බොදුබල සේනාව සර්වපාක්ෂික කමිටුවක් ඉල්ලයි

(21.11.2017 – 18:59 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික කමිටුවක් කැඳවන ලෙස බොදුබල සේනා සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන අපට දැන ගන්නට ලැබිලා තියෙනවා. ඒවා පිටුපස ඉන්න දේශපාලන හස්තයන් පිළිබදත් යම් අවබෝධයක් අපි ලබාගෙන තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා අපි දන්නාවූ සත්‍ය තොරතුරුල රට පුරාම සිදු වෙමින් තිබෙන මේ සැහැසිකම් විවෘතව සාකච්ඡා කිරීම සදහා කමිටුවක් පත් කරන්න කියලා අපි යෝජනා කරනවා ආණ්ඩුවට. තර්ඩ් ක්ලාස් දේශපාලනයක යෙදෙන බහුතරයක් ඉන්න රටකයි අපි මේ අරගලය කරන්නේ. සාකච්ඡා එමටයි සංවාද, අර පුරවැසිබලය තක්කඩියොයි, එන්.ජී.ඕ බත්බැලයොයි, මහදැන මුත්තොයි, මහ රොත්තක් ඉන්නවානේ මේකේ. ඒ නිසා මේ සාකච්ඡා කරන්න පුළුවන් දැන උගත් රාජ්‍යතාන්ත්‍රික භාවයක් ඇති සර්ව පාක්ෂික කමිටුවක් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපිට පුළුවනි අපි සතුව තියෙන තොරතුරු සාක්ෂි සාධක සහිතව දෙන්න උඹලා දැන් වැඩපිළිවෙළක් හදපල්ලා කියන්න.’’

***********************************

ගව ඝාතකාගාරයක් වටලා මාවනැල්ල පොලිසියට ගෙනා එළදෙන පැටවෙකු බිහිකරයි
(21.11.2017 – 18:05 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල, දනාගම ප්‍රදේශයේ ගව ඝාතකාගාරයකදී, මරණයට කැපවී සිට මුදාගන්නා ලද එළදෙනක් මාවනැල්ල පොලිස් ස්ථානයේදී පැටවෙකු ප්‍රසූත කර තිබෙනවා.

අද (21) පෙරවරු 11.30 ට පමණ මෙලොව එළිය දුටු පැටවා සුවෙන් පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් කුමාරගේ උපදෙස් මත පැටවා බිහිකිරීම සඳහා අවශ්‍ය පහසුකම් පොලිස් නිළධාරීන් සපයා තිබූ අතර පශු වෛද්‍ය නිළධාරීන්ද පොලිස් ස්ථානයට කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

නීති විරෝධි ලෙස ඝාතනය කිරීමට සූදානම් කර තිබූ මෙම ගැබ්බර එළදෙන සහ තවත් එළදෙනුන් 5 දෙනෙකුද මී ගවයින් දෙදෙනෙකුද මරණයෙන් මුදවා ගැනීමට මාවනැල්ල පොලිසිය පසුගිය 7 වනදා සමත් වුණා.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝගය මතයි එම සත්වයන් පොලිස් භූමියේ මෙලෙස රඳවා තබාගැනුණේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *