හිටපු කොටි ලංගමට බැඳී උතුරේ බස් ධාවනය අඩාල කරයි – සුළුතර සිංහල සේවකයින් අසරණ වෙලා

(30.11.2017 – 13:21 +0530 – sinhala.adaderana.lk)

උතුරු පළාතේ ලංගම ඩිපෝ හතක සේවක වෘත්තීය සමිති මගින් දියත් කොට ඇති බස් රථ වර්ජනය නිමාවට පත් කරගැනීම සදහා ඊයේ (29) පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇත.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වවුනියාව ඩිපෝවට පැමිණ වෘත්තීය සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබේ.

මේ අනුව අද (30) සිට උතුරේ වවුනියාව, මන්නාරම, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, කාරෙයිනගර් හා පේදුරුතුඩුව යන ඩිපෝ වලට අයත් සියලුම ලංගම බස් රථ ධාවනය නොවන බව ලංගම වෘත්තීය සමීති නායකයෝ පවසති.

උතුරේ ලංගම වෘත්තීය සමීති නායකයෝ කියා සිටින්නේ සිංහල ජාතික ප්‍රාදේශීය කළමනාකාරවරයා මාරු කරණ තුරු මෙම වර්ජනය අත් නොහරින බවයි.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. චන්ද්‍රසිරි මහතා පැමිණ වෘත්තීය සමිති නායකයින්ට කියා සිටියේ උතුරු පළාතේ ප්‍රාදේශීය කළමනාකරවරයාට එරෙහිව ඇති සියලුම චෝදනාද රැගෙන දෙසැම්බර් මස 4 වැනිදා සභාපතිවරයාත් අමාත්‍යවරයාත් හමුවී සාකච්ඡා කරන ලෙසයි.

එතෙක් මහජනතාවගේ සුබ සිද්ධිය ගැන සලකා 30 වැනිදා සිට සුපුරුදු පරිදි බස් රථ ධාවනය කරණ මෙන් ඉල්ලා සිටියද එය පිළිගැනීමට වෘත්තීය සමිති නායකයෝ එකග නොවූහ.

උතුරු පළාතේ ඩිපෝවල සේවය කරන සිංහල සේවකයින් 30 දා සිට සේවයට වාර්තා කොට බස් රථ ධාවනය කරවීමට කැමැත්ත පල කොට ඇතත් උතුරේ සිටින ලංගම සේවකයින් 875 දෙනෙකු පමණ වන සේවකයින්ගෙන් සිංහල සේවකයින් සිටින්නේ 17 දෙනෙකු පමණි.

මෙම සිංහල සේවකයින් පෙන්වා දෙන්නේ ක්‍රියාත්මක වන්නේ ජාතිවාදයක් මිස වෙනත් කරුණක් නොවන බවයි.

උතුරු ප්‍රාදේශීය කළමනාකරවරයා වශයෙන් සේවය කරණ තැනැත්තා සිංහල ජාතිකයෙකු වීම නිසා එල්.ටී.ටී.ඊ.යේ හිටපු පිරිසක් ලංගම සේවකයින් වශයෙන් පත්වීම් ලබාගෙන පැමිණ ජාතිවාදය ඇවිස්සීම නිසා මෙම ත්ත්ත්වය උදා වී ඇති බවද ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් 30 දා සිට උතුරේ ලංගම බස් රථ ධාවනය කිරීම දින නියමයක් නොමැතිව නතර වීම නිසා ගම්බද ජනතාව හා පාසල් සිසුන් දැඩි අපහසුතාවයකට පත්වීම වලක්වා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *