සිකියුරිටිව බැදලා දාලා සල්ලි කොල්ලකාලා CCTV එකත් අරන් පැන්න හොරා අල්ලයි

(28.11.2017 – 21:42 +0530 – sinhala.adaderana.lk)

රාත‍්‍රියේ ආරක්‍ෂක නිලධාරියා බැද දමා රුපියල් 15000 ක්ද සමඟින් තාවකාලික සේප්පුව සොරාගන සීසීටීවී දත්ත ගබඩාවද රැගෙන පලාගිය කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුදින පෙරවරුව වනවිට මුදල් හා යතුරුපැදියද සමඟින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වාරියපොල – නෑටිය – මළගනේ ප‍්‍රදේශයේ සැකකරුවෙකු වූ අතර සැකකරු ස්නතකයේ තිබී සොරකම් සඳහා යොදාගන්නා සී ටී 100 වර්ගයේ යතුරුපැදියද වාරියපොල නගරයේදී සොයාගෙන තිබිණ.

රාත‍්‍රී කාලයේ කුලියාපිටිය – දෙළන – සිල්වාතැන්න – කොහු කමහලකට පැමිණ යතුරු පිදිය මහමග නවතා ඇතුල්වී සිවිලිමෙන් බැස ආරක්‍ෂක නිලධාරියා මරාදමන බවට බියවද්දා ආරක්‍ෂක නිලධාරියා මඟින් කාර්යාලය විවෘතකර එතැනම ආරක්‍ෂකයා බැදදමා හිස වැසෙන සේ මල්ලක් දමා තිබූ බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

පසුව අදාළ කාර්යාලයේ තිබූ සේප්පුව කඩා එහි තිබූ මුදල් රුපියල් පහළොස් දහසක් කොල්ලකා එම ස්ථානයේ සවිකොට තිබූ සීසීටීවී දසුන් දත්ත ගබඩාවන ඞීවීආර් යන්ත‍්‍රයද ගලවාගෙන ගොස් සැකකරු අත්අඩංගුවට ගෙනතිබූ යතුරු පැදියෙන් පලාගොස් තිබිණ.

සැක සහිත යතුරු පැදියක් නවතා තිබෙනු විමසිල්ලෙන් නිරීක්‍ෂණය කළ අසල්වැසියෙකු සැකකරු කොල්ලය සිදුකර පලායන අයුරු දැකතමන් දුටු යතුරුපැදි සියාපදිංචි අංකයෙන් අඩක් පොලීසියට පවසා තිබූ අතර ඒ ඔස්සේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිය පරීක්‍ෂණ ආරම්භකර තිබිණ.

ඒ අනුව පොලීසිය වාරියපොල ප‍්‍රදේශයට යනවිටත් සැකකරු අදාළ යතුරුපැදිය නවතා එහි සිට තවත් පිරිසක් සමඟ සිටිනු දැක වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

සැකකරුගේ ප‍්‍රකාශ අනුව නිවසට යාබද ස්ථානයක සඟවා තිබූ සේප්පුවේ තිබී ගෙන තිබූ චෙක් පොත් 5 ක්, කුවිතාන්සි පොත් හා බාර් කේත පොත් කිහිපයක් සොයාගෙන තිබූ අතර එහි තිබූ රුපියල් 15000 ක මුදලින් රුපියල් හත්දහස් දෙසිය හැටක මුදල පොලීසිය විසින් සොයාගෙන තිබිණ.

සැකකරුගේ ප‍්‍රකාශ අනුව නොවැම්බර් මස 03 වැනිදා කටුපොත පොලිස් සවමේ මෙවැනිම සේප්පු කොල්ලයක් සිදුකර එහි බහා තිබූ රුපියල් එක් ලක්‍ෂ හැටදහසක මුදලක් සොරාගෙන තිබූ බව අනාවරණය කරගෙන තිබූ පොලීසිය සැකකරු විසින් හිසි සේප්පුව විසි කළේය කියන ගෝනගල මගුරු ඔය ප‍්‍රදේශයට සැකරු සමඟින් ගියත් මේ දිනවල පවත්නා වර්ෂාපතනය හේතුවෙන් එම සේප්පුව සොයාගැනීමට හැකිව නොමැත.

සැකකරු යතුරුපැදිය හා සොයාගත් මුදල් ලිපි ලේඛන ආදිය සමඟින් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ ෴

******************************************

පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය අයියගෙයි නංගිගෙයි මළ සිරුරු මස්කෙළිය ඔයෙන් ගොඩ ගනී
(28.11.2017 – sinhala.adaderana.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *