සාමාන්‍ය පෙළ සිසුන්ට කඩිනමින් හැඳුනුම්පත් දෙන්න විශේෂ දවසක්

(22.11.2017 – nethnews.lk)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳනුම්පත් ලබා දීමේ විශේෂ සේවාවක් ලබන 25 වනදා ක‍්‍රියාත්මකයි. එදින උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේදී මෙම සේවාව ක්‍රියාත්මක බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ වනවිට ඉල්ලූම් පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් තැපැල් කරමින් පවතින බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

දෙමව්පියන් සොයා විදෙස් රටවල සිට පැමිණෙන දරුවන්ට පණිවුඩයක්
(22.11.2017 – nethnews.lk)

දෙමාපියන් සොයා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකික දරුවන් 4000 ක් පමණ මේ වන විට නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල වෙසෙන බවත්, ඔවුන්ට දෙමාපියන් සොයාගැනීමට සහයෝගය ලබාදෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස් රූපවාහිනී නාලිකාවට පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපතිනී Joanne Dornewaard සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර හමුවක් ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මීට මාස 02 කට පමණ පෙර නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවකට ලබාදුන් ඉහත ප්‍රකාශය පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ශ්‍රී ලාංකික දරුවන්ට දෙමාපියන් සොයාගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග සම්බන්ධව DNA පරික්ෂණයක් සිදු කිරීමට අවස්ථාව සළසා දෙන බවයි.

ඒ සදහා පළමුව දරුවන් පිළිබද දත්ත ගබඩාවක් සකස් කර ප්‍රචාරණ වැඩපිළිවෙළකින් අනතුරුව DNA පරික්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු විදේශීයව වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් දත්ත ගබඩාවක් ද සකස් කර තිබෙනවා.

එම දත්ත ගබඩාව සකස් කළ දරුවන් දෙදෙනෙකු ද නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඊයේ දහවල් සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *