පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව තවත් වවුචරයක්

(23.11.2017 – 20:40 +0530 – sinhala.adaderana.lk)

පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල දරුවන් තුන් ලක්‍ෂයකට පමණ පාවහන් මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

නිල ඇඳුම් සහ පාවහන් වවුචර්පත් ලක්‍ෂ හතළිස්‌ පහක්‌ පමණ මුද්‍රණය කෙරෙන අතර දැනට පවතින තත්ත්වය මත එම වවුචර්පත් පාසල් නිවාඩුවට පෙර සිසුන් අතට පත්කළ හැකිද යන්න ගැටලුවක්‌ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 15 වැනිදා වන විට සියලුම වවුචර්පත් මුද්‍රණය කර දෙන බවට රජයේ මුද්‍රණාලය කලින් ප්‍රකාශ කර තිබුනත් ඉන් පසු එම දිනය (20) දින දක්‌වා දීර්ඝ කර ගත් බව වාර්තා වේ.

සියලුම වවුචර්පත් ඉදිරි සතිය ඇතුළත නොලැබුණහොත් නිවාඩුවට පෙර වවුචර්පත් සිසුන් අතට පත්කිරීමට නොහැකි වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

2017 දුම්වැටි නිවාරණ සම්මානය ශ්‍රී ලංකාවට
(23.11.2017 – 19:39 +0530 – sinhala.adaderana.lk)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2017 දුම්වැටි නිවාරණ සම්මානය මෙරට දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට පිරිනමා තිබේ.

අද පෙරවරුවේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත අදාළ සම්මානය පිරිනැමුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

එම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්රංපාල් සිං මහත්මිය ද සහභාගී වී තිබේ.

මෙම සම්මානය ශ්‍රී ලංකාවේ සංවිධානයකට හිමිවූ පළමු අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *