ඡන්ද ආධාර විදිහට අර්ජුන් ඇලෝසියස් මට සල්ලි දුන්නා – ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

(20.11.2017 – 19:19 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරත් පෙන්වා දුන්නේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇත්තේ තොරතුරු ලබා ගැනීම මත නොව එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම මඟින් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු අනාවරණය වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන මඟින් ද නැතහොත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකථනය මඟින්ද යන්න පිළිබඳ පැහැදිලි කළ යුතු බවයි.

මේ අතර මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන සබඳතා අනාවරණය වීම මඟින් මන්ත්‍රීවරුන්ගේ කිසිඳු වරප්‍රසාදයක් බිදවැටී නොමැති බවයි.

කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ රහසිගත ලෙස සවන්දීමෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ බවයි ෴

****************************************

ඇමති චම්පිකගේ UDA අමුතු ක‍්‍රමයකට ලාභ ලබයි.. වසර 3 ටම ලාභය මි. 2531 යි.. ආයෝජනය මි. 17,555 යි.. ඉතිරියි මිලියන 15,000 කාගේද ?
(21.11.2017 – 00:12 +0530 – lankacnews.com)

20 වෙනිදා ලංකාදීප පුවත්පතේ සම්පූර්ණ පිටුවක් පුරවා වෙළෙඳ දැන්විමක් පල කොට ඇත. ඒ නාගරික සංවර්ධන අධිකාරිය හා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගිනි. “පොදුජන මෙහෙවර ඉටුකල දෙවසර” ලෙස එම වෙළෙඳ දැන්විම නම් කොට ඇත, එහි සඳහන් වනුයේ” රාජ්‍ය ආයතනයක් ලෙස වැටුප් හා නඩත්තු සඳහා භාණ්ඩාගාරයට බරක් නොවෙමින් සංවර්ධන කටයුතුවලට වැයබර දරමින් ලාභ උපයන ආයතනයක් බවට නාගරික සංවර්ධන අධිකාරිය පත් කරන්නට අපට හැකිවිය” යන්නය.

මෙහිදී අපි යනු මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා චම්පික රණවක මහතා ලේකම් නිහාල් රූපසිංහ මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරින් විය හැකිය.

එහෙත් මෙහි පුදුමය උපදවන කරුණ වනුයේ අමාත්‍යවරයාගේ කාලය අවුරුදු 2 ක් සේ එහි සඳහන් වේ, ඒ 2016 සහ 2017 ලෙසයි. එහෙත් යහපාලන ආණ්ඩුවේ සම්පූර්ණ වසර 3 හි ආදායම් ලෙස එකතුව රුපියල් මිලියන 9371 කි, වියදම් එම කාලය සඳහා රුපියල් මිලියන 6900 කි, ලාභය එම අවුරුදු 3 සඳහාම රුපියල් මිලියන 2531 කි.

එහෙත් අමාත්‍යවරයා කියා සිටින්නේ මහා භාණ්ඩාගාරයෙන් කිසිම මුදලක් ලබා නොගෙන මිලියන 17,555,52 ආයෝජනය පසුගිය වසර දෙක තුල සිදු කලා යන්නයි. එසේ නම් එම දැන්වීමේ සඳහන් ආකරයට යහපාලන වසර 3 තුල ලාභය මිලියන 2531 කි. ඉතිරි මිලියන 15,024,52 කාගේ සල්ලි ද?

දැන්විම හරහා අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මහින්ද රාජපක්ෂ යුගයේ ආයතනය තුල ඉතිරිකර ගිය මුදල වන ඉහත මිලියන 15,024,52 ගැන සැගවීමට උත්සහ දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ වසර 9 ට රුපියල් මිලියන 15000 ක් ලාභය ඉතිරිකොට ගොස් ඇත්තේ කොළඹ නගරය පමණක් නොව කෝට්ටේ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම නාගරික සංවර්ධන කිසිදා නොවු විරු ලෙස සිදු කරමිනි. එමෙන්ම එම ලාභය නාගරික සංවර්ධන අධිකාරිය උපයාගත්තේ රටේ යුද්ධයක් පැවති සමයේ දි වීම මෙහි තවත් විශේෂත්වයකි.

ඒ අනුව රාජපක්ෂ යුගයේ වසරකට රුපියල් මිලියන 1669 බැගින් වසර 9 ට මිලියන 15000 ක අධිකාරිය ලාභයක් උපයා ඇත. එහෙත් පිටුවක් පුරා දැන්විමක් පලකොට ලෝකයට කියා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ වසරකට මිලියන 843 බැගින් වසර 3 සඳහා මිලියන 2531 ක් ලාබ ලැබු බවයි. එනම් එය හරියටම රාජපක්ෂ යුගයේ ලැබු ලාභයෙන් හරි අඩකි. ඇත්තවශයෙන්ම මේ ගැන පිටු ගනන් දැන්වීම් දමා ජනතාව ගොනාට ඇන්දවිම නොකොට මෙසේ ලාභය අඩුවිම ගැනත් එදා නාගරික සංවර්ධන අධිකාරිය හරහා කල සේවය වර්තමානයේ කිරිමට නොහැකි වීම ගැනත් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුය.

– අන්තර්ජාලයෙනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • These buggers Kiriella has no shame. So MPs can use their privileges to betray the trust placed on them and carry out criminal activities. Basket, get lost kiriella, you think people have sent you to sit in the parliament to work against the people. If we could have a Bastille day, people would not have spared you for the rubbish that you utter under the cloak of a parliamentarian while your inside is nothing but a crooks

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *