ඒකාබද්ධ විපක්ෂය ඡන්ද සටනට සූදානම් – මහින්දගේ මූලිකත්වයෙන් ඊයේ ගත් තීරණ මෙන්න

(29.11.2017 – nethnews.lk)

පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (28) නැවත රැස්වී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.

නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ අදාළ නාමයෝජනා පත‍්‍ර ලබන 04 වැනිදා වනවිට සකස් කර අවසන් කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.

ලබන 5 වැනිදා සිට නාමයෝජනා පත‍්‍රවලට අපේක්ෂකයන්ගේ අත්සන් ලබාගැනීමට ද මෙහිදී තීරණය කෙරුණු බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා දිනවලදී නාමයෝජනා භාරදීමට ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන් තීරණය කර තිබෙනවා.

අද (29) සහ හෙට (30) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි. ලබන 01 වැනිදා සහ 02 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් යළි රැස්වීමට නියම කරගෙන තිබෙනවා.

මෙම මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කිරීම ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගෙන ඇති තවත් තීරණයක්. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල එහි සාමාජිකයන් වනවා ෴

**************************************

ඇමති SB ගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්..
(28.11.2017 – 15:00 +0530 – lankacnews.com)

ඇමති එස්.බී. දිසානායක මහතාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770 ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.

ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමෘද්ධියේ හරිත උයන ව්‍යාපෘතියෙන් මෙම මුදල ලබාගෙන ඇති බවත් 2017 වසරේදී යොමු කර ඇති මෙම බිල්පත් සදහා ඇය විසින්ම අත්සන් කර ඇති බවද මන්ත‍්‍රිවරයා සදහන් කලේය.

නීතිය අනුව එසේ ගෙවීමට හෝ එවන් ව්‍යාපෘතියකින් මුදල් ගැනීමට හෝ නොහැකි යයිද මේ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණ කල යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *