පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා අධිවේග මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

(29.11.2017 – 22:00 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වර්ෂාව හා සුළං තත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට දකුණු පළාතේ ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අධික වර්ෂාවක් හා සුළඟක් හමා යමින් පවතියි.

+++++++++++++++++++++++++++++++

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔයට පමණයි
(29.11.2017 – 18:51 +0530 – sinhala.adaderana.lk)

පස් කඳු කඩා වැටීම් හේතුවෙන් බාධා එල්ල වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබේ.

අද අළුයම ඔහිය හා ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී දුම්රිය මාර්ගයට මෙලෙස පස් කඳු කඩා වැටී තිබූ අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියද අතරමඟ නවතා දැමීමට සිදුවිය.

ඒ අනුව පස් කඳු ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂක අංශවල සහය ඇතිව ආරම්භ කෙරුණු අතර එය මේ දක්වාත් සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *