සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක්

(17.11.2017 – 11:58 +0530 – lankadeepa.lk)

මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය.

එදිනට පාසල් අයදුම්කරුවන් පැමිනීම අනිවාර්ය නොවන බවත් එම දරුවන්ගේ ඥාතීත්වය තහවුරු කළ හැකි වෙනත් පුද්ගලයකු එම ඥාතීත්වය තහවුරු කරමින් ග‍්‍රාම නිලධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවත් ඒ මහතා කීය.

දෙපාර්තමේන්තුව වෙත ඉල්ලූම්පත් යොමු කර ඇති පාසල් ඉල්ලූම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර මේ වනවිට තැපැල් කරමින් පවතින බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය ෴

**************************************

බිල් ගේට්ස්ගෙන් රාජිතට පැසසුම්
(17.11.2017 – biz.adaderana.lk)

අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එම සමුළුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් පසුගිය 15 වනදා පැවැත්වුනි.

එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සඳහා ඔබ ශ්‍රේෂ්ඨ රාජකාරියක් ශ්‍රී ලංකාව තුල ඉටු කරන බව ඔහු දන්නා බවත් එය ඉටු කරගෙනයාමට ඔහුගේ සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයාට පවසා ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *