කොන්ඩම් (උපත් පාලන කොපු) දෙන මැෂිමක් කොළඹ

(23.11.2017 – 16:55 +0530 – sinhala.adaderana.lk)

උපත් පාලන කොපු පහසුවෙන් ලබා ගැනීමට හැකි යන්ත්‍ර ශ්‍රී ලංකාවේ සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි පළමු පියවර වශයෙන් කොළඹ බුලර්ස් පටුමග අසළ මෙම යන්ත්‍රයක් සවිකර ඇති අතර ඉදිරියේදී තවත් ස්ථාන රැසක එම යන්ත්‍ර සවි කිරීමට නියමිතය.

තමන්ගේ දුරකථන අංකය ඇතුළත් කිරීමෙන් පසුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුළත් කිරීමෙන් මෙම යන්ත්‍රය මඟින් උපත් පාලන කොපු ලබා ගැනීමට හැකිවන බව සඳහන්ය.

එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිළට රුපියල් 50 ක් එක් වන අතර මාසික දුරකථන බිල්පතේ එය මිලදී ගත් භාණ්ඩය හෝ අදාළ කරුණ සඳහන් නොකර දක්වා ඇති බව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්‍රකාශ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *