ATM කාඩ්වලින් සල්ලි කොල්ල කෑ 2 ක් සොයා මෙහෙයුම්

(25.11.2017 – 14:54 +0530 – sinhala.adaderana.lk)

ඒ.ටී.එම් කාඩ් පත්වල දත්ත සොරකම් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් ඒ.ටී.එම් කාඩ් පත් මඟින් අදාල සැකකරුවන් දෙදෙනා මෙලෙස වංචනික ලෙස ලබා ගැන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

මොවුන් දෙදෙනා මෙලෙස මුදල් සොරකම් කරන ආකාරය රත්නපුර, කුරුවිට, අකුරණ යන ප්‍රදේශ වල පිහිටි ඒ.ටී.එම් යන්ත්‍ර අසල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවල සටහන් වී තිබිණි.

මොවුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 011 232 6670 , 011 232 0141 , 011 232 0145 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම සී.සී.ටී.වී දර්ශනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *