ගෝඨාගේ ඉල්ලීමට අධිකරණය අද ලබාදුන් නියෝගය මෙන්න

(29.11.2017 – 10:40 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වලක්වාලමින් දෙසැම්බර් මස 6 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තමන්ට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ පෙත්සමක් ගොනුකළා.

සිය පෙත්සම මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීමේ සූදානමක් පවතින බවයි.

එසේ කටයුතු කර අත්අඩංගුවට ගෙන ඇප නොදී රඳවා ගැනීමේ සුදානමක් පවතින බවද පෙත්සමේ සඳහන්.

පොදුදේපොළ පනත යටතේ කටයුතු කර අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ද ඊයේ (28) අධිකරණයේ දී සඳහන් කළා.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ලවී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනේ පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක්.

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *