පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා කැඳවයි

(25.11.2017 – News e Lanka)

පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ.

අද මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.

අභියාචානාධිකරණය විසින් සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළ බවත් ඒම ගැසට් පත්‍රයේ වාරනයට බලපෑමක් ඇත්තේ පළාත් පාලන ආයතන 203 කට බව එතුමන් පැවසීය.

ඒ අනුව පළාක් පාලන ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් එහෙත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුදුන දොෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බව ප්‍රකාශ කළේය.

මේ සියළුම කරුණු සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන 93 ක් සඳහා මැතිවරණය පැවැත්විමේ කිසිඳු බාධාවක් නොමැති නිසා නොවැම්බර් මස 27 වන දා සිට නාම යෝජනා බාර ගැනීම සඳහා තේරීම්බාර නිලධාරීන්ට දන්වා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *