තවත් ව්‍යාජ මුල්‍ය ආයතනයක් දකුණු පළාතේ

(28.11.2017 – 19:29 +0530 – hirunews.lk/sinhala)

තැන්පත් මුදල් සදහා වැඩි පොලී මුදලක් ලබාදෙන බව පවසමින් පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ මුල්‍ය ආයතනවලට රැවටුණු මෙරට ජනතාව විශාල පිරිසක් තම මුදල් අහිමි කරගත්තා.

සක්විති, දඩුවම් මුදලාලි යන පුද්ගලයන්ගේ මුල්‍ය ආයතන ඊට කදිම උදාහරණයි.

ඒ හා සමගාමීව දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට තවත් ව්‍යාජ මුල්‍ය ආයතනයක් ක්‍රියාත්මක බව හිරු සී.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණා.

සහන සේවා පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන යන එම ආයතනයෙහි ප්‍රධාන ශාඛාව පිහිටා ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේයි.

එහි සේවිකාවන් මේ දිනවල ජනතාව තම ආයතනයට ජනතාව බඳවා ගැනීම සදහා දකුණු පළාතේ ගම්මානවල සැරි සරනවා.

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *