වව්නියාව මණ්ඩපයේ සිංහල දෙමළ සිසුන් බහින් බස්වීමක් – ‘සර් අපිට බයයි.. කොටි නේ’ සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

(29.11.2017 – nethnews.lk)

යාපනය විශ්ව විද්‍යාල වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමූ බව යාපනය විශ්ව විද්‍යාල උපකුලපති ආර්. විග්නේශ්වරන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

විශ්ව විද්‍යාල උපකුලපතිවරයා පැවසූවේ වව්නියාව මණ්ඩපයේ සිංහල සිසුන් හා දෙමළ සිසුන් අතර ඇති වු බහින් බස්වීමක් හේතුවෙන් තාවකාලිකව විශ්ව විද්‍යාලය වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව ඊයේ (28) එලෙස හදිසියේ තීරණය කරනු ලැබූ බවයි.

විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමීම හේතුවෙන් තමන්ට පැවැත්වීමට නියමිතව තිබු අර්ධ වාර්ෂික පරීක්ෂණයද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද විශ්ව විද්‍යාල විද්‍යා සිසුන් පවසනවා.

විශ්ව විද්‍යාලයේ සිසුන් පැවසූවේ විශ්ව විද්‍යාලයේ දමිළ සිසුන් ප‍්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සිදුකොට ඇති අතර, විශ්ව විද්‍යාල සිංහල සිසුන් ඊට එරෙහිවීම හේතුවෙන් දෙපිරිසක් අතර බහින් බස්වීමක් හටගත් බවයි.

අදාළ බහින් බස්වීම ගැටුමක් දක්වා දුරදිග යාම වළක්වාලීම වෙනුවෙන් විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කළ බවද විශ්ව විද්‍යාල උපකුලපතිවරයා සඳහන් කළා.

(ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වෙයි)

වව්නියාව මණ්ඩපයේ සිංහල දෙමළ සිසුන් බහින් බස්වීමක් – 'සර් අපිට …

වව්නියාව මණ්ඩපයේ සිංහල දෙමළ සිසුන් බහින් බස්වීමක් – 'සර් අපිට බයයි.. කොටි නේ' සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි (VIDEO)මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් – http://www.nethnews.lk/article/48570

Posted by Neth News on Tuesday, November 28, 2017

– රොමේෂ් මධුෂංඛ /මාධව කුලසූරිය

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *