වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී (විඩියෝ)

• කොරෝනා ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළට (විඩියෝ)

• නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වෙයි (විඩියෝ)

• කොවිඩ්-19 ආසාදනයේ නව රෝග ලක්ෂණ හඳුනා ගැනේ

• සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගැබිණි මව්වරුන්ට උපදෙස්

• ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශයන් හී නගරවලට ජනතාව පැමිණීම අඩුවේ

• කොරෝනා නිසා බලපෑමට ලක් වූ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගැන තොරතුරු ඉල්ලයි

• සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල් ආරම්භවීමෙන් පසු

• මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73ක් දිවයිනට (විඩියෝ)

• ඉන්දියාවේ සිර වී සිටි තවත් සිසුන් පිරිසක් දිවයිනට රැගෙන එයි

• කොරෝනා ආසාදිතයින් හමුවූ නාරාහේන්පිට – දාබරේ මාවත, ටොරින්ටන් – හැටේ වත්ත සහ හැව්ලොක් ලේන් හුදෙකලා කෙරේ

• කොරියාවේ 31 වැනි රෝගියා වගේ සුදුවැල්ලේ රෝගියා අපේ රටට මේ විනාශය කළා – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ (විඩියෝ)

• ආණ්ඩුවේ තීරණයකින් මෝටර් රථ ක්ෂේත්‍රයේ ලක්ෂ 5 කට රැකියා නැති වේ

• සුදේව හා රංගන හිරු නාළිකාවට සමුදෙයි ! අලුත් නවාතැන ස්වර්ණවාහිනිය !

• ඇදිරි නීතිය වෙලාවේ ගල්කිස්ස මුහුදු තීරයට කරපු දේ මෙන්න (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

වැඩිම PCR පරීක්ෂණ ගණන ලෙස පරීක්ෂණ 1400 ක් ඊයේ (27) දිනයේ දී

(28.04.2020 – 08:20 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (27) දිනය තුළ පමණක් දිවයිනේ වාර්තා ගත වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ලෙස පරීක්ෂණ 1400 ක් සිදු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ‍විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද (28) උදෑසන ‘දෙරණ අරුණ’ වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මෙම කරුණු කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ, ඊයේ (27) දිනයේ මඩකලපුව ශික්ෂණ රෝහල තුළ ද PCR පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළ බවයි.

ඒ අනුව දිවයින් පුරා පරීක්ෂණාගාර 16 ක මේ වන විට PCR පරීක්ෂණ සිදු කරනු ලබන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල සමඟ එක්ව මෙම කටයුත්ත පුළුල් කිරීමට ඊයේ (27) දිනයේ දී අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවති බවද පැවසු ඒ මහතා, ඉදිරියේ දී පේරාදෙණිය, ‍කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලයන්හි පරීක්ෂණාගාර තුළ ද PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළට

(28.04.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 588 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (27) දිනයේදී පමණක් නව ආසාදිතයින් 65 දෙනෙකු වාර්තා වූ අතර එය මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. ඉන් 44 ක්ම නාවික හමුදා සාමාජිකයින්.

ඒ අනුව වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට නාවික හමුදා කදවුරේ සිටි 113 දෙනෙකු සහ නිවාඩු ගොස් සිටි 68 දෙනෙකු අයත්.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව ද 455 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට අමතරව සුවය ලබා රෝහලෙන් නික්මුණු සංඛ්‍යාව 126 ක්.

ඉතා කෙටි කාලයක් තුළ සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් මෙලෙස වාර්තා වීම හේතුවෙන් ඉදිරියේදී ඒ පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් අනතුරු අගවනවා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනා රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1423 දරණ විශේෂ ගුවන් යානයෙන් මොවුන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් තොටුපළ තුළ දී විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු යුද හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා.

+++++++++++++++++++++++++++++++++++

නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වෙයි

(28.04.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ නාවික හමුදා සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ – රන්දොඹේ ප්‍රදේශයේදී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙනුයි ඊයේ (28) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම සෙබළුන් නාවික හමුදා මූලස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, නාරම්මල – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කඩහපොළ – ගල්වංගුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු ගමන් ගත් යතුරුපැදිය කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ්-19 ආසාදනයේ නව රෝග ලක්ෂණ හඳුනා ගැනේ

(28.04.2020 – 09:07 +0530 – hirunews.lk/sinhala)

උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්ෂණවලට අමතරව කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයේ තවත් රෝග ලක්ෂණ පෙළක් සී.ඩී.සී. හෙවත් ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උසස් පරීක්ෂණාගාර ක්‍රියාවලියකින් අනතුරුව හඳුනා ගත් එම රෝග ලක්ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකානු රෝග පාලන ආයතනය සඳහන් කළේ සුළු රෝග ලක්ෂණවල සිට බරපතල අසනීප දක්වා වූ එම රෝග ලක්ෂණ වෛරසය ආසාදනය වී දින දෙකත්, 14 ත් අතර කාලය තුළ මතු විය හැකි බවයි.

එම රෝග ලක්ෂණවලට අධික ශීතල සහ නැවත නැවත වෙව්ලීම, මස් පිඬු වේදනා, හිසරදය සහ රසය හෝ සුවඳ නොදැනීම අයත්. එම රෝග ලක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් නයින්ටීන් හඳුනා ගැනීමේ රෝග ලක්ෂණවලට අයත් නොවීම විශේෂත්වයක්.

එහි දක්වා ඇති කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ වන්නේ උණ, වියළි කැස්ස, වෙහෙසකාරී බව, රිදුම් සහ වේදනා, නාසයේ තදවීම, උගුරේ ආසාදන තත්ත්වය සහ පාචනයයි ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගැබිණි මව්වරුන්ට උපදෙස්

(28.04.2020 – 11:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඞ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි.

දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, උණ, පෙනීමේ දුර්වලතා, වලිප්පුව, පපුවේ හෝ උදරයේ වේදනාව, ශරීරයේ ඉදිමීම් හෝ වෙනත් තදබල අපහසුතාවයන් එලෙස රෝහල් ගත විය යුතු රෝග තත්ත්වයන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

එමෙන්ම, ගැබිණි මව්වරුන් කලින් වේලාවක් වෙන් කර සායනවලට සහභාගි විය යුතු බවයි ඔහු සිය නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශයන් හී නගරවලට ජනතාව පැමිණීම අඩුවේ

(28.04.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල ජනතාව සිය අවශ්‍යතා වෙනුවෙන් නගරයට පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ අතර, පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ ජාතික හැඳුනුම්පත්, ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර ඉදිරිපත් කිරීමේදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන ලෙසටයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (28) අලුයම 5 ට ඉවත් කෙරුණා.

එලෙස ඉවත් කෙරුණු ඇඳිරි නීතිය යළිත් රාත්‍රී 8 ට පැනවෙනු ඇති. මැයි 1 වන දා දක්වා එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වායි.

කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 වැනි සඳුදා අළුයම 5.00 දක්වා ක්‍රියාත්මක වනවා.

මේ අතර, ජනතාව දඹුල්ල නගරයට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර සඳහන් කළා.

එළවළු මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළඳුන් නොපැමිණීම නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද සීග්‍ර ලෙස පහත ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අනුරාධපුර නගරයේ වෙළඳසැල් අද (28) සිට දින 3 ක් වසා දැමීමට අනුරාධපුර එක්සත් වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු අතර එලෙස අනුගමනය නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම අද (28) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1128 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගල සංඛ්‍යාව 41,003 ක්. එමෙන්ම, රථ වාහන 10,560 ක් ද මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, ජාතික හැඳුනුම්පත්, ඇඳිරි නීති බලපත්‍ර සහ අනෙකුත් බලපත්‍ර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමේදී පොලිස් නිලධාරියාට මුහුණට මුහුණ බලාගෙන අදාළ හැඳුනුම්පත ඉදිරිපත් කිරීම මගින් කොරෝනා වෛරසය බෝවීමේ අවදානමක් පවතින බැවින් එය ඉදිරිපත් කරන නිවැරදි ක්‍රමය පහත ඡායාරූප මගින් දැක්වෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා බලපෑමට ලක් වූ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගැන තොරතුරු ඉල්ලයි

(28.04.2020 – 10:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් ඇතිවී තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ ආයතන පිළිබඳ තොරතුරු දැනුම්දෙන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතු නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

එම තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

+++++++++++++++++++++

http://www.labourdept.gov.lk/
The Department of Labour

+++++++++++++++++++++++++++++++++++

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල් ආරම්භවීමෙන් පසු

(28.04.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් ආරම්භ වූ පසු අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එළඹෙන මැයි මස 11 වන දා පාසල් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඉන් පසු නැවත සමීක්ෂණ කටයුතු බලාපොරොත්තු වන සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් 011 278 4208 හෝ 011 278 4537 මෙන්ම 011 318 8350 යන දුරකථන අංක ඇමතීමෙන් විමසිය හැකියි. මීට අමතරව 1911 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් පන්ලක්ෂ 56,256 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සියයට 73.84 ක ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුවා.

එමෙන්ම, සිසුන් 10,346 දෙනෙකු ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73ක් දිවයිනට

(28.04.2020 – 07:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනා රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1423 දරණ විශේෂ ගුවන් යානයෙන් මොවුන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් තොටුපළ තුළ දී විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු යුද හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ සිර වී සිටි තවත් සිසුන් පිරිසක් දිවයිනට රැගෙන එයි

(28.04.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1172 දරණ විශේෂ ගුවන් යානය සිසුන් රැගෙන දහවල් 12:40 ට පමණ ගුවන් තොටුපළට ළඟා වූ බවයි.

මීට පෙර ද ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙන්ම බංග්ලාදේශය, පාකිස්තානය සහ නේපාලයේ සිර වී සිටි සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් ගුවන් මගින් ඉවත් කර ගැනුණා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් හමුවූ නාරාහේන්පිට – දාබරේ මාවත, ටොරින්ටන් – හැටේ වත්ත සහ හැව්ලොක් ලේන් හුදෙකලා කෙරේ

(28.04.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ නාරාහේන්පිට – දාබරේ මාවත, කොළඹ 07 – ටොරින්ටන් – හැටේ වත්ත සහ හැව්ලොක් ලේන් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේ මෙම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

නාරාහේන්පිට – දාබරේ මාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, මීට පෙර ද එම මාවතෙන් එක් කොරෝනා රෝගියෙකු වාර්තා වී තිබූ බවයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් 588 දෙනෙකු හමුවී තිබෙනවා.

ඊයේ (27) දිනයේදී රෝගීන් 65 දෙනෙකු වාර්තා වූ අතර, එම සංඛ්‍යාව මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් අනතුරුව හමුවූ වැඩිම රෝගීන් ප්‍රමාණයයි.

ඉන් 44 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ පුද්ගලයන් 189 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (27) රාත්‍රියේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ නාවික හමුදා නිලධාරීන් අතර පැතිර යන වෛරස් තත්ත්වය මැඬලීමට කඩිනමින් කටයුතු කරන බවයි.

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 18 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

එමෙන්ම, මොණරාගල – වෙලේ වත්ත ප්‍රදේශයෙන් ද නිවාඩු පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 455 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සුව වී නිවෙස් වෙත ගිය රෝගීන් සංඛ්‍යාව 126 ක් වන අතර, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට දී මිය ගිය ගණන 07 ක්.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඊයේ (27) දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1400 කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

එසේම, කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් අද (28) නිකුත් කළා.

එහි දැක්වෙන්නේ අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවයි.

දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, උණ, පෙනීමේ දුර්වලතා, වලිප්පුව, පපුවේ හෝ උදරයේ වේදනාව, ශරීරයේ ඉදිමීම් හෝ වෙනත් තදබල අපසුතාවයන් එලෙස රෝහල් ගත විය යුතු රෝග තත්ත්වයන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

එමෙන්ම, ගැබිණි මව්වරුන් කලින් වේලාවක් වෙන් කර සායනවලට සහභාගි විය යුතු බවයි ඔහු සිය නිවේදනය මගින් ඉල්ලා සිටින්නේ.

මේ වන විට කෙරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෛරසය සම්බන්ධයෙන් ජනතාව මීට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරියාවේ 31 වැනි රෝගියා වගේ සුදුවැල්ලේ රෝගියා අපේ රටට මේ විනාශය කළා – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

(28.04.2020 – 09:47 +0530 – truenews.lk)

රටට මේ විනාශය සිදුකළේ ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි කොරෝනා ආසාදිත රෝගියා විසින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“මේ රෝගියා හමුවුනේ අප්‍රේල් මාසෙ 5 වෙනිදා. එදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ තමයි මොහු ගම්මුන් විසින් අත් අඩංගුවට ගත්තේ. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. යම් සොරකමකට ගිය වෙලාවෙ පාන්දර අත් අඩංගුවට ගත්තා. අරගෙන පමුණුගම පොලිසියට ගෙනිච්චා. එහිදී මොහුට යම් යම් රෝගී තත්වයන් තිබුණු හින්දා රාගම රෝහලට ඇතුළත් කළා. මොහු කෝවිඩ් පොසිටිව් බවට අනාවරණය වුණා.

මේ සිද්ධියෙදි මේ පුද්ගලයා බාරව හිටපු අය, අවට හිටපු අය, ඥාතීන්, හිතමිත්‍රාදීන් මේ රෝග ලක්ෂණ තියෙද්දි ඒවා ගැන හොයාබැලුවෙ නෑ. මොහුත් මත්කුඩුවලට ඇබ්බැහි වෙච්ච නිසා සමරවිට සිහියකින් තොරව ඉන්න ඇති. නමුත් අවසාන ප්‍රතිඵලය වුණේ – අර දකුණු කොරියාවේ 31 වැනි, 61 හැවිරිදි රෝගී කාන්තාව, මේ රෝග ලක්ෂණ තියෙද්දි පල්ලියෙ දේව මෙහෙයන්ට සහභාගී වුණා. 9000 ක් සහභාගී වෙච්ච දේව මෙහෙයෙන් 3000 කටම මේ රෝගය දෙන්න ඇය සමත් වුණා.

මේ තත්වයත් ඒ ආකාරයටම තමයි වුනේ. ඊට පස්සෙ මේ දෑලතුර ප්‍රදේශයේ පුද්ගලයාව අත් අඩංගුවට ගත්තු පවුල් 12 ක් නිරෝධායනය කරන්න වුණා. පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්න වුණා. පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්න වුණා. සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කරපු 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියන්න වුණා. ගමම ලොක් කරන්න වුණා. ඒකෙන් විවිධාකාරයේ තවත් පැතිරීම් සිද්ධ වුණා. ඒ අතරෙම අපි විශ්වාස කරන ආකාරයට කැපවෙලා රාජකාරි කරන අපේ නාවික හමුදා සාමාජිකයින්ට මේක පැතිරුණා.

ඉතිං අර දකුණු කොරියාවෙ 31 වෙනි රෝගී කාන්තාව කරපු තත්වෙම මේ 206 වෙනි රෝගියා අපේ රටට මේ විනාශය සිදුකළා. ඒක නිසා තමයි මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන්න පටන් ගත්තේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (28) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි ෴

+++++++++++++++++++++

Hiru TV Salakuna – Episode 234 – Dr. Anuruddha Padeniya & Isuru Sooriyabandara – 2020-04-27

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුවේ තීරණයකින් මෝටර් රථ ක්ෂේත්‍රයේ ලක්ෂ 5 කට රැකියා නැති වේ

(28.04.2020 – 09:33 +0530 – truenews.lk)

මෝටර් රථ අමතර කොටස් සහ තීන්ත වර්ග ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 5 කට පමණ රැකියා අහිමිවීමේ අවදානමක් උද්ගතව ඇතැයි මෝටර් රථ සේවා සැපයුම්කරුවන්ගේ සංගමය (SLASPA) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිනවා.

ආනයන සීමා කිරීම් හේතුවෙන් විශේෂයෙන්ම පින්තාරුකරුවන්ගේ මෙන්ම මෝටර් රථ කාර්මික ශිල්පීන්ගේද රැකියා අවස්ථා අහිමි වී තිබෙනවා.

මීට අමතරව අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් අලුත්වැඩියාව සඳහා යොමුවන මෝටර් රථ ගරාජ්වල රඳවා තබන තත්ත්වයක්ද උද්ගතව තිබේ යැයි එම සංගමය සිය ලිපියේ සඳහන් කර තිබුණා.

මෙලෙස ක්ෂේත්‍රයේ රැකියා ආරක්ෂා කරන අතරතුර දේශීය මෝටර් රථ සේවා සමාගම් සඳහා මාස 84 ක කාලයක් සඳහා බදු සහන ලබාදීමට මැදිහත් වන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එසේ අමතර කොටස් ගෙන්වීම සඳහා ආනයන බලපත්‍ර ලබාදෙන ලෙසද සිය ලිපියෙන් සංගමය ඉල්ලා තිබෙනවා.

රටින් පිටතට මුදල් ගලා යෑම වළක්වා කොවිඩ් –19 වෛරස ව්‍යාප්තිය හමුවේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ රැසක් මෙරටට ආනයනය කිරීම රජය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

සුදේව හා රංගන හිරු නාළිකාවට සමුදෙයි ! අලුත් නවාතැන ස්වර්ණවාහිනිය !

(28.04.2020 – 12:00 +0530 – truenews.lk)

හිරු රූපවාහිනී නාළිකාවේ ප්‍රධාන නිවේදකයින් දෙදෙනෙකු වූ සුදේව හෙට්ටිආරච්චි මහතා හා රංගන ද සිල්වා මහතා එම නාලිකාවෙන් ඉවත්ව ස්වර්ණවාහිනී නාලිකාව සමඟින් එක්ව ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වාර්තා වෙනවා. සුදේව හෙට්ටිආරච්චි මහතා හිරු නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු හා රංගන ද සිල්වා මහතා පසුගිය දිනෙක තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මොවුන් දෙදනා අපට දැකගත හැකි වන්නේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් වන අතර අප වෙත ලැබී ඇති තොරතුරු අනුව සුදේව හෙට්ටිආරච්චි මහතා EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි. එමෙන්ම රංගන ද සිල්වා මහතා එම නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

සුදේව හෙට්ටිආරච්චි මහතා හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

හිරු තරු දෙක සුදේව රංගන හිරුට සමු දෙයි තවත් පිරිසක් ඉවත් වීමට නියමිතයි

(28.04.2020 – http://vigasapuwath24x7.blogspot.com)

හිරු රූපවාහිනී නාළිකාවේ ප්‍රධාන නිවේදකයින් දෙදෙනෙකු වූ සුදේව හෙට්ටිආරච්චි හා රංගන ද සිල්වා එම නාලිකාවෙන් ඉවත්ව ස්වර්ණවාහිනී නාලිකාව සමඟින් එක්ව ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වාර්තා වෙනවා. සුදේව හෙට්ටිආරච්චි හිරු නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු හා රංගන ද සිල්වා පසුගිය දිනෙක තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මොවුන් දෙදනා අපට දැකගත හැකි වන්නේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් වන අතර අප වෙත ලැබී ඇති තොරතුරු අනුව සුදේව හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි. එමෙන්ම රංගන ද සිල්වා එම නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර තිබෙනවා.

මීට පෙර හිරු ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අරවින්ද ලොකුගේ හා සැලකිව යුතු සේවකයන් පිරිසක් අස් වීම හිරු ගුවන් විදුලි නාලිකාව විශාල කඩා වැටීමකට හේතු වූවා.

එමෙන්ම වැඩසටහන් රාශියක් මෙහෙය වූ සුදේව හා රංගන මෙම අවස්ථාවේ හිරු රූපවාහිනියට සමුදීමත් සමග හිරු මාධ්‍ය ජාලය තව තවත් කඩා වැටීමටබලක්වනු ඇතී.

මෙසේ හිරු මාධ්‍ය ආයතනයේ බල කනු ඉවත්ව යාමට ‍ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇතිතේ සේවකයෙකුට දරාගැනීමට නොහැකි තරම් පීඩනයක් ආයතනයේ ප්‍රධානියාගෙන් එල්ලවන බවයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ හිරු රූපවාහිනී ආයතනයේ මලින්ද තිරිමාන්න, සාරංග පතිරන, තිලිණි නදීශා, තරංඟ වික්‍රමාදර යන අයවලුන්ද ඉවත් වීමට නියමිතයි ෴ ?

+++++++++++++++++++++

+++++++++++++++++++++

CHAPA, Hiru, සුදේව සහ රංගන! April 29, 2020

(29.04.2020 – YouTube : nidahas නිදහස් free CHAPAbandara)

https://www.youtube.com/watch?v=KPUFXfBav2c

***************************************

ඇදිරි නීතිය වෙලාවේ ගල්කිස්ස මුහුදු තීරයට කරපු දේ මෙන්න

(28.04.2020 – webgossip.lk)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *