යාපනයේ සෝදිසි මෙහෙයුමකින් 47 ක් පොලිස් කූඩුවේ

(19.11.2017 – 18:27 +0530 – sinhala.adaderana.lk)

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවු පහරදීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කෝපායි මානිප්පායි යන ප්‍රදේශවලදී පුද්ගලයින්ට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත උතුරු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

විමර්ශන කටයුතු සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනය වන විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

කෝපායි, මානිප්පායි යාපනය සහ චුන්නාකම් ප්‍රදේශවල ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී අදාළ සිද්ධීන්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය ෴

************************************

ඇලෝසියස්ට හලෝ කිවුව අය ගැන හොයන්න මහින්දගෙන් කරූට යෝජනාවක්
(19.11.2017 – 18:40 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වු කෝප් කමිටු සාමාජිකයින් පිළිබද කතානායකවරයාගේ අවධානය යොමුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කෝප් කමිටුව පිළිබඳව ඇති විශ්වාසය ද බිඳ වැටී ඇති බව ඔහු පෙන්වා දෙයි.

අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය ෴

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *