තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය – ගවේෂණාත්මක හෙළිදරව්ව

(23.04.2020 – colombotoday.com)

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් ගතවී ඇත. ඊට වග කිවයුතු තෝරු මෝරු කිහිපදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත.

කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර සිදුවිය හැකි සංවිධාන ගණනාවක්, තමන්ට රිසි සේ තම අන්තවාදය වැපිරීමේ කාර්යයේ තවමත් නියලමින් සිටියි. Colombo Today ගවේශනාත්මකව එවැනි සංවිධාන පිළිබඳව සිදුකරන හෙළිදරව් කිරීම් පෙළක් “ජමාතේ ඉස්ලාම්” සංවිධානය පිළිබඳව ලියැවෙන මෙම ලිපිය සමගින් ඇරඹේ.

අප මෙම හෙළිදරව් කිරීම් තුලින් හුදෙක්ම බලාපොරොත්තු වන්නේ අනාගතයේ ඇතිවිය හැකි තත්වයන් වලක්වා ගැනීමට බලධාරීන් යොමු කිරීම සහ ඒ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමයි. මෙම ලිපි සමස්ත මුස්ලිම් ජනතාවට එරෙහිව ලියන ලද්දක් නොවන බව පළමුව ප්‍රකාශ කල යුතුව ඇත. මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානවලට එරෙහිව මෙහි ලියැවෙන බොහෝ කරුණු අප වෙත ලබා දෙන්නේ ද සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විසින්ය. ඔවුන්ට Colombo Today ස්තුතිය පල කර සිටිමු.

තොරතුරු ලබා ගැනීමේදී සහය දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සහ බොදු බල සේනා ආගමික ඉගැන්වීම් පිලිබඳ පර්යේෂණ අංශයට Colombo Today විශේෂ ස්තූතිය.

ජමාතේ ඉස්ලාම්

ජමාතේ ඉස්ලාමි සංවිධානය පකිස්ථානය මුලික කොටගෙන ඇතිවූ සංවිධානයකි. එහි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ මවුලානා මව්දුදි නැමති පුද්ගලයායි. ජමාතේ ඉස්ලාමි සංවිධානය සමග සමගාමීව කටයුතු කරන තවත් සංවිධානයක් ඇත. එය ඊජිප්තුව මූලික කරගෙන ඉමාම් හසනුල් බන්නා විසින් ආරම්භ කල ඉහ්වාන් මුස්ලිම් සංවිධානයයි. මොවුන්ගේ ප්‍රධාන ආගමික ජමාත් සංවිධානය ජමාතුස් සලාමා වන අතර චින්තන දේශපාලන සංවිධාන ලෙස තමන්ව හඳුන්වා ගන්නා මෙම සංවිධාන දෙක එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වේ.

පුර්ව ඉසාමිය සංවිධානයේ රිස්වින් ඉස්මත් ඉස්ලාමය අතහැර දැමීමට පෙර ජමාතේ ඉස්ලාම් සාමාජිකයෙක් බව කියැවේ. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ශිෂ්‍ය සංවිධානය “ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංවිධානය” හෙවත් තලබා (sri lanka islamic students movement) ලෙස හැඳින් වේ. මාවනැල්ලේ බුදු පිළිම කඩා විනාශ කරනු ලබන්නේ මෙම ශිෂ්‍ය සංවිධනයේ ක්‍රියාකාරිව සිටි පිරිසකි. ඒ පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දුන් තස්ලීම් නැමති හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ ලේකම්ට වෙඩි තබන්නේ ද ඔවුන් විසිනි. තස්ලීම් ද කලක් මෙම සංවිධානයේ ක්‍රියාකාරීකයෙකු ලෙස සිට ඉන් ඉවත් වූ පුද්ගලයෙක් බව කියැවේ. ජමාතේ ඉස්ලාම් බලකොටුව ලෙස සැලකෙන්නේ මාවනැල්ල ප්‍රදේශයයි.

ජමාතේ ඉස්ලාම් සංවිධානය අනෙකුත් ආගමිකයන් ඉස්ලාම් ආගමට හැරවීම සඳහා ‘හිරා පදනම’ (HIRA Foundation) නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යයි. විවාහ මගින් සහ දුප්පත් පවුල්වලට මුදල් ලබා දී මොවුන් ආගම මාරු කිරීමට අන්‍යජාතින් පොළඹවමින් කටයුතු කරයි. මුස්ලිම් තරුණයෙකුට වෙනත් ජාතියක තරුණියක් විවාහ කරගන්නේනම් විවාහයට අවශ්‍ය මුදල්, විවාහයෙන් පසුව විවාහ කරගත් කාන්තාව ඉස්ලාම් කර නම පවා වෙනස් කිරීමට මෙම සංවිධානය හරහා ජමාතේ ඉස්ලාම් සංවිධානය මුදල් ලබා දීම සිදුකරනු ලබයි.

තම කටයුතු කරගෙන යාම සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට Serendib නැමති රාජ්‍ය නොවන සංවිධානය ජමාතේ ඉස්ලාම් විසින් භාවිතා කරනු ලබයි. ආරාබි රටවලින් Serendib සංවිධානයට මුදල් ලැබෙන අතර ඒ හරහා එම මුදල් ජමාතේ ඉස්ලාම් සංවිධානය අතට පත්වේ.

ජමාතේ ඉස්ලාම් සංවිධානයේ විශේෂත්වය වන්නේ ඔවුන් ක්‍රියාකාරී දේශපාලනය සිදුකිරීමයි. (1) PMJD නැමති, අකුරණ ප්‍රදේශය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වු දේශපාලන සංවිධානය, (2) FJP නැමති ත්‍රිකුණාමලයේ කින්නියා මජ්ලිස් ශුරා සභාව හා එක්ව ජමාතේ ඉස්ලාමි නජා මොහොමඩ් විසින් ක්‍රියාත්මක කල දේශපාලන සංවිධානය, (3) PMGG නැමති කාත්තාන්කුඩි මුලික කරගනිමින් “බිකාස් කැම්පස්” ආයතනයේ හිමිකරු වන අබ්දුර් රහුමාන් විසින්ක්‍රියාත්මක කල සංවිධානය යන සංවිධාන තුන එක්වී පිලිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ‘යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ’ (National Front for Good Governance – NFGG) ලියාපදිංචි කරන ලදි. (මොවුන්ට පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමිසමේ පිළිගැනීම සදහා එහි සිටි නලීමි රාජ්‍ය සේවකයෙකුගේ අනියම් උදව්වක් ලැබී ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග වලින් අනාවරණය විය.) දැනට ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලද “ජාතික ජන බලවේගය” දේශපාලන ව්‍යාපාරයේ සන්ධනගතවූ පාර්ශවයන් දෙකක් ලෙස ‘ඉහ්වාන් මුස්ලිම්’ සහ ‘ජමාතේ ඉස්ලාමි’ සංවිධාන දෙක සිටියි. ජනතා විමුක්ති පෙරමුණ හා ඉස්ලාම් ත්‍රස්තවාදය සන්ධාන ගතවූ අවස්ථා මීට ඉහතදී ද ඇත. පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහිම් නැමති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වූ පුද්ගලයෙකි. ඔහුගේ පුතනුවන් දෙදෙනා හෝටල් දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන්ය. ඔහුගේ දෙමටගොඩ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ෆාතිමා ජෙෆ්රි නමැති එක් පුත්‍රයෙකුගේ බිරිඳක් බෝම්බයක් පුපුරුවා ගන්නා ලදි.

ජමාතේ ඉස්ලාම් සංවිධානය තම අන්තවාදයේ අනාගතය බිහිකිරීම සඳහා ප්‍රසිද්ධ අරාබි සහ වෘත්තිය පාසල් පවත්වාගෙන යයි. අපට වාර්තා වූ එලෙස පවත්වාගෙන යන පාසල් කිහිපයක් ඇත. ඉස්ලාහියා පිරිමි විද්‍යාලය – මාදම්පේ, ඉස්ලාහියා ගැහැණු – පුත්තලම, ආයිෂා සිද්ධිකා විද්‍යාලය – මාවනැල්ල, ෆාතිහ් ඉන්ස්ටියුට් – තිහාරිය, තන්වීර් ඇකඩමි – තිහාරිය, දාරුල් හසනාත් ඇකඩමිය – වරකාපොල, ඉන්සයිට් ඉන්ස්ටියුට් – දෙහිවල, අබ්රාර් ඉන්ස්ටියුට් – කොලොන්නාව, නලීමියා – බේරුවල.

දැනට ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රභාලයන් ලෙස අප හඳුනාගත් කිහිප දෙනෙකු සිටියි. එහි ප්‍රධාන චරිතයක් ලෙස ඉනාමුල්ලා මෂිහුදීන් හැඳින්විය හැකියි. ශුරා සභාවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ද වන මොහු මිනී මැරීමට ෆත්වා නිකුත්කළ ඊජිප්තුවේ යුසුෆ් අල් කර්දාවීගේ ලංකා නියෝජිතයා ද වේ. අගාර් මොහොමඩ් නමින් තවත් පුද්ගලයෙකු සිටියි. ඉස්ලාම් ශිෂ්‍යයන්ට ලබා දෙන රාජයේ පෙළපොත්වලට අන්තවාදී කරුණු ඇතුලත් කෙරූ කතෘ මණ්ඩලයේ මුලිකයෙකු වන මොහු බේරුවල නලිමියා විදුහලේ ප්‍රධාන කථිකාචාර්ය කෙනෙකු ද වේ. තවද මොහු උලමා සභාවේ ප්‍රබල ක්‍රිකාකාරිකයෙකි.

රජයේ ආන්දෝලාත්මක පෙළපොත් සෑදු කතෘ මණ්ඩලයේ මුලිකයෙකු වන මොහොමඩ් සුක්රි තවත් පුද්ගලයෙකි. මොහු බේරුවල නලිමියා විදුහලේ ප්‍රධාන කථිකාචාර්ය කෙනෙකු ද වන අතර උලමා සභාවේ ප්‍රබල ක්‍රිකාකාරිකයෙකු ද වේ.

අල් හසනාත් සඟරාව ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රකාශනයකි. එම සඟරාවේ 1971 සිට මරාගෙන මැරෙන ක්‍රියාව සම්බන්ධව පක්ෂපාතීව අදහස් පල කර ඇත. මෙම සඟරාවේ විවිධ කලාප නිරීක්ෂණය කිරීමේදී ජමාතේ ඉස්ලාම් මතවාදය කෙතරම් භයානක ද යන්න මැනවින් ප්‍රත්‍යක්ෂ වේ.

හජ්ජුල් අක්බර්

අවුරුදු 25 ක් ජමාතේ ඉස්ලාමී නායකවරයාව සිටි හජ්ජුල් අක්බර් 2018 වසරේදී ඔහු දැරූ තනතුරෙන් ඉවත්වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුව ඇත. සමහර විට බුද්ධි අංශ නොමග යැවීමට එය සිදුකලා විය හැක. සත්‍ය ලෙසම සහරාන්ට පෙර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර ආරම්භ කලේ ජමාතේ ඉස්ලාම් අනුගාමිකයින්ය. ඒ මාවනැල්ල බුදු පිළිමවලට එල්ල කල ප්‍රහාරයෙන්ය.

හජ්ජුල් අක්බර්

හජ්ජුල් අක්බර්ගේ සහෝදරයා වන ඊබ්‍රහීම් මවුලවි ISIS මතධාරියෙකු විය. ඔහු මුස්ලිම් ශාන්තුවරුගේ සොහොන් කඩන්න යැයි පවසමින් දේශනා තබා ඇත. මාවනැල්ල බුදු පිළිම කඩා විනාශ කරන ලද්දේ ඔහුගේ (ඉබ්‍රහිම්ගේ) පුතුන් දෙපල විසිනි. පුතුන් දෙදෙනා ජමාතේ ඉස්ලාමේ ශිෂ්‍යය සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් වේ. එමෙන්ම දෙහිවල බොම්බකරුත් මෙම සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටි අයෙකු වේ. මොවුන් අවසානයේ JMI එනම් ජමාත් මිල්ලතු ඊබ්‍රාහිමියා ලෙස ත්‍රස්ථ සංවිධානයක් වශයෙන් පාස්කු ප්‍රහාරයේ දී ඉස්මතු විය. නමුත් සැබෑ ලෙසම ඔවුන්ගේ මුදුන් මුල් ඇත්තේ ජමාතේ ඉස්ලාමී සංවිධානයේ ය.

බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලියාපදිංචිය තහනම් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේදී නියෝග කර ඇත. හින්දු ජනතාව සමූල ඝාතනය කිරීමට වැරදිකරු වූ එම සංවිධානයේ නායක නසාමි නැමැත්තා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය 2019 වසරේ මාර්තු මස තහනම් කරණ ලද අතර ඉන්දියන් රුපියල් කෝටි 52 ක් පමණ වටිනාකමකින් යුත් මද්‍රසා පාසල්, නිශ්චල සහ චංචල දේපල රාජසන්තක කරන ලදි. 200 කට අධික ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට පත්විය.

ලංකාවේ එය සිදුවන්නේ කවදාද ?

= තවත් සංවිධානයක සවිස්තර වාර්තාවක් සමගින් හමුවෙමු =

+++++++++++++++++++++++++++++++++++

කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

(30.09.2019 – colombotoday.com)

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය 2019 අගෝස්තු 25 අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් නිදහස් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී තිබුණි.

අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය විය.

නිදහස් වීමෙන් පසු ජමාතේ ඉස්ලාම් ලේකම් සමග

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගේ සොහොයුරාගේ දරුවන් සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් අරාබි රටවලට යවා ඔවුන්ට අන්තවාදී ත‍්‍රස්තවාදී පුහුණුවක් ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කිරීම සඳහා අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණයන් යොමු කර ඇත්තේ ද මොහු විසින් බව මොහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය පැවසිය.

මුස්ලිම් තරුණයන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා අරාබි රටවලට යැවීමට මුදල් වැය කර එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ද මොහු විසින් බව හෙළි වී ඇත.

නිදහස් වීමෙන් පසු

ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාතේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් මෙම සංවිධානය විසින් යවා ඇත.

ජමාතේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මද්‍රසා පාසලේ ප්‍රථම විදුහල්පති වන A.G.M. නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ගුවන්විදුලි වැඩසටහනකදී පිළිගෙන ඇත.

එම වැඩසටහනදී නතීර් මව්ලවි මෙසේ පවසා ඇත :

“ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පැවසුවා. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබුවා, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබුවා.”

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ හවුල්කාර සංවිධානයක්

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස නම් කල දා

මේ අතර ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ සහය මෙවර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබා දී තිබෙනවා. තවද ජමාතේ ඉස්ලාමි අන්තවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ හවුල්කාර සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටියි.

+++++++++++++++++++++++++++++++++++

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

(08.08.2019 – colombotoday.com)

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය :

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය – අනතුරු ඇඟවීමක්

ඉස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජන හා මර්දන ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට වර්තමානය දක්වා සිදුවෙමින් පවතින්නේය. ඉස්ලාම් ප්‍රතිපත්තිය පිළිනොගන්නා අයට ද, එය ප්‍රතික්ෂේප කර හැරගිය අයටද එරෙහිව ආරම්භ කළ යුධ හඬ දශක ගණනාවක කාලයක් අවසන්වුවද තවමත් ඒවා කුරිරු ලෙස හඬ නගමින් පවතී. තව්හිඩ් ජමාත් සහ ජමාතේ ඉස්ලාමි යන සංවිධාන විසින් පෝෂණය කර ඉන් පසුව කුඩා කාලයක් තනි සංවිධානයක් ලෙස ක්‍රියාකල ඉස්ලාම් ත්‍රස්තවාදීන් මේ අවුරුද්දේ (2019) අප්‍රේල් මස සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ඒ අඛණ්ඩ ක්‍රියාවේ එක් කොටසක් විය.

මෙම ප්‍රහාරවලින් අනතුරුව පැවති සාකච්ඡාව හා සංවාද ඉතාමත්ම වැදගත්ය. ඉස්ලාම් ආගමේ නාමයෙන් – එකී උතුම්භාවයේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් බොහෝ අය නිහඬ භාවය අවසන් කර හඬනගන්නට අවතීර්ණ වීම, අවශ්‍ය වෙනස් වීම් සඳහා හඬනඟන්නට පෙළඹවීම ද දකින්නට ලැබුනා. ඉස්ලාම් ආගමේ අන්තවාදය නිසා විපතටපත්වූවන්ගේ හඬ පිළිබඳව අද රජය සහ අනිකුත් සමාජ සංවිධාන විසින් ද වඩා සැලකිලිමත් වීම ඒ සදහා වන ප්‍රධාන හේතු සාධක වලින් එකක්ය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (MMDA) විශාල ලෙස සංශෝධනය කළ යුතු බව නැවත නැවතත් පැහැදිලි කරමින් දින කීපයකට පෙර මුස්ලිම් කාන්තා සංවිධාන කිහිපයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර, මාධ්‍යවලට හා සමාජ මාධ්‍යවලට අදහස් ද අඛණ්ඩව ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ දී එම කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදය සිය කුරිරුභාවය පෙන්වා ඇත.

ඉස්ලාම් අන්තවාදීන්, ‘තමන්ගෙන් වරදක්වෙනවාය’ යන හැඟීමකින් තොරව ප්‍රසිද්ධියේ එම කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කිරීම එක පැත්තක සිදුවීමෙන් පැවැත්වෙද්දී, අනෙක් අතට මුස්ලිම් කාන්තා සංවිධාන ඉදිරිපත් කළ සංශෝධන වලට ජමියතුල් උලමා සංවිධානය එකඟ නොවූ අතර මුස්ලිම් දේශපාලකයන් අදාල කරුණු මත ක්‍රියාකිරීම මට්ටු කරන්නට උත්සාහ කරමින් සිටි. මෙකී ප්‍රතිඵලයක් ලෙස වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව පැතිරීයන අන්තවාදය සමාජ මාධ්‍යවලින් වර්ධනය වී ඇත.

කුරාන්, හදීස් සහ ඉස්ලාම් දේශන ග්‍රන්ථවල ඇති අන්තවාදය, ප්‍රචණ්ඩත්වය, මූලධර්මවාදය, ක්‍රෝධය, ස්ත්‍රී පුරුෂ වෙනස්කම්, අන්ධභක්තිය යනාදිය උගන්වනු ලබන තෙක් හා ඒවා උතුම් ලෙස සලකන තෙක් ඉස්ලාම් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට නොහැකි බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය අවධාරණය කරයි. වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය ඕනෑම අවස්ථාවක මිලේච්ඡ ත්‍රස්තවාදයක් ලෙස වෙනස්විය හැකි අවධානමක් පවතින බව අතීතය අපහට උගන්වා ඇත. මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවට ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි. ජනතාව විසින් තෝරාපත් නොවූ සමස්ථ ලංකා ජමියතුල් උලමා යනාදී මූලධර්මවාදී සංවිධාන රටේ නීති පිළිබද කරුණුවලට බලපෑම් කිරීම හා මුස්ලිම් වරුන්ගේ කටයුතු වල ආධිපත්‍යය පැතිරවීම ද ජනතාව විසින් තේරීපත් වූ රජය අනුමත නොකළ යුතුය, අනෙක් අතට එය වහාම තහනම් කළ යුතුය. තව ද, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වැනි පෞද්ගලික නීති සියල්ලම තහනම් කර සමස්ත ජනතාවටම ගැලපෙන පොදු නීතිය ක්‍රියාත්මක කර යුතු බව ද අසාධාරණයට විරුද්ධව, යුක්තිය ඉල්ලා හඬ නගන කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදීන් විසින් කරනු ලබන ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගත යුතු බවට ද රජයෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් ද ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි.

– ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය

Re-emergence of Islamic Radicalism – A warning !
.
From the inception of Islam, each and every groups and sects of Islam has been threatening and oppressing the people who do not accept the conditions imposed by Islam. Still we can hear the war drums perpetrated during the past centuries imposed on the people who rejected, denounced and did not accept the philosophy of Islam. Those who were patronized and trained by Thawheed and Jamathe Islami organizations involved in Easter Sunday attacks while they were operating as a separate unit was one example for the continuity of the above said despicable activities
.
It is of paramount importance that several discourses and discussions took place in the aftermath of this attack. Those who were affected by the violence and oppression in the name of Islam and Islam’s so called holiness came out openly and commenced to talk about the necessary changes in respect of Islamic preaching and rules. The important factor that contributed to this new phenomenon is the voices expressed by people who were seriously affected Islamic Chauvinism and radicalism. The government and other social organizations have condemned this radical trend and that is the reason why there is a change in the attitude of the Muslims.
.
A few days ago several Muslim Women’s Organizations conducted a media conference and emphasized the need for changes in the Muslim Marriages and Divorce Act (MMDA) and they continue to express these views through the media and social. We can see the Islamic radicallists are expressing their venomous opposition to the views expressed by the women’s organizations.
.
The local Islamic radicallists are coming with very violent propaganda against these women in the public fora without any guilty feelings. On the other hand, All Ceylon Jamiyaththul Ulama (ACJU) has rejected the reforms put forward by Muslim Women’s organizations and went on to control Muslim politicians in this regard. Under these circumstances the radical criticism against the Muslim women who are demanding reforms has become a major threat in the social media.
.
Council of Ex-Muslims of Sri Lanka (CEMSL) would like to point out that as long as radicalism, violence fundamentalism, gender discrimination and religious fanaticism are preached and taught according to Qur’an, Hadees and other Islamic scriptures, Islamic terrorism cannot be eradicated. Experiences form the past have taught us the lesson that the growing Islamic extremism can be transformed in to terrorism at any moment, so Council of Ex-Muslims of Sri Lanka urges the government to take the matter in to serious consideration to prevent future catastrophes. The government that selected by the people should not allow the fundamentalist organisations such as All Ceylon Jamaythul Ulama, which was not selected by the people, to interfere and pressurize in to the matters related to the law of the country and the matters of the Muslims and further the government should bring an immediate end to this interference. Council of Ex-Muslims of Sri Lanka calls the government and the representatives of the people to establish one law for all and completely abolish personal laws and acts such as Muslim Marriage and Divorce Act. Further CEMSL request the government to take necessary measures to tackle down the re-emergence of the Islamic extremism.
.
Council of Ex-Muslims of Sri Lanka (CEMSL)

+++++++++++++++++++++++++++++++++++

ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක

(15.07.2019 – colombotoday.com)

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය සෙනසුරාදා (13) “ජාතික ජන බලවේගය” නමින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය සඳහා අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි යන මුස්ලිම් සංවිධාන දෙක එක්වී තිබෙනවා.

මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම් නීතිඥ එම්.එස්.එම් ෆාරිස් සභාව අමතමින් කතාවක් ද සිදු කර ඇත.

එම්.එස්.එම් ෆාරිස්

බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලියාපදිංචිය තහනම් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේදී නියෝග කර ඇත. හින්දු ජනතාව සමූල ඝාතනය කිරීමට වැරදිකරු වූ එම සංවිධානයේ නායක නසාමි නැමැත්තා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය මෙම වසරේ මාර්තු මස තහනම් කරණ ලද අතර ඉන්දියන් රුපියල් කෝටි 52 ක් පමණ වටිනාකමකින් යුත් මද්‍රසා පාසල්, නිශ්චල සහ චංචල දේපල රාජසන්තක කරන ලදි. 200 කට අධික ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට පත්විය.

මොහොමඩ් ඉබ්‍රහිම්

මේ අතර පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් නැමති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වූ පුද්ගලයෙකි. ඔහුගේ පුතනුවන් දෙදෙනා හෝටල් දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන්ය. ඔහුගේ දෙමටගොඩ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ෆාතිමා ජෙෆ්රි නමැති එක් පුත්‍රයෙකුගේ බිරිඳක් බෝම්බයක් පුපුරුවා ගන්නා ලදි.

උපුල් කුමාරපෙරුම

මේ අතර බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව සාක්ෂි ලබා දුන් 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක උපුල් කුමාරපෙරුම ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *