පුංචි ඡන්ද තහනම ඉවරයි

(30.11.2017 – 13:36 +0530 – sinhala.adaderana.lk)

පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අද තීරණය කළේය.

අභියාචනාධිකරණය මෙම තීරණය ගනු ලැබුවේ මෙම නඩුව ගොනු කළ පුද්ගලයින් 6දෙනා ඊට අදාළ පෙත්සම ඉවත් කරගැනීමට අද පියවර ගැනීමත් සමඟයි.

පළාත් පාලන ආයතනවල සීමානිර්ණ ගැසට් නිවේදනය සීමාර්ණ ‍කමිටුවේ නිර්දේශවලට පටහැනිව යමින් විෂ්‍යභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ගැසට් කර ඇති බැවින් එය අවළංගු කරන ලෙස ඉල්ලා පුද්ගලයින් 6දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම ගොනුකර තිබුණි.

‍එම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය මීට පෙර නියොග කර තිබුණේ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම දෙසැම්බර් 04 වනදා දක්වා බලරහිත කරන බවයි.

+++++++++++++++++++++++++++++++

නිවේදනය දෙසැම්බරයේ – ඡන්දේ පෙබරවාරි මුල්බාගයේ
(30.11.2017 – 21:11 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4 දා නිකුත් කරයි.

මැතිවරණය පෙබරවාරි මාසයේ මුලදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *