මායිම් ලකුණු කරන්න ඇමරිකාවට කොන්ත‍්‍රාත්තු දුන්නැයි චෝදනාවක්

(24.11.2017 – 22:59 +0530 – sinhala.adaderana.lk)

රජයේ ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකාවට ලබාදීමට රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධය දක්වයි.

එමෙන්ම නොවැම්බර් 30 දිනට පෙර අදාළ කැබිනට් පත‍්‍රිකාව හකුලා නොගත හොත් දැඩි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය කියයි.

අද (24) දින දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි සභාපති දුමිදු උඩගොඩ මහතා මේ බව පැවසීය.

මිනින්දෝරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ඉඩම් මැනීම් කිරීම් සිතියම් ගත කිරීම ආදී සියලු තත්ත්වයන් ඒකරාශි කිරීම සඳහා ඇමරිකාවේ පිහිටි (Trimble Inc.) නම් සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි.

මේ සඳහා ඇමරිකාව ශ‍්‍රී ලංකා රජයට ණය මුදලක් ලබා දී එම මුදලින් ඇමරිකානු නියෝජිතයෝ පැමිණ ශ‍්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප‍්‍රශ්නයක් බව පෙන්වා දුන්නේය ෴

************************************

පෙත්සම වහා හකුළා ගනු – ටිල්වින් සිල්වා
(24.11.2017 – lankatruth.com)

මැතිවරණය කල්දමා ගැනීම සඳහා ශ්‍රීලනිපයේ මැදිහත්වීමෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම වහා ඉල්ලා අස්කරගෙන ඉක්මණින් ඡන්දය පැවැත්වීම සඳහා ආණ්ඩුවට බල කර සිටින බව ජනතා විමුක්ති පෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අද (24) දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල යන මහත්වරුද එක්වී සිටියහ.

“අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අධිකරණ වාරණයෙන් වාරණය වී ඇත්තේ පළාත් පාලන ආයතන 200කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඊට අයත් නොවන තවත් පළාත් පාලන ආයතන 100 කට වැඩි ප්‍රමාණයක මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙනවා. එසේ යම් ආයතන ප්‍රමාණයක මැතිවරණය පැවැත්විය හැකි බැවින් ශ්‍රීලනිපයේ උත්සහය ප්‍රතිඵලදායක නැහැ. අපි අනිවාර්යයෙන්ම ඡන්දය දිනාගන්න ඕන‍ෑ. ඡන්දය පැවැත්වීමට ඇති අවස්ථාව අහිමි කරමින් මේ ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්.” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think President MS will have a lot of explaining to do. joining up with a lot of jackals in the pretence of Yaha palanaya. What the jackals did was to indulge In a much greater robbery of the national assets than all what the MR rabble were robbing for 10-years. The mega bank scam may be greatest bank robbery ever done in the world, and who were involved in it, the PM, finance minster, scores of UNP MPs, uncle and son in law for the daughter mafia gang, scores of top level government managers and executives and their acolytes. All going scot free instead of serving life sentences in a dungeon and confiscating of their worldwide assets. I hope the public will throw this scum out if The President did not take action to correct this mega betrayal of the nation.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *