කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී, දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්වයට පත් කිරීම – මැයි 11 දා සඳුදා ඇරඹෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී, දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්වයට පත් කිරීම – මැයි 11 දා සඳුදා ඇරඹෙයි (විඩියෝ)

• ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 690 ක් වෙයි – සුවය ලැබූ සංඛ්‍යාව 162 ක් (විඩියෝ)

• අවශ්‍ය වුවහොත් දිනක් තුල PCR පරීක්ෂණ 3000 ක් සිදු කිරීමට හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

• නාවික සෙබළෙකුගේ ඥාතීන්ට පහරදුන් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි (විඩියෝ)

• රුපියල් පන්දහසේ දීමනාවේ දෙවන වටයක් ගැන ඇමති අමරවීරගෙන් යෝජනාවක් (විඩියෝ)

• රැකියා විරහිත උපාධිධාරීන්ගේ රුපියල් 20,000 ක දීමනාව මැතිවරණ කොමිසමෙන් අත්හිටැවෙයි (විඩියෝ)

• ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතුලත් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියට බාලවයස්කරුවන් 4 ක් පොලිස් භාරයට (විඩියෝ)

• හෙළ වෙදකමින් ආයුර්වේදයෙන් වෛරසයට ප්‍රතිකර්ම පටන්ගනී (විඩියෝ)

• කොවිඩ් 19 යට ආයුර්වේද ඖෂධ හොරාට ගෙනියනවා (විඩියෝ)

• අපිට නිරෝදායන මධ්‍යස්ථාන ටික දෙන්න; අපි බලාගන්නම් – රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරි සංගමය (විඩියෝ)

• දුමක් අල්ලා කැඳක් පොවා දින 3 න් කොරෝනා සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සොයා ගනී (විඩියෝ)

• කබලෙන් ලිපට වැටුණු තොරණ නිර්මාණකරුවන් (විඩියෝ)

• කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාව ඉබෝලා ඖෂධයක පිහිට පතයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී, දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්වයට පත් කිරීම – මැයි 11 දා සඳුදා ඇරඹෙයි

(01.05.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 දා, සඳුදා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා.

ආයතන විවෘත කර පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකියාව පවතිනවා.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10:00 ලෙසට නියම කර තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇති අතර ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරෙනවා.

අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනතාවගෙන් රෝග නිවාරණයට සහාය වීමට නිවෙස්වලම රැඳී සිටින ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

කිසිවෙකු හෝ නිවසින් බැහැරට යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් වන අතර මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුයි.

පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06 දා, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ පෙර පරිදි රාත්‍රී 08:00 සිට අලුයම 05:00 දක්වායි.

මෙම දිස්ත්‍රික්කවල මැයි 06 දා, බදාදා රාත්‍රී 08:00 ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 දා, සඳුදා අලුයම 05:00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

• Click on Image.
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size of the Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size of the Image.

“… ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම…” – යන්න පැහැදිලි නැත ! – අමරසර

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 690 ක් වෙයි – සුවය ලැබූ සංඛ්‍යාව 162 ක්

(01.05.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (01) පස්වරුවේ තවත් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද (01) දිනයේ මේ දක්වා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 25 ක්.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 521 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 162 ක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 07 ක්.

+++++++++++++++++++++++++++++++++++

අවශ්‍ය වුවහොත් දිනක් තුල PCR පරීක්ෂණ 3000 ක් සිදු කිරීමට හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

(01.05.2020 – 22:40 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍යතාවක් මතුවුවහොත් දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ 3000 දක්වා වැඩි කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

විශ්ව විද්‍යාල පද්ධතිය ද මෙම පරීක්ෂණ සිදු කිරීම හේතුවෙන් දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව ලැබී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චීනයෙන් පරිත්‍යාග ලෙස ලැබුනු පරීක්ෂණ කට්ටල මෙන්ම භාවිත කරන කුමන පී.සී.ආර්. පරීක්ෂණ කට්ටලයක් වුව ද එහි නිරවද්‍යතාව පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙන අතර එබැවින් පරීක්ෂණවල ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියා.

කෙසේවෙතත් වෛරසය පාලනය වෙනුවෙන් බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ මහජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙසට පිළිපැදීම බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

ඊයේ (30) දිනයේ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1397 ක් සිදු කර තිබෙනවා.

කෙසේවෙතත් පරීක්ෂණවලට සාපේක්ෂව වෛරස් ආසාදිතයන් හමුවන්නේ සුළු වශයෙන් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා.

මේවන විට බස්නාහිර පළාතේ විශාල වශයෙන් පරීක්ෂණ සිදු කරන අතර විවිධ අවදානම් කණ්ඩායම් තෝරා ගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

බස්නාහිර පළාතේ කොරෝනා තත්වය පාලනයකට යටත් කර තිබුන ද තවමත් 100% ක් පාලනය කර ඇතැයි පැවසිය නොහැකි බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

පාලනය අප අතින් ගිලිහී නොමැති අතර පාලනය අප අතට ගෙන ඇති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියා ෴

+++++++++++++++++++++++++++++++++++

නාවික සෙබළෙකුගේ ඥාතීන්ට පහරදුන් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි

(01.05.2020 – 22:37 +0530 – hirunews.lk/sinhala)

වැළිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබලෙක් පසුගිය 11 වැනිදා නිවාඩු ලබා වාරියපොළ – නෑටිය – මලගනේ පිහිටි සිය නිවසට පැමිණ නැවත සේවයට වාර්තා කර තිබෙනවා.

අදාළ සෙබලාගේ බිරිඳගේ සහ දරුවාගේ සුව දුක් බැලීමට නිවසට පැමිණි අදාල නාවික සෙබලාගේ පියාට සහ සහෝදරයාට එම ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇත්තේ නාවික සෙබලාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඔහු නිවසේ සඟවාගෙන ඇති බවටත් චෝදනා කරමින්.

පහර කෑමෙන් තුවාල ලැබූ නාවික සෙබලාගේ පියා සහ සහෝදරයා වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++++++++++++++++

රුපියල් පන්දහසේ දීමනාවේ දෙවන වටයක් ගැන ඇමති අමරවීරගෙන් යෝජනාවක්

(01.05.2020 – 23:02 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් 19 ව්‍යසනය හමුවේ රජය විසින් අඩු අදායම්ලාභීන්ට ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව දෙවන වටයක් තුලදීත් ලබාදීමට ජනාධිපතිවරයා වෙත තමන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මධ්‍ය වෙත අදහස දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

***************************************

රැකියා විරහිත උපාධිධාරීන්ගේ රුපියල් 20,000 ක දීමනාව මැතිවරණ කොමිසමෙන් අත්හිටැවෙයි

(01.05.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන්ට ලබාදීමට තීරණය කර තිබූ රුපියල් 20,000 ක දීමනාව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දන්වා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතුලත් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියට බාලවයස්කරුවන් 4 ක් පොලිස් භාරයට

(01.05.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතුලත් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීම සිද්ධියට අදාළව බාලවයස්කරුවන් 4 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාළ වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින් මෙන්ම ඒවා අන්තර්ජාල ඔස්සේ බෙදාහැරීමට දායක වූ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි.

සමාජ ජාල මාධ්‍යවල මේ දිනවල සැරිසරන පාසල් වයසේ කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විමර්ශනයක් සිදු කරනවා.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටියේ මෙම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සැරි සැරීම අවහිර කරන ලෙස, විදුලි සංදේශ නියාමන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බවයි.

***************************************

හෙළ වෙදකමින් ආයුර්වේදයෙන් වෛරසයට ප්‍රතිකර්ම පටන්ගනී

(01.05.2020 – YouTube : Siwhela TV)

+++++++++++++++++++++

කොවිඩ් 19 යට ආයුර්වේද ඖෂධ හොරාට ගෙනියනවා

(01.05.2020 – YouTube : LANKA LEAD NEWS)

+++++++++++++++++++++

අපිට නිරෝදායන මධ්‍යස්ථාන ටික දෙන්න; අපි බලාගන්නම් – රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරි සංගමය

(30.04.2020 – YouTube : LANKA LEAD NEWS)

+++++++++++++++++++++

දුමක් අල්ලා කැඳක් පොවා දින 3 න් කොරෝනා සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සොයා ගනී

(05.04.2020 – aruna.lk)

http://www.amarasara.info/wp1/?p=24069

***************************************

කබලෙන් ලිපට වැටුණු තොරණ නිර්මාණකරුවන්

(02.04.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සමයේදී රට පුරා ඉදිවන වෙසක් තොරණ කෙරෙහි පොඩි දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ද අවධානය නිතැතින් යොමුවනවා.

ජාති, ආගම් භේදයකින් තොරව මිනිසුන් තමන් ලඟට ඒකරාශී කරගන්නා වෙසක් තොරණ පිට-පිට දෙවන වසරටත් මෙරට ජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

ගියවර පාස්කු ප්‍රහාරයත්, මෙවර කොවිඩ්-19 ව්‍යාප්තියත් තොරණ ප්‍රදර්ශනයට හරස්වෙද්දී ඉන් අසරණ වු පිරිසක් පිළිබඳවයි මේ පුවත.

වෙසක් මාසයේ සෞම්‍ය සඳ කිරණ පතිතවෙද්දී බාල-මහළු කවුරුත් ආදරයෙන් බලා සිටින්නේ තම ප්‍රදේශයේ ඉදිවන වෙසක් තොරණ දැක බලාගෙන එහි අසිරිය විඳීමටයි.

නෙතට රසඳුනක් වන වෙසක් තොරණ කොතරම් අසිරිමත් වුවද, එය නිමකිරීමට මාස ගණනාවක සිට නිර්මාණ ශිල්පීන් දරණා වෙහෙස සුළුපටු නැහැ.

දහසක් බලාපොරොත්තු දල්වා ගිය වසරේ මෙන්ම මේ වසරේදී ද වෙසක් තොරණ ඉඳිකල ද සමස්ත තොරණ නිර්මාණශිල්පීන්ගේ දහදිය මහන්සිය මේවනවිට අපතේ ගොස් අවසන්.

මෙම නිර්මාණශිල්පීන් දහසක් දුක්ගැහට මැද මෙම අසිරිමත් නිර්මාණ සිදුකරන්නේ හුදෙක් ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් නොවේ.

පාරම්පරිකව රැකගෙන එන මෙම තොරණ නිර්මාණ පිට-පිට දෙවන වසරටත් ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකිවීමෙන් ඉන් දිවි ගැටගසා ගන්නා පිරිස ආර්ථික ගැටළු රැසකට මේ වනවිට මුහුණ පා සිටිනවා.

පාස්කු ප්‍රහාරකයින් මෙන්ම කොවිඩ්-19 උවදුර ද චිත්‍ර ශිල්පීන්, විදුලි ආලෝක ශිල්පීන් ඇතුළු තොරණ සම්බන්ධ රැකියාවල නිරතවු දහස් ගණනකගේ ජීවිත කබලෙන් ලිපට ඇඳ දමා තිබෙනවා.

තොරණ නිර්මාණශිල්පීන් මුහුණ පා ඇති මෙම ගැටළුව පිළිබද අප බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් විමසීමක් කළා.

ඔහු ප්‍රකාශ කලේ තොරණ නිර්මාණ ශිල්පීන්ගේ ගැටළුවලට සහනයක් ලබාදිය හැකිදැයි සොයාබැලීමට ඔවුන් පිළිබඳ තොරතුරු මේ වනවිට එක් රැස්කමින් පවතින බවයි.

සිංහළ, දමිළ, මුස්ලිම් ඇතුළු සියළු ජනවර්ගයන් තොරණ ලඟට එක් රැස්කරන මේ දක්ෂ නිර්මාණකරුවන්ට යළි එම එකමුතුව සිදුකළ හැක්කේ මොවුන් මුහුණ දෙන උග්‍ර මුල්‍ය අර්බුදයෙන් ඔවුන් ගොඩගතහොත් නොවේද?

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාව ඉබෝලා ඖෂධයක පිහිට පතයි

(02.04.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් තිස්හතර ලක්ෂ 22,480 ක් වාර්තා වනවා.

මරණ සංඛ්‍යාව 239,920 ක්.

එසේම ආසාදිතයන් 1,089,000 කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවේ නව කොරෝනා මරණ 29 ක් අද (02) වාර්තා වූ අතර එරට මරණ සංඛ්‍යාව 65,782 ක් ලෙස සටහන් වනවා.

ආසාදිතයන් සංඛ්‍යාව 1,131,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඉබෝලා වෛරසයට සාර්ථකත්වයක් පෙන්නුම් කළ රෙම්ඩෙසිවර් නමැති ප්‍රති වෛරස එන්නත කොරෝනා ආසාදිතයන් සඳහා භාවිතයට ගැනීමට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ හදිසි අනුමැතිය හිමිව තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *