සෙනසුරාදා (25.11.2017) කොළඹ ඇතුළු නගර රැසකට ජලය කැපේ

(22.11.2017 – nethnews.lk)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (25) උදෑසන 8.00 සිට පසුදා (26) අලුයම 2.00 දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටවෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස මෙලෙස ජල කප්පාදුවට ලක්වනවා ෴

****************************************

හෙද වර්ජකයින් මහනුවර රෝහලට ආ මාරාන්තික රෝගීන්ට කළ කැත වැඩේ
(22.11.2017 – nethnews.lk)

වර්ජනයකදි මෙතෙක් කවරදාකවත් සිදු නොවු ඉතා කනගාටුදායක තත්වයක් අද (22) දින මහනුවර මහ රෝහලේ පැවති සෞඛ්‍ය වර්ජනයේදි දක්නට ලැබුණ බව නෙත් නිව්ස් වාර්තාකරු පවසනවා.

මරණය පෙනි පෙනි සිටින වකුගඩු රෝගින්ට තම අත්‍යවශ්‍යවන ප‍්‍රතිකාර කිරිම පවා අද දින නොකිරිම නිසා රෝගීන් දැඩි අපහසුතාවයටපත් ව සිටින අයුරු දක්නට ලැබුණා. රෝගීන් ලේ පිරිසිදුකර ගැනිම සදහා ඉතාදුර බැහැර විල්ගමුව හෙටිටිපොල අරනායක වැනි දුරබැහර ප‍්‍රදේශවල සිට නියමිත වෙලාවට පැමිණ සිටියත් කාර්ය මණ්ඩලය නොමැති විමෙන් ඔවුන්ට ප‍්‍රතිකාර ලබා ගැනිමට නොහැකි විමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියා.

මෙම රෝගීන් තමන්ට කිසියම් අවස්ථාවක හෝ ප‍්‍රතිකාරයක් ලැබේයැයි බලාපොරොත්තුවෙන් සිටියේ නිවෙස්වලටගොස් නැවත පැමිණිමට තවත් මුදලක් වැය කිරිමට නොමැති බව පවසමින්. මුදල් ඇති අය පුද්ගලික රෝහල වෙත ගිය බවත් අසරණ තමන්ට එවැනි ශක්තියක් නොමැති කමින්සේ මෙසේ රැඳී සිටින බවයි ඔවුන් පැවසුවේ.

මෙම තත්වය ඉතාමත්ම කනගාටුදායක තත්වයක් බව හා මෙම තත්වයම වකුගඩු ඒකකය තුල මෙන්ම පිළිකා ඒකකයේ ද දක්න ලැබුනු බවත් එය ඉතාමත්ම කනගාටුදායක බව මෙි පිලිබදච විමසා සිටිමෙිදි මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන සඳහන් කළා.

සේවයට පැමිණි සිටි පිරිස සහභාගිකර ගනිමින් හදිසි ප‍්‍රතිකාරකටයුතු සිදු කළ බව ද ඔහු සඳහන් කළා. මෙම ස්ථානයට ගිය අපහට ද දක්නට ලැබුනේ එම ඒකකය භාර හෙදි සොහොයුරිය මහත් කැපවිමෙන් අසරණ රෝගින් වෙනුවෙන් කැපවි කටයුතු කරන අයුරුය.





********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *