නැව් සමාගම්වල විදෙස් හිමිකාරීත්වය ලිහිල් කිරීමේ අයවැය යෝජනාවට ජනපති හරස් වෙයි

(29.11.2017 – biz.adaderana.lk)

නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවන් ලිහිල් කිරීම සඳහා 2018 අයවැය මගින් සිදුකර ඇති යෝජනාවට ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අයවැය කාරක සභා විවාදයේ දස වැනි දිනය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“1992 ගැසට් පත්‍රයක් නිකුත් කළා, නැව් ඒජනත්වරුන්ට 60% ක කොටස් තියා ගන්න පුළුවන්, පිටරට නැව් සමාගම්වලට 40% යි පවත්වා ගන්න පුළුවන් කියලා. දැන් යෝජනාවක් ගේනවා 100% ක් මේක විවෘත කරනවා කියලා. මේ යෝජනාව ඇවිල්ලා කියවනකං අපි දන්නෙත් නැහැ. රේඛීය අමාත්‍යාංශය විදියට අපිත් එක්ක කතා කළෙත් නැහැ.“

“මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා මේක ගේන්න ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිතුමත් ඉන්නේ ඒ ස්ථාවරේ.

මේ සම්බන්ධයෙන් 2018 අයවැය කතාවේ දී කළ යෝජනාව පහත දැක්වේ :

————————

*****************************************

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්
(29.11.2017 – nethnews.lk)

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ කැලණි ගඟේ දී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 20 ක පමණ තරුණයෙකුගේ මළ සිරුරක් මෙසේ හමුවූ බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සිරුර ඊයේ (28) දිනයේ දී හමුව ඇති අතර පසුගිය ඉරිදා (26) මෙම තරුණය කැලණි ගඟට පැන ඇති බව සඳහන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *