඳවීමට දින නියම කළේය.

නීතිඥ සහලා අභයවර්ධන මෙනෙවියගේ සහාය ලබමින් ජනාධිපති නීතිඥ දයාරත්න මහතා කරුණු දැක්වීය.

නීතිඥ නිශ්මි ගොඩැල්ලවත්ත, මොහොමඩ් රාෆී සහ නීතිඥ එම්. ශිහාල් හසන් සමඟ නීතිඥ මාලිකා සුචන්දි ඇල්ලපිටගෙදරගේ උපදෙස් පරිදි නීතිඥ එන්. එම්. සහීඩ් මහතා කරුණු දැක්වීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *