චීන ජාතික කාන්තාව සුවය ලබා IDH රෝහලෙන් නික්මයයි

(19.02.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා.

***************************************

මේ දිනවල හැකිතාක් වතුර බොන්න..නැත්නම් වකුගඩු ඉවරයි – වකුගඩු රෝග පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමෙන් පණිවුඩයක්

(19.02.2020 – nethnews.lk)

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.

මීට අමතරව උදේ 10.00 ත් – සවස 03.00 ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසද පවසා සිටියේය.

හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15 ක් හොරෙන් අරන් !

(19.02.2020 – colombotoday.com)

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකිරීමේ දී රජයේ ඉඩම් අක්කර 15 ක් නීති විරෝධීව අත්පත් කැර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එසේ ඔවුන් අක්කර 15 ක් අල්ලාගෙන ඇත්තේ බැටික්ලෝ කැම්පස් ඉදිකිරීම සඳහා මහවැලියට අයත් ඉඩමක් රජයෙන් ඔවුන්ට ලබාදී තිබියදී ම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අයත් එම ඉඩම නිදහස් කැර ඇත්තේ 2013 වසරේ හීරා ෆවුන්ඩේෂන් නැමැති ආයතනයක් වෙනුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැඟෙනහිර පළාතේ තරුණ තරුණියන්ට නොමිලයේ වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීමේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන බව පවසා මහවැලි අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව 2013 ජූලි 24 වැනි දා මඩකලපුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 35 ක එම ඉඩම අක්කරයකට රුපියල් 14,340 ක් බදු වශයෙන් අයකර ගැනීමේ පදනම යටතේ වසර 35 ක කාලයකට හීරා පදනමට ලබාදී තිබෙන බවද විමර්ශන වලින් හෙළිවී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *