අපදාවන්ට මුහුණ දෙන්න පොලීසියේ සියලු නිවාඩු අවලංගු කරයි

(30.11.2017 – 17:30 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ අපදා තත්ත්යන්ට මුහුණ දීම සඳහා දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාදු අවලංගු කරන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩබලන පොලිස්පති ඩී. සී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ.

මේ අතර ආපදාවන්ට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ ෴

+++++++++++++++++++++++++++++

සුළි කුණාටුව දිවයිනෙන් ඈතට යයි – තද වැසි තවදුරටත්
(30.11.2017 – 17:13 +0530 – sinhala.adaderana.lk)

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිටකිලෝ මීටර් 300 පමණ දුරින් බස්නාහිර දෙසින් පවති.

ඉදිරි පැය කිහිපයේදී එය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම හෙට දින සිට ක්‍රමයෙන් අඩුවේයැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ෴

++++++++++++++++++++++++++++

ආපදා තත්වයන් දැනුම් දෙන්න හදිසි අංකයක්
(30.11.2017 – 17:05 +0530 – sinhala.adaderana.lk)

ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී තිබේ.

මෙම අංකයට ඇමතීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට තම ආපදාව පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ඇත.

හදිසි ආපදාව හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සේවා සපයන ලෙසත් වැසි සමඟ ගංවතුර තත්ත්වයක් ද ඇතිවිය හැකි බැවින් ඒ සඳහා සූදානම්ව සිටින ලෙසත් සියලු ම දිස්ත්‍රික් ලේකම්වරු මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා උපදෙස් දී තිබේ ෴

+++++++++++++++++++++++++++

යාල සහ හෝටන් තැන්නේ සංචාරය කරන්න එපා – වනජීවි දෙපාර්තමේතුව කියයි
(30.11.2017 – 15:53 +0530 – sinhala.adaderana.lk)

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සහ යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක කොටසේ සංචාරය කිරීමට පැමිණිමෙන් වළකින ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ප්‍රවේශ මාර්ග සහ අභ්‍යන්තර මාර්ග කිහිපයක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වනජීවි සංරක්ෂණ මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානයේ කලාප අංක දෙක කොටස ද තාවකාලිකව වසා දමා ඇති බවයි ඔහු කියා සිටියේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය පහව යන තෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සහ යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක කොටසේ සංචාරය කිරීමෙන් වළකින ලෙස වනජීවි සංරක්ෂණ මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල අමරත්න මහතා දැනුම්දීමක් කරයි ෴

++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක කිහිපයක සුළං නිසා 20,000 ක් ආපදාවට – 7 ක් මරුට – 5 ක් අතුරුදන්
(30.11.2017 – 15:04 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික්ක කිහිපයක තද සුළං හේතුවෙන් ආපදාවට ලක් වු ප්‍රමාණය 20,000 කට ආසන්න බව බව ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කොළඹ සිට හම්බන්තොට කලාපය, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන මෙයට ඇතුළත් වන බව ද කොඩිපිලි මහතා කියා සිටියේය.

මේ වන විට පුද්ගලයින් 7 ක් මිය ගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.

නිවාස පූර්ණ හානි 202 ක් හා අර්ධ හානි නිවාස 3000 කට අධික පමණයක් වාර්තා වෙන අතර, සියලු දෙනා වෙනුවෙන් සහන සැළසීම මේ වන විටත් අඛණ්ඩව සිදුවන බව ද කොඩිප්පිලි මහතා පැවසීය.

ඒ හේතුවෙන් පීඩාවට ජනතාවට සහන සැලසීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු සංවිධානය කර තිබේ.

පුද්ගලයින් 1036 ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර මෙම සියලු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහය නොමඳව හිමි වෙන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය ෴

++++++++++++++++++++++++++++

අයහපත් කාලගුණයෙන් මාතලේ පවුල් 55 ක් පීඩාවට පත්වෙයි
(30.11.2017 – 14:29 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 55 ක පුද්ගලයින් 230 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව හා සුළං තත්වය හේතුවෙන් රත්තොට උකුවෙළ හා අඹන්ගඟ කොරළේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස තුනට මෙම බලපෑම එල්ල වී ඇති අතර ගස් කඩා වැටීම් පස්කඳු කඩාවැටීම් හේතුවෙන් නිවාස 50කට අර්ධ වශයෙන් හානි සිදු මාර්ග රැසක ගමනා ගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබේ.

එම හේතුවෙන් පිටකන්ද වත්ත මාර්ගය දික්කුඹුර මාර්ගය දන්කන්ද පොල්වත්ත කන්ද මාර්ගය දින්කුඹුර මාර්ගයයේ ගමනා ගමන කටයුතු අඩාල වී ඇත.

තඹලගල වත්ත ගම්මඩුව සිරංගහවත්ත පල්ලේතැන්න බෝධිකොටුව පල්ලේයායා දන්කන්ද හා මඩකුඹුර යන ගම්මාන වල පුද්ගලයින් 48 දෙනෙකු ආරක්ෂිත ස්ථානවෙත යොමුකර ඔවුන්ට අවශ්‍ය සහන කටයතු ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දීමට පියවරගෙන ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රධානී සහකාර අධ්‍යක්ෂක චමින්ද අමරවීර මහතා සඳහන් කළේය ෴

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

————————–

————————-

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *