පෘථිවියේ දවසක කාලය අඩුවෙලා – 2018 සමකයට ආසන්න ප්‍රදේශවල දරුණු භූමි කම්පා – ඇමෙරිකාවේ භූ විද්‍යාඥයින් කියයි

(21.11.2017 – 16:23 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වී ඇති බවත් ඒ නිසා 2018 වර්ශයේ විශාල වශයෙන් භූමි කම්පා සිදුවිය හැකි බවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයන්ගේ සංමයේ වාර්ෂික වාර්ථාවෙන් පෙන්වා දී ඇත.

කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් බිල්හැම් සහ පැන්ට්‍රික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෙබෙකා විසින් ඇමෙරිකානු භූ විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික රැස්වීමේදී මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

පෘථිවියේ භ්‍රමන වේගය හා භූ කම්පන අතර සෘජු අන්තර් සම්බන්ධතාවක් ඇති බව පෙන්වා දෙන මේ පර්යේෂකයින් පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වූ විට භූමි කම්පා වැඩිවන බව ද කියයි.

මේ වන විට පෘථිවියේ භ්‍රමණ වේගය තරමක් අඩු වී ඇති නිසා පෘථිවියේ දිනක කාලය මිලී තත්තපරයකින් අඩු වී ඇති බවද මෙම අඩුවීම බලා ගත හැක්කේ පරමාණුක ඔරෙලෝසු වලින් පමණක් බවද කියයි.

මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි භ්‍රමන වේගය අඩු වීම නිසා පෘථිවියෙහි අභ්‍යන්තරයේ දැවැන්ත බලශක්තියක් නිර්මාණය වී භූ කම්පන ඇති වේ.

මේ අනුව 2018 දී පෘථිවියේ විශාල වශයෙන් භූමිකම්පා ඇති විය හැකි අතර එය දරුණු භූමිකම්ප 20 ක් දක්වා ඉහළ යා හැකිය.

මෙම භූමිකම්පා පෘථිවියේ කුමණ කුමන ප්‍රදේශවල ඇති වේදැයි පුරෝකතනය කළ නොහැකි අතර සමකයට ආසන්න ප්‍රදේශවල මේ තත්ත්වය බහුල විය හැක.

1900 සිට මේ දක්වා සිදු වූ රික්ටර් පරිමාණාංක 7 ට වඩා වැඩි භූ චලන පිළිබඳ කළ සමීක්ෂණ වලදී හඳුනාගත් කාල සීමා 5ක් තුළ පමණක් අවුරුද්දකට භූ චලන 25 සිට 30 දක්වා භූ කම්පන සිදු වී ඇත.

මීට අමතරව වසරේ අනෙක් කාල සීමාව තුළ වසරකට භූමිකම්පා 15 ක් පමණ සිදුවේ.

මෙම වසරේ දී පමණක් රික්ටර් පරිමාණයේ 7 ට වැඩි භූමිකම්පා 6 ක් පමණ වී ඇති බවද මොවුන් සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත ෴

****************************************

ගාමිණී සෙනරත්ට එරෙහි චෝදනා හෙළිවී නැති බව කොටුව මහේස්ත්‍රාත් කියයි
(21.11.2017 – 12:06 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහිව ඇති චෝදනා පොදු දේපල පනත යටතේ අනාවරණය වී නොමැති බවත්, එකී තොරතුරු මඟින් සාපරාධී විශ්වාසය කැඩූ බවට ද අනාවරණය වී නොමැති බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කර තිබේ.

අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) විභාගයට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඔවුන් ඇප මත නිදහස් කිරීමට අද දිනයේ නියෝග කළ අතර එහිදී ඔවුන්ට රුපියල් 50,000 ක බැඟින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැඟින් නියම කරමින් ඇප ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එමෙන්ම පළමු සැකකරුවන ගාමිණී සෙනරත් මහතාට හා දෙවන සැකකරුවන පියදාස කුඩාගාල්ලගේ මහතාට විදේශ ගත වීමේ වළකාලමින් නියෝග නිකුත් කර ඇති අතර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රද යළි අධිකරණයට බාර දීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි ෴

***************************************

අද හෙටම ගෝඨා ඇතුළට – දේශපාලන ආරංචි මාර්ග කියයි
(21.11.2017 – 11:04 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රුපියල් මිලියන 90ක පාඩුවක් රජයට කැළැයි යන චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කිරීමට යන බව පැවැසේ.

ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 90 ක මුදලක් අවභාවිතා කර ඇතැයි ලැබුනු පැමිනිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කීප දෙනකුගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණි.

අඩු වියදමකින් ඉදිරිකිරීම් අවසන් කිරීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇති බවත් එය මුදල් අවභාවිතයක් ලෙස මෙම ආණ්ඩුව දකිනා බවත් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.

නීතිපතිවරයාද මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දී ඇති බව ආරංචි මාර්ග කියයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *