‘ආවා’ කල්ලියේ 03 ක් කොළඹදී ඇල්ලූ මෙහෙයුම

(30.11.2017 – nethnews.lk)

ආවා කල්ලියේ සැකකරුවන් තිදෙනෙකු කොළඹ දී පොලිසිය සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝපායි, යාපනය, මානිප්පායි, පොලිස් වසම්වල තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදු කිරීම්, දේපළවලට අනර්ථය කිරීම්, දේපළ කොල්ලකෑම් ආදියට සම්බන්ධව සහ තවත් සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු ලෙස මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ.

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) කොළඹ ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් 03 දෙනා අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ,

01. අබ්දීන් මොහොමඩ් ඉක්‍රම් – වයස අවුරුදු 22 යි – පට්ටනිවුර්, මන්නාරම පාර, වව්නියාව.

02. සිවකුමාර් කිදියොන් – වයස අවුරුදු 20 යි – දුම්රියපොළ පාර, කොණ්ඩාවිල් උතුර, කොණ්ඩාවිල්.

03. රාසේන්ද්‍රන් සින්දුයන් – වයස අවුරුදු 17 යි – ඉරාල්වඩි පටුමග, යාපනය.

මෙම සැකකරුවන් අද (30) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

**************************************

උතුරේ ශීග්‍රයෙන් ඒඩ්ස් පැතිරේ – මේ වන විට රෝගීන් 50 කට වැඩියෙන් හමුවෙලා
(30.11.2017 – 17:28 +0530 – sinhala.adaderana.lk)

උතුරු ප්‍රදේශය තුළ ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව යාපනය ශීක්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත බටගල්ල මහතා පැවසීය.

ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට සමගාමීව අද (30) යාපනයේ පා ගමනක් සංවිධානය කොට ඒඩ්ස් රෝගය පිළිබද ජනතාව දැණුවත් කරන බව හෙතෙම පැවසීය.

මේ වසර තුළ උතුරු පළාතෙන් ඒඩ්ස් රෝගීන් 8 දෙනෙකු හමු වී ඇති බවත් දැනට උතුරු පළත තුළ ඒඩ්ස් රෝගීන් 50 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සදහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඔවුන්ගෙන් 36 දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහලේ සායන සදහා පැමිණෙන බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් පිළිබදව සලකා බලන විට 2015 වර්ෂයේදී රෝගීන් සංඛ්‍යාව 239 ක් වුවත් 2016 දී එම සංඛ්‍යාව 249 ක් දක්වා වැඩිවී ඇතැයි ඔහු පැවැසීය.

මෙසේ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම කෙරෙහි හේතූන් දෙකක් ප්‍රධාන වශයෙන් බලපාන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

රෝගය වැළදී රෝග ලක්ෂණ පහළවීමට වසර පහක පමණ කාලයක් ගතවන බැවින් ඒ කාලය තුළ රෝගීන් ඒඩ්ස් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් නොකිරීමත් ඒඩ්ස් රෝගය වැළදුණු පසුව සමාජයෙන් රෝගීන් කොන් කිරීම නිසා ඔවුන් රෝගය වසන් කිරීමට කටයුතු කිරීමත් ඒඩ්ස් රෝගීන් වැඩි වීමට හේතුවක් බව විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

මේ හේතුව නිසා ඒඩ්ස් රෝගය පිළිබදව ජනතාව දැණුවත් කිරීමත් නිරන්තරයෙන්ම ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් පුද්ගලයින් පරීක්ෂණ වලට භාජනය කිරීමත් සිදුකරණ බව ඔහු වැඩිදුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *