ආවා අන්තිමයා දක්වා අල්ලනවා..! යාපනයේ 117 ක් අත් අඩංගුවට – නි. පොලිස්පති

(24.11.2017 – News e Lanka)

යාපනයේ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් වල අවසන් සාමාජිකයා අත් අඩංගුවට පත් කරගන්නා තුරු යාපනයේ සෝදිසි මෙහෙයුම් කටයුතු හා අත් අඩංගුවට ගැනීමේ කටයුතු නතර නොකරණ බව උතුරු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා 22 දා පැවසීය.

දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට යාපනයේදී අදහස් දක්වමින් නියෝජ‍යපොලිස් පතිවරයා පවසා ඇත්තේ 22 දා දහවල් වන විට විවිධ හේතූන් මත යාපනයේ පුද්ගලයින් 117 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගන්නා සියළුම දෙනා ඔවුන්ට ඇති චෝදනා වලට අනුව අධිකරණයට ඉදිරිපත් කරණ බවත් ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේදී යාපනයේ සාමාන්‍ය වැසියන්ගෙන් ඉතා විශාල සහයෝගයක් ලැබෙන බවත් නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසා ඇත.

මේ අතර 22 දා දහවල්ද යාපනයේ කෝපායි, මනිපායි, පලාලි තෙලිප්පලෙයි හා කන්කසන්තුරේ යන ප්‍රදේශවල පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෝදිසි මෙහෙයුම් දියත් කොට තිබූ අතර එම මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන්ව යාපනයේ පොලිස් ස්ථාන තුනක් වෙත රැගෙනවිත් ඇති අතර සැකකරුවන් සමග යතුරු පැදි දෙකක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

– දිනසේන රතුගමගේ

***************************************

සුඛෝපභෝගී වාහන බද්ද : දඩ ගෙවන්න දුන්න සහන කාලය 30 න් අවසන්
(25.11.2017 – 15:44 +0530 – sinhala.adaderana.lk)

සුඛෝපභෝගී වාහන බද්ද නියමිත දිනට නොගෙවූ අය සඳහා අය කරනු ලබන දඩ මුදල් ගෙවීමට ලබාදී තිබූ සහන කාලය ලබන 30 වනදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සුඛෝපභෝගී වාහන බද්ද සඳහා වූ හිඟ මුදල් නියමිත දිනට ගෙවා දඩ සහනය ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා මහජනතාවට දැනුම් දෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *