ලක්ෂ ගණන් වටින පක්ෂීන් සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක් තංගල්ලේදී වටලයි

(19.11.2017 – newsfirst.lk/sinhala)

පෞද්ගලික කුරුළු උයන්වල සහ නිවාසවල ඇති කරනු ලබන ඉතා වටිනා පක්ෂීන් සොරකම් කොට අලෙවි කිරීමේ ජාවාරමක් හසුකර ගැනීමට තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූහ.

පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

ඒ, සමග සොරකම් කරන ලද පක්ෂීන් 23 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.

එම පක්ෂීන්ගේ වටිනාකාම ලක්ෂ 50 කට ආසන්න බව පොලීසිය පවසයි.

සැකකරුවන් සමග මෝටර් රථයක් ද සොයාගෙන ඇති අතර එය ව්‍යාජ අංක තහඩු යොදා සොරා ගන්නා ලද මෝටර් රථයක් බව පොලීසිය සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *