මත් පෙති ජාවාරමේ සුල මුල අණාවරණය වුන හැටි

(19.11.2017 – sinhala.adaderana.lk)

කොළඹ 09 දෙමටගොඩ ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ලියාපදිංචි බෙහෙත් අලෙවි සැලක වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව මත් වීමට ඇබ්බැහිවූවන්ට ලබා දෙන ජාවාරමක් වැටලීමට අද දෙරණ උකුස්සා සමත් වී තිබේ.

ඒ අනුව උකුස්සාට ලද තොරතුරක් අනුව නාවික හමුදු බුද්ධි ඒකකයේ නිලධාරීන් හා ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදු කෙරිණි.

එහි පළමු පියවර ලෙස උපාය දූතයෙකු මඟින් අදාළ ඹෟෂධ අළෙවි සැලෙන් වෙිදනා නාශක පෙති මිලදී ගනු ලැබිණි.

මෙහිදී රැපියල් 480 ක් වන මෙම වේදනා නාශක පෙති අඩංගු වන පෙට්ටියක් රුපියල් 6000 ක් වැනි ඉතා අධික මුදලකටයි.

අනතුරුව ආහාර හා ඹෟෂධ පරීක්ෂකවරුන් පැමිණ මෙම ඹෟෂධසැල පරික්ෂා කරණු ලැබුවා.

එහිදී මෙමෙ වෙළෙඳ සැලෙහි සේවය කරන තරුණියකගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වුනේ මෙහි හිමිකරු විසින් රහසිගතව මෙම වේදනා නාශක පෙති අලෙවිය සිදු කරන බවයි.

වෙළෙඳ සැලෙහි සඟවා තිබූ තවත් ඹෟෂධ තොගයක්ද නිලධාරීන් සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම හිමිකරුගෙන් කළ ප්‍රශන කිරීම් වලදී අණාවරණය වුනේ මත් ලෝලීන්ට මෙම වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව අලෙවි කරන බවයි.

ඉදිරියටත් මෙවැනි මත් පෙති අලෙවි කරන පුද්ගලයින් පිළිබඳ උකුස්සා අවධියෙන්.

*******************************************

ඉඩම්වලට ණය දෙන බව කියමින් රැවටූ ආයතනයක් උකුසු ඇසට
(13.11.2017 – sinhala.adaderana.lk)

ලුණුගම්වෙහෙර වෙරලිහෙල ප්‍රදේශයේ නැණ සවිය නමින් පවත්වාගෙන ගිය දේශීය රැකියා ලබා දෙන ආයතනයකින් ප්‍රදේශයේ ඉඩම් සඳහා ණය මුදල් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ අනුව උකුස්සාට ප්‍රදේශවාසීන් පැවසුවේ තමන්ගේ ඉඩම්වල බලප්‍රත්‍ර සහ ඔප්පු ඇපයට තබාගෙන තමන්ට මුදල් ලබාදෙන බව පවසමින් මෙහිදී මුදල් ලබාගන්නා බවයි.

මෙහිදී උකුස්සාට දැකගත හැකිවුණේ මුදල් ලබාගැනීම සානාථ කිරීම සඳහා ලබාදෙන බිල්පතේ කිසිඳු නීත්‍යාණූකූලභාවයක් නොමැති බවයි.

පසුව උකුස්සා මෙම ණය මුදල් ලබා දෙන බව පවසන ස්ථානයට ළඟාවන විටත් මෙයින් ණය ලබා ගැනීම සඳහා පැමිණ සිටින විශාල පිරිසක් දැකගත හැකි විය.

එහිදී උකුස්සා මෙම ජාවාරම සිදුකරන පුද්ගලයාගෙන් මෙහිදී ණය ලබා දීමට පෙර ලබාදෙන පෝරමයක් ඉල්ලා ගත් අතර එහිදී උකුස්සා ජාවාරම්කරුගෙන් මෙහි ණය මුදල් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදී ඉඩම්වල තක්සේරු කටයුතු සඳහා අක්කරයකට රුපියල් 25000 ත් 30000 ත් අතර මුදලක් ලබා ගන්නා මෙම ජාවාරම්කරු පසුව ණය මුදල ලබා නොදී මුදල් ලබාගත් පිරිස මගහරින බව උකුස්සාට අනාවරණ විය.

අහිංසක ජනතාවගේ මුදල් වංචාකරන මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් රටහමුවේ ඉදිරියටත් තොරතුරු අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානයෙන් ෴

*****************************************

ගජමුතු හා ඇත්දළ ජාවාරමක් පොල්පිතිගමින් හසුවෙයි
(27.11.2017 – 09:44 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී නීති විරෝධී අයුරින් ගජමුතු සහ ඇත්දළ අලෙවි කිරීමට සූදානම්ව පවතින බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා සමඟින් එක්ව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් පිටත්ව යන්නේ උකුස්සා ද සමඟින්ය.

එහි පළමු පියවර ලෙස ජාවාරම්කරුන් රැඳී සිටි පොල්පිතිගම ප්‍රදේශයට උපාය දූතයෙකු ලෙස උකුස්සා රහසේ ළඟා විය.

අනතුරුව ජාවාරම්කරුවන් පැවසූ ආකාරයෙන් අලෙවි කිරීමට සූදානම්කර තිබූ ඇත්දළ සහ ගජමුතු රැගෙන මෝටර් රථයක් පැමිණි අතර එහිදී මෙහි ප්‍රධාන ජාවාරම්කරු විසින් උකුස්සාව කැලෑබද ප්‍රදේශයකට රැගෙන යනු ලැබීය.

එහිදී අදාළ ගනුදෙණුව පිළිබඳව ජාවාරම්කරු විසින් උකුස්සාට කරුණු පැහැදිලි කර සිටියේය.

අනතුරුව ඊට සම්බන්ධ තවත් ජාවාරම්කරුවෙකු ගණුදෙනුව සම්බන්ධයෙන් උකුස්සා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය.

අනතුරුව මෙම අතරමැදිකරු පැවසු පරිදි උකුස්සා ජාවාරම සිදුකිරීමට සුදානම් කර තිබු ප්‍රදේශයේ විහාරස්ථානයක භුමියක් වෙත ළඟා වූ අතර පසුව එම ස්ථානයට ජාවාරම්කරු විසින් ඇත්ඳළ සහ ගජමුතු රැගෙන මෝටර් රථයෙන් පැමිණියේය.

මෙහිදී ජාවාරම සිදුකිරීමට සැරසෙනවාත් සමඟම ක්‍රියාත්මක වූ වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ජාවාරම්කරුවන් පොල්පිතිගම පොලිසියට බාරදුන් අතර මෙහිදී පොලිස් භාරයට ගත් ඇත් දළ දෙක අඩි හතරහමාරකට වඩා දිගින් යුක්ත වන අතර වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වුණේ ජාවාරම්කරු පැමිණි මෝටර් රථය ද ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

ඉදිරියේදීත් මෙවැනි ජාවාරම් පිළිබඳව රටහමුවේ අනාවරණය කිරීමට උකුස්සා අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *