තිස්වසරක කෝටිපති ලෝක ජලහොරෙක් අත්අඩංගුවේ.. මුදාහරින්නැයි ප්‍රබ‍ල දේශපාලන බලපෑම්..

(16.11.2017 – 14:10 +0530 – lankacnews.com)

තිස් වසරක පමණ කාලයක් තිස්සේ වැල්ලවත්තේ උත්සව ශාලාවකට ජලය නීති විරෝධී ආකාරයෙන් ලබා ගත් එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්තේ යයි ජාතික ජලාපවාහන හා ජලසම්පාදන මණ්ඩලය සදහන් කරයි.

ආසන්න වශයෙන් මෙහි දඩු මුදල රුපියල් තිස් ලක්‍ෂයක් පමණ වනු ඇති බවත් මණ්ඩලය පවසයි.

ජල මනුවට පිටින් සවි කරන ලද තිස් වසරක් පමණ නලයක් මගින් මෙසේ ජලය නීති විරෝදී ලෙස ලබා ගෙන ඇත.

අත්අඩංගුවේ සිටින සැකකරු මුදා හරින්නැයි කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු දැඩි බලපෑමක් කරමින් සිටින බවද වාර්තා වෙයි ෴

***********************************

හම්බන්තොට විරෝධතා සිද්ධියට තවත් හිමිනමක් ඇතුළට
(15.11.2017 – 20:40 +0530 – sinhala.adaderana.lk)

හම්බන්තොට පැවැති විරෝධතා සිද්ධියට අදාළව තවත් හිමනමක් තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය මඟින් අද (15) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය මැදමුලන, කින්චිගුනේ ශ්‍රී චන්ද්‍ර බිම්බාරාමයේ වැඩ විසු අරන්වල අමිත නැමති හිමි නමකි.

විරෝධතා සිද්ධියට අදාළව පොලීසිය සතුව ඇති වීඩියෝ දර්ශන මඟින් හඳුනා ගෙන මෙම හිමි නම අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර සිටියේය.

අත්අඩංගුවට ගත් හිමි නම අධිකරණ කටයුතු සඳහා හම්බන්තොට පොලීසියට බාර දී ඇති අතර උන්වහන්සේ හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හම්බන්තොට විරෝධතා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සියලු සැකකරුවන් හට පසු ගිය 13 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අප ලබාදෙන ලදී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *