ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ..

(21.11.2017 – 03:26 +0530 – lankacnews.com)

පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ ගැටුම්කාරී සිද්ධිය ඇති කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරයකු යයි හෙලිව ඇත.

දකුනේ උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති ධුරය සදහා තරග වැදීමට අදාල මන්ත‍්‍රීවරයා අපේක්‍ෂාවෙන් සිටි බවයි.

මෙම ගැටුම්කාරී තත්වය නිර්මාණය කර ඇත්තේ රිය අනතුරක් මූලික කරගනිමින් සිය ආධාරකරුවන් හරහා බවද හෙලිව ඇත.

ගිංතොට නිවාස හා වෙළදසැල්වලට ඉකුත් 16-17 දෙදින තුලදී පහර දීම සදහා මෙම පුද්ගලයා සෘජුව සම්බන්ධ වී ඇතැයිද තොරතුරු තිබූ හෙයින් මේ වන විට ඔහු අත්අඩංගුවට ගත් බවද එම පොලිස් නිලධාරියා කියයි.

මොහොමඩ් කීයාස් නම් හිටපු එජාප මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත ෴

++++++++++++++++++++++++++++

ගිංතොටදී පොලිසියත් අසමත් – පොලිස්පති
(20.11.2017 – 17:59 +0530 – lankadeepa.lk)

ගිංතොට සිද්ධියේ දී පොලිසියත් ගම්වැසියනුත් අසමත්ව ඇතැයි ද වළක්වාගත හැකිව තිබූ ගැටුමක් වළක්වා ගත නොහැකි වීමෙන් ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්වී ඇතැයි ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) ගාල්ල නගර සභා ශාලවේ දී ගිංතොට ගැටුම සිදුවූ ගම්මානවල ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා පැවැති රැස්වීමේ දී අදහස් දක්වමිනි.

පොලිස්පතිවරයා කියා සිටියේ මේ ගැටුමේ දී සමස්ථ සිද්ධීන් 116 ක් වාර්තා වී ඇති බවයි. ඉන් නිවාසවලට හානි වූ සිද්ධි 74 ක් වාර්තාවන බව ද ඔහු කීවේය. ඊට අමතරව වෙළෙඳ සැල් 16 ට අලාභ හානි සිදුව ඇති බවත් ත්‍රී රෝද රථ හයක් ලොරියක්, වෑන් රථයක් හා යතුරුපැදි තුනක් හානියට පත්ව ඇති බවත් දේපළ සොරකම් කිරීම් අටක් වාර්තාවන බවත් පොලිස්පතිවරයා කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *