ලංගම බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්වී වැඩ වර්ජනයක…

(18.11.2017 – 18:48 +0530 – lankacnews.com)

වවුනියාව ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සිය බස් රථ ධාවනයෙන් ඉවත් වි අද (18) විරෝධතාවයක් ආරම්භ කර සිටියේ දේශපාලනික බලපෑම් මත සිදු කෙරෙන ස්ථාන මාරු කිරීම් වහාම නතර කරන ලෙසට ඉල්ලමිනි.

වවුනියාව බස් නැවතුම්පොළ රජකාරී කටයුතු කළ සේවකයින් දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුකිරීම් කිරීම්වලට විරුද්ධව විරෝධතාවය සංවිධානය කළ බව වවුනියාව ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් පැවසීය.

උතුරු පළාත් ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කරන නිළධාරියාගේ අත්තනෝමතික ක‍්‍රියා කලාපයන්ට මෙන්ම බස් රථ සේවකයින් විවිධ දේශපාලනික බලපෑම් මත ස්ථාන මාරුවීම් සිදු කරන හෙයින් විරෝධතාවයේ ඉල්ලීමක් වන බවද බස් සේවකයින් පැවසීය.

විරෝධතාවය හේතුවෙන් වවුනියාව ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත්වි ඩිපෝව තුළ හා වව්නියාව බස් නැවතුම්පලේ නවතා තිබිණ.

විරෝධතාවයට ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ වවුනියාව ඩිපෝ සේවකයින් සියළු දෙනා එක්ව තිබූ අතර බස් ධාවනය නොවීමෙන් සාමාන්‍ය වැසියන්ගේ ගමනාගන කටයුතු සිදු නොවීමෙන් අපහසුතාවයන්ට පත්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

*************************************

ආවා කල්ලියේ නායකයා යළි කොටුවෙයි
(17.11.2017 – 17:13 +0530 – lankadeepa.lk)

යාපනය කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ආවා කල්ලියේ නායකයකු බව කියන නිශා වික්ටර් නැමැත්තා අද (17) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගිය අවස්ථාවේදී පළා ගොස් ඇත.

සැකකරු මල්ලාකම් අධිකරණයට නුදුරු ස්ථානයක සිටියදී තෙල්ලිපලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් වෙත බාර දෙනු ලැබිණි.

කෝපායි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කපාකොටා දමා තුවාල සිදුකිරීම සහ අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන් මත මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් කරවීම සඳහා ගෙන යන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණයේ සිටම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී මෙම සැකකරු පළා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරු නැවතත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *