පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට (විඩියෝ)

• ලංකාවේ පළමු වතාවට වතුරේ ඉපදුන පුංචි බිළිඳා

• තවත් ආසාදිතයින් 14 ක් – සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි (විඩියෝ)

• ඇඳිරි නීති කාලය තුළ පොළොන්නරුවේ ‍නීති විරෝධි මත්පැන් සමඟ පුද්ගලයින් 180 ක් අත්අඩංගුවට (විඩියෝ)

• එළවලු-පළතුරු සහ මාළු මිලදී ගෙන නිවෙස් වෙතට ගෙන යාම අඛණ්ඩව (විඩියෝ)

• විගමණික ශ්‍රමිකයින් ගැන තොරතුරු ලබාගන්න පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංකයක් (විඩියෝ)

• නිවසට පමණක් සීමා වුණු මෙවර අලුත් අවුරුද්ද (විඩියෝ)

• දඬුවමට වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි

• පැය 24 ක විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 1001 ක් අත්අඩංගුවට (විඩියෝ)

• කොරෝනා ආසාදිත වරකාපොළ කාන්තාව ඇසුරු කළ 11 ක් ස්වයං නිරෝධායනයට (විඩියෝ)

• අටුළුගම තවදුරටත් පොලිස් අධික්ෂණය යටතේ

• ගොවීන්ගේ එළවළු හා පලතුරු මිල දී ගැනීමේ දෙවැනි අදියර අද (15) සහ හෙට (16)

• කොරෝනා ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසුකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි (විඩියෝ)

• ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2 කට ආසන්න වෙයි – ඇමරිකාවේ නව මරණ 2335 ක්

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

(14.04.2020 – 20:42 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් (02) අද (14) රාත්‍රී 07 ට පමණ පුත්තලමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

2019.04.21 වන දින පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන මෙහෙයවන ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් මඟින් මෙම පුද්ගලයින් දෙදෙනා (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අංක 111, 10 වන පටුමඟ, මරික්කාර් මාවත පුත්තලම යන ලිපිනයේ පදිංචි 41 හැවිරිදි පනියුදීන් මෙහොමඩ් රියාජ් බදියුදීන් නැමැත්තෙකි. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන්ගේ සහෝදරයෙකි.

අනෙක් පුද්ගලයා අංක 2, 3 වන පටුමඟ, නිව් සෙට්ල්මන් පාර, පුත්තලම යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු අයෙකි.

ඔහු සම්බන්ධයෙන් ‍තව දුරටත් විමර්ශන සිදු කරනු ලබන බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම මඟින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

ලංකාවේ පළමු වතාවට වතුරේ ඉපදුන පුංචි බිළිඳා

(14.04.2020 – 18:40 +0530 – truenews.lk)

මව් පදවිය කියන්නේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම පදවිය කිව්වොත් හරි. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන විවාහ දිවියට පිවිසෙන යුවළකගේ මීළඟ උතුම්ම බලාපොරොත්තුව වෙන්නේ ඉක්මනටම දෙමව්පියන් වෙන එක. මොකද දරුවෙක් කියන්නේ පවුලකට ආශීර්වාදයක් නිසා.

දරු ප්‍රසූතියක් ඇත්තටම මවකට ටිකක් වේදනාකාරී අත්දැකීමක් බව ඔබ දන්නවා. මවක් වෙන එක එතරම්ම උතුම් දෙයක් විදිහට පිළිගැනෙන්නෙත් ඒ නිසාමයි.

සාමාන්‍යයෙන් පවුලේ පළමු දරුවා කියන්නේ දෙමව්පියන්ගේ ටිකක් විශේෂ අවධානය ගන්න දරුවෙක්. මොකද මේ අත්දැකීම දෙමාපියන්ට කුලුඳුලේම ලැබෙන්නේ පළමුවෙනි දරුවාගෙන් නිසා.

දරු උපත් ගැන කතා කරද්දී ඔබට කියන්න ටිකක් විශේෂ විදිහේ කතාවක් තියනවා. ඒ තමයි පහුගිය දවසක ලංකාවේ සිදුවුණ ටිකක් වෙනස් විදිහේ දරු ප්‍රසූතියක් ගැන.

සාමාන්‍යයෙන් මේ අත්දැකීම අපේ රටට අලුත් වුණත් වෙනත් රටවලනම් මේ වෙද්දී සුලබ දෙයක්. මේකට කියන්නේ වෝටර් බර්ත් (Water Birth) කියලා. නම කියපු සැණින් මතකයට එන විදිහේ ‘වෝටර් බර්ත්’ අත්දැකීම්වලට සම්බන්ධ පින්තූර දැන් ඔබේ හිතට එන්න ඇති. මොකද පහුගිය කාලේ වෙනත් රටවල සිදුවුණ මේ ‘වෝටර් බර්ත්’ ප්‍රසූතිවලට අදාළ පින්තූර ගොඩක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුනා.

ඉතින් දැනගන්න ලැබෙන විදිහට මේක තමයි ලංකාව ඇතුළේ සිද්ධවුණ පලමුවෙනි ‘වෝටර් බර්ත්’ අත්දැකීම. ඉතින් මේ වාසනාවන්ත දෙමව්පියන් බවට පත්වුණේ මෙවන් පීරිස් මහතා සහ ක්ෂනිකා රූපසිංහ මහත්මිය යි. දෙමව්පියන් විදිහට මේ ඔවුන්ගේ පළමුවැනි අත්දැකීම සහ ඔවුන්ගේ පවුලට එකතු වුන මේ වාසනාවන්ත සාමාජිකයා පුතෙක්. මේ ‘වෝටර් බර්ත්’ එක සිද්ධවෙලා තිබුනේ කොළඹ Ninewells Hospital එකේ.

මේ වාසනාවන්ත දරු උපතෙන් පස්සේ දරුවාගේ තාත්තා මෙවන් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ හරිම සංවේදී සටහනක් දාන්නත් අමතක කරලා තිබුනේ නෑ. තමන්ගේ බිරිඳ තමයි මේ ලෝකේ ඉන්නේ ශක්වන්තම ගැහැණිය කියලා මෙවන් එතැනදී කියනවා. මොකද මේ අම්මා තමන්ගේ කුළුඳුල් දරු උපතට මුහුණ දීලා තිබුණේ වේදනා නාශයක් හෝ ඖෂධයක් භාවිතා නොකරයි. ඒ වගේම මේ විදහට හැබෑ වුණේ තමන්ගේ බිරිඳගේ හිතේ කාලයක් තිස්සේ තිබුණ ආසාවක් කියලත් මෙවන් කියලා තිබුණා.

කොහොම වුනත් මේ පුංචි පැටියාගේ තාත්තා මෙවන් පීරිස් කියන්නේ ඔබට හොඳට අහලා පුරුදු මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙන චරිතයක් කියන එකත් මතක් කරන්න ඕන. ඔහු තමයි PickMe Foods ආයතනයේ මෙහෙයුම් ප්‍රධානියා. මේ දවස්වල ඔබට නිතර රූපවාහිනියෙන් මුණගැහෙන චරිතයක්.

ලංකාවේ විතරක් නෙමෙයි අන්තර්ජාතික වශයෙනුත් ඔහු ඇගයීම්වලට ලක්වුණ කෙනෙක්. ලෝක ප්‍රසිද්ධ Forbes සඟරාවේ 2020 අවුරුද්දේ ආසියාවේ අවුරුදු 30 න් පහළ පුද්ගල ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වෙන්නේ පාරිභෝගික තාක්ෂණ කාණ්ඩය අංශය නියෝජනය කරමින් මුළු ලංකාවටම කීර්තියක් ගෙන එන අතරෙයි.

From : mevan.peiris FB
.
Mevan Peiris is with Kshanika Rupesinghe at Ninewells Hospital.
April 13 at 12:23 PM · Colombo ·
.
Strength of a Woman
.
(The longer more interesting story is saved for another time)
.
At 1 am on Good Friday Kshani’s water broke. The baby was 36w + 6d.
.
15 hours later and after 10 hours of Labour, Kshanika birthed our Son into water and into this world.
.
From what we’ve been told this is Sri Lanka’s first recorded water birth in a hospital (?).
.
This was a pure miracle to us (when you know the long version of the story you will agree), that could’ve only been possible by the direct intervention and Grace of God.
.
Thank you to Dr. Probhodana Ranaweera for believing in Kshanika and agreeing to make her dream of a water birth come true.
.
To Mrs. Rennie Boreham (midwife from UK), who empowered and guided Kshani during the entire birthing process.
.
And to all the staff and management of Ninewells Hospital for supporting us.
.
And finally to the Superstar new Ammi, who was brave enough to dive into uncharted waters (literally), who went through the entire birthing process un-medicated (no pain killers, no drugs, no gas, no antibiotics) and un-assisted (apart from verbal instructions by mid-wife and cheering from me!)
.
In all my life – being a military cadet in school and having seen so many other athletes with extraordinary displays of strength and endurance, I have never seen anything that even remotely compares to this physical and mental feat.
.
Baby and I are so proud of you Ammi, and glad that I’m married to the strongest woman I know.
.
This post is shared purely with the intention of empowering more women to believe in themselves, their bodies and their strength.
.
But also if you decide to do things differently for whatever reason – that is also perfectly ok. God has custom-made each one of us but what’s important to remember is, as the song goes:
.
“…So don’t you under estimate
The strength of a woman
The strength of a woman..”

***************************************

තවත් ආසාදිතයින් 14 ක් – සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

(14.04.2020 – 22:58 +0530 – sinhala.adaderana.lk)

අද (14) දිනයට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (14) දිනයට පමණක් රෝගීන් 15 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද (14) වන විට වෛරස ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරස ආසාදිත මරණ 07 ක් වාර්තා මේ වන විට වාර්තා වී ඇත.

පුද්ගලයින් 165 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගත කර තිබේ.

මේ අතර අවසන් වරට වාර්තා වු රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින්ම ඇසුරු කළ අය බවත් ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයෙකු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඉන් 8 දෙනෙකු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් වන අතර 4 දෙනෙක් මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

තවත් එක් අයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති කාලය තුළ පොළොන්නරුවේ ‍නීති විරෝධි මත්පැන් සමඟ පුද්ගලයින් 180 ක් අත්අඩංගුවට

(14.04.2020 – 22:10 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය කාලයේ දී සතුන් දඩයම් කිරිම සඳහා මෙරට නිෂ්පාදනය කල ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු සැකපිට පොළොන්නරුව කලහගල ප්‍රදේශයේ දී අද (14) සවස අත්අඩංගුවට ගෙන ඇති බව පොළොන්නරු පොලීසිය කියයි.

මීට අමතරව ඇඳිරි නීතිය කාලය තුළ පොළොන්නරුව බල ප්‍රදේශයේ නිති විරෝධි අරක්කු පෙරු පුද්ගලයන් 180 ක් ඇතුළු ගොඩා බැරල් 175 ක ප්‍රමාණයක් ගත වු දින කිහිපය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොළොන්නරුව මුලස්ථාන පොලිස් පරික්ෂක ඩී.ජී.එස්. සංජීව මහතා අපකල විමසිමකදි සඳහන් කළේය.

ග්‍රාමසේවා වසම් 58 ක් තුළ පොලීසිය විසින් සිදුකල වැටලිම්වලදි එලෙස අත්අඩංගුවට ගෙන තිඛෙන නීති විරෝධි අරක්කු බෝතල් 30,000 කට ආසන්න බවද පරික්ෂණ සිදුකරන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැරි අතර ඔවුන් අධිකරණ කටයුතු ආරම්භවන දිනයකදි ඊට ඉදිරිපත් කරන බවද පොලීසිය කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

එළවලු-පළතුරු සහ මාළු මිලදී ගෙන නිවෙස් වෙතට ගෙන යාම අඛණ්ඩව

(14.04.2020 – 21:44 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තියත් සමඟ අගතියට පත් ගොවීන්ට සාධාරණය ඉටුකිරීම සඳහා එළවලු, පළතුරු සහ මාළු රජය විසින් මිලදී ගෙන නිවෙස් වෙතට ගෙන යාම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වය රැසක් හරහා මිලදී ගැනීම අදත් (14) සිදුවුණි.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවීන්ගේ එළවළු සිවිල් ආරක්ෂක බලකාය විසින් ගොවිබිම් වෙතටම ගොස් මිලදී ගැනීම අද (14) දිනයේත් සිදු කෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

විගමණික ශ්‍රමිකයින් ගැන තොරතුරු ලබාගන්න පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංකයක්

(14.04.2020 – 20:07 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ඔවුන් මේ ඉල්ලීම සිදුකරන්නේ තමා පත්ව සිටින තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පැහැදිලි කරමින්.

කොවිඩ් නයින්ටීන් වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් වීමත් සමඟ ‍ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.

ඒ අනුව පසුගිය මාර්තු 19 වන දින සිට නැව් මගින් හෝ ගුවන් මගින් කිසිදු මගියකු රට තුළට ඇතුළු කරගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයද පියවර ගත්තේය.

මේ හේතුවෙන් විදෙස්ගතව සිටින තවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිට යළි ඒමට නොහැකිව එම රටවල රැඳී වී සිටියි.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාර්යාංශයේ කම්කරු සුභසාධක අරමුදලේ ප්‍රතිපාදන භාවිත කරමින් විදේශීක ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති බවයි.

එම විදේශ දූත මණ්ඩල අතරට අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුවද අයත් වෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 ම ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනීමට හැකියාව ඇති බවත් ඒ හරහා ඉදිරිපත් වන ගැටළුවලට අදාළ රටවල තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ හරහා විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

+++++++++++++++++++++++++++++++++++

නිවසට පමණක් සීමා වුණු මෙවර අලුත් අවුරුද්ද

(14.04.2020 – 19:58 +0530 – sinhala.adaderana.lk)

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ඊයේ (13) රාත්‍රියේ උදාවුණි.

පවතින වාතාවරණය හේතුවෙන් මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන් සමඟ නිවසට පමණක් සීමා කෙරුණි.

මෙවර අවුරුදු නැකුත් සීට්ටුවට අනුව ඊයේ (13) රාත්‍රි 8.23 ට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවුණි.

නමුත්, වෙනත් අවුරුදු වලදි මෙන් අවුරුදු උදාවත් සමග ඇසෙන රතිඤ්ඤා හඬ මෙවර ඇසුණේ නැහැ.

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග පවතින වාතාවරණය හමුවේ අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන් සමග නිවසට පමණක් සීමා කරන ලෙස රජය ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව පුණ්‍යකාලයේදීත් නිවසේ සිට ආගමික වත්පිළිවෙත් වල නිරතවීමට ජනතාව කටයුතු කර තිබුණි.

ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ ඊයේ (13) රාත්‍රි 10.05 ටයි.

වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත රාත්‍රි 10.43 ට යෙදී තිබුණි.

ඒ අනුව මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කෙරුණේ පවුලේ සාමාජිකයින් සමග පමණයි.

එමෙන්ම කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සති කිහිපයක් මුළුල්ලේ මත්පැන් අලෙවිසැල් වසාතැබීම නිසා මෙවර මතින් තොර අලුත් අවුරුද්දක් නිර්මාණය වී තිබූ අතර ඒ හේතුවෙන් වෙනත් අවුරුදු දිනවල වාර්තා වූ ගැටුම්ද ඊයේ (13) වාර්තා වූයේ නැහැ.

එමෙන්ම වෙනත් අවුරුදු කාලවලදී මෙන් මත්පැන් භාවිතය නිසා සිදුවන රිය අනතුරුද මෙවර වාර්තා වූයේ නැහැ.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහන් කළේ රතිඤ්ඤා අනතුරු කිසිවක් මෙවර වාර්තා නොවූ බවයි.

කෙසේවෙතත් අඬ දබර ඇතිවීමේ සිද්ධි 11 ක් සහ රිය අනතුරු 6 ක් සිදුව ඇති බවට වාර්තා වූ බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීම ඊයේ (13) පස්වරු 08:20 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.

ඒ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතාගේ සහභාගිත්වයෙන්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දඬුවමට වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි

(14.04.2020 – 19:55 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය ඊයේ (13) නිවේදනය කළේය.

ඇඳිරි නීතිය අතරතුර, බලපත්‍රයක් නොමැතිව මරදාන ඩාලි පාරේ ගමන් කළ සිව්දෙනෙකුට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දඬුවම් ලබා දී අවවාද කරන අයුරු පසුගියදා දෙරණ වාර්තා කළේය.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්ත සේවය කරන මෙම නිලධාරීන් දෙදෙනාට, අණට අකීකරු වීම හා අපකීර්තිදායක හැසිරීම යන චෝදනා එල්ල විය.

ඒ යටතේ ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවවයි පොලිස් මූලස්ථාන ඊයේ (13) නිවේදනයේ සඳහන් වන්නේ.

කෙසේ වෙතත් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

පැය 24 ක විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 1001 ක් අත්අඩංගුවට

(14.04.2020 – 19:48 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් සොයා පොලීසිය සිදුකළ පැය 24 ක විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයින් 1001 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතරින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම සහ නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනයට අදාළවයි.

දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 ක විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ඊයේ පස්වරු 6 සිට ආරම්භ කරනු ලැබුවේය.

ඒ අනුව ඇඳිරි නීති බලපත්‍ර රහිතව මාර්ගයේ ගමන් කිරීම, මත්පැන් ප්‍රවාහනය, නිකරුණේ මාර්ගයේ ගැවසීම, අත්‍යවශ්‍ය සේවා පුවරුව අවභාවිත කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1001 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම මෙහෙයුමේදී පොලිස් භාරයට ගැනුණු වාහන ගණන 215 ක්.

මේ අනුව ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 26,830 ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 6845 ක්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත වරකාපොළ කාන්තාව ඇසුරු කළ 11 ක් ස්වයං නිරෝධායනයට

(14.04.2020 – 19:44 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට මීට පෙර තහවුරු කර ගැණුනි.

පසුව ඔවුන් සමඟ සේවය කළ නිට්ටඹුව, රදාවඩුන්න ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකුද PCR පරික්ෂණයට ලක්කිරීම සඳහා ගම්පහ මූලික රෝහලට අද (14) රැගෙන යනු ලැබුවේය.

එමෙන්ම ගුවන්තොටුපලේ පවිත්‍රතා ආයතනයක සේවය කළ කොවිඩ් 19 ආසාදිත වරකාපොළ පදිංචි කාන්තාව ඇසුරු කළ තවත් පුද්ගලයින් 11 දෙනෙකුද රඹුක්කන පිහිටි ඔවුන්ගේ නිවෙස් තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි.

කෑගල්ල සහ රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් අද (14) ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් PCR පරික්ෂණය සඳහා අවශ්‍ය සෙම පටල ලබාගැනීම සිදුකරනු ලැබුවේය.

+++++++++++++++++++++++++++++++++++

අටුළුගම තවදුරටත් පොලිස් අධික්ෂණය යටතේ

(14.04.2020 – 19:41 +0530 – sinhala.adaderana.lk)

හුදෙකලා කර තිබූ එකම පවුලකින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් පස්දෙනෙකු (05) හඳුනා ගත් බණ්ඩාරගම අටුළුගම ගම්මානය හුදෙකලා කර තිබු ක්‍රියාවලිය අවසන් කෙරුණ ද තවදුරටත් පොලිස් අධික්ෂණය යටතේ එම ගම්මානය පවතියි.

පසුගිය මාර්තු මස 27 වනදා අටුළුගම ගම්මානය සම්පුර්ණයෙන් හුදෙකලා කිරිමට ලක් කළ අතර එම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20 දෙනෙකු පසුව බණ්ඩාරගම, අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

අනතුරුව නිරෝධායනය අවසන් කළ ඔවුන් වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරික්ෂණයෙන් අනාවරණ කරගත් අතර එ අනුව ඊයේ (13) දින 16 කට පසුව එම පුද්ගලයින් නිවෙස් වෙත පිටත් කර යැවිමට පියවර ගත්තේය ෴

+++++++++++++++++++++++++++++++++++

ගොවීන්ගේ එළවළු හා පලතුරු මිල දී ගැනීමේ දෙවැනි අදියර අද (15) සහ හෙට (16)

(15.04.2020 – 07:09 +0530 – sinhala.adaderana.lk)

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වු ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්ව සිදුකරන ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) ආරම්භ වෙයි.

මෙම වැඩසටහනේ දෙවන අදියර අද (15) සහ හෙට(16) යන දෙදින තුළ දි අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්රන කරගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රට තුළ පවත්නා ඇඳිරි නීති තත්වය හේතුවෙන් තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළුවට මුහුන දි සිටින ගොවින් වෙත සහනයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

එම වැඩසටහනේ පළමු අදියර පසුගිය 11 සහ 12 යන දෙදින තුළ පවත්වනු ලැබීය.

එහි දි එළවළු කිළෝ ග්‍රෑම් දස ලක්ෂයක් මිලදි ගෙන දිවයින පුරා බෙදාහැරීමේ ක්‍රියාන්විතය සාර්ථකව සිදුකළ බව අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වු ජනාධිපති කාර්යය සාධන බලකාය සඳහන් කළේය.

සෘජුවම ගොවීන් වෙත ගොස් අදාළ මිලදි ගැනීම් සිදුකරන බැවින් අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව විනිවිදභාවයකින් යුතුව මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බව එම බලකාය ප්‍රකාශ කළේය.

ගොවි ජනතාවට උපරිම සාධාරණය ඉටු වන පරිදි සියලු මිලදි ගැනීම් සිදුකරන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා එම කාර්යය සාධන බලකායට උපදෙස් ලබා දි ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසුකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

(15.04.2020 – 08:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙරට තුළ පර්යේෂණ සිදුකරන විශේෂඥයින් පවසන ආකාරයට මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසු කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (15) පෙරවරුවේ එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන නොගියහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවයි.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 233 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

ඊයේ (14) දිනයේ පමණක් නව රෝගීන් 15 දෙනෙකු සොයා ගනු ලැබූ අතර ඔවුන් බහුතරයක් නිරෝධායන මධ්‍යස්ථාවල රදවා සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2 කට ආසන්න වෙයි – ඇමරිකාවේ නව මරණ 2335 ක්

(15.04.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 19,95,205 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මිය ගිය සංඛ්‍යාව 1,26,518 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 4,67,226 ක්.

වැඩිම රෝගීන් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,11,745 ක්.

එරට මිය ගිය සංඛ්‍යාව 25,975 ක් වනවා. ගෙවුණු පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 2335 ක් වාර්තා වන අතර, එම කාලසීමාව තුළ නව ආසාදිතයින් 24,804 ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එය 1,74,060 ක්.

ඇමරිකාවට පසුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 21,064 ක්. බ්‍රිතාන්‍යයෙන් පසුගිය පැය 24 තුල නව මරණ 778 ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 12,107 ක් බවද විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 93,873 ක්.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර සැපයීම නතර කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය පරිපාලන නිලධාරීන්ට ඒ පිළිබදව දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය මූලික වගකීම් පැහැර හැර චීනයට පක්ෂපාති ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර කියා සිටියේ ඔවුන්ට ලබා දෙන ආධාර නතර කරන බවයි.

පසුගිය වසරේදී ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ආධාර ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *