ශ්‍රී ලංකික කතක් නිව්යෝක් හි ඝාතනය කෙරේ

(29.11.2017 – 09:05 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් නිව්යෝක් නුවරදී පිහියකින් ඇන, ඝාතනය කර තිබෙනවා.

සේවා ස්ථානයට යමින් සිටි බැංකු සේවිකාවක වන මෙම කාන්තාව නිවස ආසන්නයේදීම පෙරේදා මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයෙකුටද ඝාතකයා විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඝාතනයට ලක්වු 63 හැවිරිදි කාන්තාව ඇයගේ මෙරට සිටින ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බවද වාර්තා වනවා ෴

++++++++++++++++++++++++++++++

——————

****************************************

හල්දුම්මුල්ලේ ගව සොරකම
(29.11.2017 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ධාවනය කෙරෙන වෑන් රථයක සිට ගෙලට තොන්ඩුවක් දමා මහමග සිටින ගවයන් පැහැරගන්නා ජාවාරමක් පිළිබදව තොරතුරු හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

පසුගිය කාලය පුරා ගවයන් අතුරුදන්වීම් පිළිබදව ලද තොරතුරු මත ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු මෙම සොරකමට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හල්දුම්මුල්ල පොලීසිය සමත්ව තිබෙනවා.

හල්දුම්මුල්ල, බලන්ගොඩ, මොණරාගල හා වැල්ලවාය ප්‍රදේශවලින් පසුගිය කාලය පුරා ගවයන් අතුරුදන්විම් පිළිබද ලැබුණු ලද තොරතුරු මත පොලීසිය මාර්ගය දෙපස ව්‍යාපාරික ස්ථාන කිහිපයක ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මැදියම් රාත්‍රියේ හෝ අලුයම් කාලයේ වෑන්රථයකින් පැමිණෙන පිරිසක් මෙම ගවයන් පැහැර ගන්නා බවයි.

ගමන්ගන්නා වෑන්රථයේ සිටින පුද්ගලයින් මග දෙපස සිටින ගවයින්ගේ ගෙලට තොණ්ඩුවක් දමා ගවයන් වෑන්රථයට පටවා ගන්නවා.

බොහෝ විට මෙලෙස පැහැරගෙන ඇත්තේ ගව පැටවුන් බව පොලීසිය පැවසුවා.

මෙම තොරතුරු මත සිදුකෙරුණු විමර්ෂනවලින් අනතුරුව ගව සොරකමට අදාල සැකකරුවන් තිදෙනෙකු වෑන්රියද සමගින් බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ව්‍යාපාරික ස්ථානයකින් කුලී පදනම මත ලබාගත් මෙම වෑන් රථය යොදාගෙන පැහැරගන්නා ලද ගවයින් ඝාතනය කිරීමෙන් අනතුරුව අධිශීතකරන සවිකල ලොරි මගින් කොළඹට ප්‍රවාහනය කෙරුන බව ප්‍රශ්න කිරිම්වලදී සැකකරුවන් හෙළිකර තිබෙනවා.

පැහැරගන්නා වසු පැටවුන්ගේ මස් එළුමස් සමග මිශ්‍රකර එළුමස් බව හඟවා කොළඹ පිහිටි ඇතැම් සංචාරක හොටල්වලට මොවුන් අලෙවිකර ඇතිබවද පොලීසිය සදහන් කළා.

+++++++++++++++++++++++++

———————–


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *