මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

• හෙට (11) කාර්යාලයට යන ඔබ පිළිපැඳිය යුතුම සෞඛ්‍ය පුරුදු (විඩියෝ)

• ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

• හෙටට (11) සූදානම් වුණු රට (විඩියෝ)

• කළුබෝවිල රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුවට දුරකථන අංක සටහනක්

• සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූවන්ට සහන සලසන්න රජයේ අවධානය

• සේවා ගැන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙනුත් දැනුම් දීමක්

• නීති විරෝධී ලෙස ගබ්සා සිදු කළ තැනක් වටලයි – දෙදෙනෙක් අත්අඩංගුවට (විඩියෝ)

• ලන්ඩනයෙන් යළි මතු වූ කොටි පුල්ලි (විඩියෝ)

• කොරෝනා ආසාදිතයින් ගණන 863 දක්වා ඉහළට

• විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වේ

• කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (12) උදෑසන 8 සිට පැය 10 ක ජල කප්පාදුවක්

• කොවිඩ් වෛරසය පාලන කළත් මුළුමනින්ම රටින් තුරන් කර නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (විඩියෝ)

• කොරෝනා ආසාදිතයින් ගණන 863 දක්වා ඉහළට (විඩියෝ)

• සාමාන්‍ය ජනතාව භාණ්ඩ හා සේවා ලබාගත යුත්තේ නිවසට ආසන්නතම වෙළඳසැල්වලින් පමණයි

• ගෙදර ඉදන් වැඩ කරන්නේ මෙහෙමයි – නීතිඥ උදය ගම්මන්පිල (06.05.2020) (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

(10.05.2020 – 22:38 +0530 – sinhala.adaderana.lk)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ.

1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝදය විද්‍යාලයෙන් කළුතර සහ තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

උසස් පෙළ සමත් වූ පසු ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 1986 දී MBBS උපාධිය සම්පූර්ණ කළේය.

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986 ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට එක් වු අතර, මුලික යුද්ධ පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හදාරා කපිතන් වරයෙක් ලෙස ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත කරන ලදී.

ඔහු යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකල සේවය ඇගයීම වස් රණවික්‍රම පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රි ලංකා යුද්ධ හමුදා 50 වන සංවත්සරය සහ ශ්‍රි ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත ෴

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස යුද හමුදා වෛද්‍ය බලකායේ අණ දෙන නිලධාරී සහ යුද හමුදා සෞඛ්‍ය සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා පත්කර තිබෙනවා. (11.05.2020 – hirunews.lk)

+++++++++++++++++++++

මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා
මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගෙන තිබේ. (sinhala.adaderana.lk)
මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

+++++++++++++++++++++++++++++++++++

හෙට (11) කාර්යාලයට යන ඔබ පිළිපැඳිය යුතුම සෞඛ්‍ය පුරුදු

(10.05.2020 – 21:04 +0530 – sinhala.adaderana.lk)

හෙට (11) කාර්යාලයට එන ඔබට නවමු අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවේ.

ඒ අලුත් සෞඛ්‍ය පුරුදු ද සමඟින්.

ඇඳිරි නීතිය ඉවත් කර දෛනික කටයුතු ආරම්භ වීමත් සමඟ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් පවතියි.

එහිදී ඔබ කාර්යාලයට යාමට ප්‍රථම උදෑසන අවදි වී පිරිසිදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත ගත යුතුයි.

ඔබ කාර්යාලයට එන්නේ, බස් රථයෙන් හෝ දුම්රියෙන් නම් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය පවත්වාගත යුතුයි.

එපමණක් නොව එක් දිශාවක් පමණක් බලාගෙන යාමද සෞඛ්‍ය නිර්දේශවලට අයත් තවත් කරුණක්.

ත්‍රීරෝද රථ භාවිතයෙන් ගමනාගමනය සිදු කරන්නේ නම් රියදුරු හැර මගීන් දෙදෙනෙකුට එය සීමා කළ යුතු වනවා.

පොලිසිය පවසන්නේ, පෞද්ගලික වාහනයෙන් සේවා ස්ථානයට පැමිනීමේදී කාර්යාලීය හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත පෙන්වා ආරක්ෂක අංශවලට සහය දැක්විය යුතු බවයි.

කාර්යාල පරිශ්‍රයට ඇතුළු වන ඔබ, හොඳින් අත සෝදා විෂබීජහරණය සිදුකර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතු වනවා.

විදුලි සෝපානය භාවිත කිරීමේදිත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතාම වැදගත් වන අතර එහිදී මුහුණට මුහුණ බලා ගමන් කිරීම සිදු නොකළ යුතුයි.

වැළමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතියි.

ආහාර ගැනීමේදීත් දුරස්ථභාවය රැක ගතයුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට රුකුලක් වනු ඇති.

කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අත සේදීමත් නැවත විෂබීජහරණ කුටියට ඇතුල්වී ඇඳුම් සහ ශරීරය විෂබීජහරණයට ලක්කර ගැනීම වඩාත් සුදුසු වෙයි.

+++++++++++++++++++++++++++++++++++

ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

(10.05.2020 – 20:06 +0530 – sinhala.adaderana.lk)

කොඩිව්-19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට (11) සිට යළි ආරම්භ කෙරෙයි.

ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන හෙට සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙයි.

සෙසු දිස්ත්‍රික්ක විසි එකේ සාමාන්‍ය පරිදි රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

ඒ අනුව ජනතාවට දින 52 ක් නිවෙස්වලටම සිමා වීමට සිදු වුණි.

මේ කාලය තුළ සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරිම, පමණක් නොව රාමසාන් උපවාස පවා වෙනදා ‍මෙන් සිදුකිරිමට ජනතාවට අවස්ථාව හිමි වුයේ නැහැ.

කෙසේ වෙතත් කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් අධි අවදානම් කළාප ලෙස නම් කෙරුණු බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නිතිය පැවතියදි ජන ජීවිතය හෙට සිට යථා තත්ත්වයට පත් කිරිමට රජය තිරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල හෙට (11) විවෘත කිරිමට නියමිතයි.

එහිදි සේවකයින් කොපමණ සංඛ්‍යාවක් කැඳවන්නේද හා ඒ කවුරුන්ද යන්න පිළිබඳව ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු වෙයි.

හැකිතාක් දුරට අදාළ ආයතන පිහිටි දිස්ත්‍රික්කය තුල පදිංචි සේවකයින් කැඳවිමට ආයතන ප්‍රධානියා වගබලාගත යුතුයි.

එසේ වුවද අවශ්‍යතාවය මත දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින්ද සේවයට කැඳවිමට හැකියාව පවතියි.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින්ට සිය සේවා ස්ථානවලට පැමිණීම සඳහා හෙට (11) සිට පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව බෙලිඅත්ත, නුවර, අවිස්සාවේල්ල,මහව,සහ හලාවත සිට දුම්රිය 10 ක් හෙට සිට කොළඹට පැමිණෙයි.

රජයේ සේවකයින් සිය පෞද්ගලික වාහනවලින් හෝ ආයතන වාහන මගින් කාර්යාලවලට පැමිණෙන්නේ නම් උදෑසන 8.30 ට පෙර සේවා ස්ථානයට පැමිණිය යුතුයි.

පස්වරු 3 ත් 4 ත් අතර කාලය තුළ නැවත එම රථ පිටත්ව යා යුතු වෙයි.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් පැමිණෙන වාහන ද උදෑසන 8.30 ත් 10 ත් අතර කාලය තුළ ආයතනයට පැමිණිය යුතු අතර සවස 4 ත් 5 අතර කාලය තුළ නැවත පිටත්ව යා යුතුයි.

කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා එම වේලාවන් අදාළ වන්නේ නැහැ.

මේ අතර හෙට (11) සිට ත්‍රිරෝද රථ ධාවනයට ද අවස්ථාව හිමිවන අතර එහි උපරිම ගමන් කළ හැක්කේ රියදුරු හැර වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි.

එමෙන්ම කුලී කාර් රථ සඳහා ද අවසර ලබා දෙන අතර රියදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනෙකුට එක් රථයක ගමන් කිරිමට හැකියාව පවතියි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් දි ඇත්තේ, හෙට (11) සිට සති දෙකක් යන තෙක් සාමාන්‍ය ජනතාව සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසිමෙන් වලකින ලෙසයි.

හෙට (11) දිනයේ සිට අධිවේගි මාර්ග ද සාමාන්‍ය පරිදි යළි විවෘත වෙයි.

නමුත්, ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රක්කවල අධිවේගී මාර්ගවලට රථවාහන ඇතුල් කිරිම හා පිටකිරිම සිදුකෙරෙන්නේ, පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේයි.

මේ අතර අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයෙන සහා ආහාර ද්‍රව්‍ය , භාණ්ඩ අලෙවි කරනු ලබන තොග සහ සිල්ලර වෙළඳසැල් හෙට (11) සිට විවෘත කිරිමට අවසර හිමි වෙයි.

ඒ යටතේ ෆාමසි, ග්‍රොසරි, දුරකථන අලෙවිසැල්, රෙදි පිළි අලෙවිසැල් විවෘත කිරිම සඳහා ද අවසර හිමිවෙයි.

කෙසේ වෙතත් කුඩා ආපනශාලා, ආහාර ලබාදෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

සංචාරක හෝටල් විවෘත කිරිමට අවසර හිමි වුවත් එම හෝටල්වල රෙස්ටුරන්ට් විවෘත කිරිම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

අවසර ලබා දි ඇති ආහාර බෙදාහැරිමේ සේවා ආයතන සඳහා තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යා හැකි අතර, සුපිරි වෙළඳ සැල් ද විවෘත කිරිමට හැකිවෙයි.

හෙට සිට විවෘත කෙරෙන සැලුන් සහ රූපලාවන්‍යාගාර ද පවත්වාගෙන යා යුත්තේ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරින්ගේ සහතිකයක් ලබා ගැනිමෙන් අනතුරුවයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට ද හෙට (11) සිටි හැකියාව පවතියි.

මේ අතර කොළඹ මැනිං වෙළඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකියි.

ඒ අතර සතිපොළ, දින පොළ ආදි සමුහ වශයෙන් වෙළඳාම් සිදුවන ස්ථාන සහ මහජනතාව බහුලව ගැවසෙන සමුහ වෙළඳපොළ නැවත දැනුම්දෙන තුරු විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

එමෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා , ඔට්ටු ඇල්ලිමේ මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.

මේ අතර සාමාන්‍ය ජනතාව වෙළඳසැල් වෙතින් භාණ්ඩ හා සේවා ලබාගත යුත්තේ තම නිවසට ආසන්නතම ස්ථානයෙන් පමණයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම, අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගැනිම හෝ ඖෂධ මිලදි ගැනිම සඳහා පමණක් මෙලෙස තම නිවාසවලින් බැහැරව යායුතු වෙයි.

එසේ යා හැක්කේ ද ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි.

ඒ අනුව අවසන් අංකය 1 සහ 2 නම් සඳුදාත් , 3 සහ 4 නම් අඟහරුවාදා, 5 සහ 6 බදාදාත්, 7 සහ 8 බ්‍රහස්පතින්දාත්, 9 සහ 0 සිකුරාදාත් වශයෙන් බැහැරට යෑමේ හැකියාව පවතියි.

මෙම ක්‍රමවේදය අනුව බැහැරව යන තැනැත්තන්ට වාහනවලින් ගමන් කිරිමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් පාගමනින් ළඟම පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට හෝ වෙළඳසැල වෙත ගමන් කළ යුතුයි.

මේ අතර මහජන අවශ්‍යතා සඳහා ඇඳිරි නිති බලපත්‍ර ලද පුද්ගලික වාහන සඳහා පෙරවරු 10.30 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ ගමන් කිරිමට අවස්ථාව හිමි වෙයි.

කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගැනුණද කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා පැනවු ඇඳිරි නිතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

එම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා හෙට අලුයම 5 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙයි.

එම දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවෙන්නේ දෛනිකව රාත්‍රි 8 සිට අලුයම 5 දක්වායි.

+++++++++++++++++++++

හෙටට (11) සූදානම් වුණු රට

(10.05.2020 – 20:40 +0530 – sinhala.adaderana.lk)

ජන ජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය හෙට (11) සිට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළි‍වෙලට අනුව රට පුරා විෂබීජහරණය කිරීම අද (10) සිදු කෙරුණි.

ඒ අනුව දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, සේවා ස්ථාන ඇතුළු ජනතාව ගැවෙන සියලු ස්ථාන විෂබීජහරණය කෙරුණි.

ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළි‍වෙළට අදාළව පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන සේවා සඳහා සූදානම් කරමින් විෂබීජහරණය කිරීම අද සිදු කෙරුණි.

හෙට (11) සිට ආරම්භ වන නව ඩැවපිළිවෙල සඳහා කොළඹ නගරය ද සූදානම් කෙරුණි.

අනෙකුත් දිස්ත්‍රික්කවලද මාර්ග, බස්නැවතුම්පල හා දුම්රියපල අද විෂබීජහරණය කෙරුණි.

බැංකු සහ ATM යන්ත්‍රද විෂබීජහරණයට ලක් කරන අයුරු දක්නට ලැබුණි.

පිටකොටුව මැනිං වෙළෙඳ පොළද හෙට (11) විවෘත වෙයි.

සෙසු දිස්ත්‍රික්කවල ඇති ආර්ථික මධ්‍යස්ථානවලට අද (10) ගොවීන් හා වෙළෙඳුන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එලෙස පැමිණෙන වාහන විෂබීජහරණයට ලක්කිරීම සහ විශේෂ පරීක්ෂාවකට ලක්කිරීම අද (10) සිදු කෙරුණි.

මේ අතර අද (10) මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

ඇඳිරි නීතිය පැන වූ මාර්තු 20 වනදා සිට මේ දක්වා නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50,907 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 13,191 ක්.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවීම් සිදුකිරීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා, අතිරේක දඩ මුදලකින් තොරව ගෙවීමට හෙට සිට මැයි 29 වැනිදා දක්වා සහන කාලයක් ලබා දී ඇත.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය මාර්තු පළමුවනදා හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් හිමිවනු ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මස 16 වැනිදා සිට පෙබරවාරි මස 29 වනදා දක්වා නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා දින 28 ක කාලයක් තුළ ගෙවීම සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව භාර ගැනීමට සහන කාලයක් හිමිවන බව එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර හෙට (11) සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරි කටයුතු සඳහා විවෘත වන බැවින් ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමේ අවස්ථාව හිමිවෙයි.

මේ අතර විදුලි බිල්පත් නිකුත් කිරීමේදී අතපසුවීම් සිදුව ඇත්නම් පෙබරවාරි මාසයේ ගෙවූ බිලට සමාන බිලක් මේ මාසයේ ගෙවන ලෙස හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාරිබෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

+++++++++++++++++++++++++++++++++++

කළුබෝවිල රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුවට දුරකථන අංක සටහනක්

(10.05.2020 – 14:46 +0530 – hirunews.lk/sinhala)

කළුබෝවිල රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සඳහා දිනයන් සහ වේලාවන් වෙන් කර ගැනීමට විශේෂ දුරකථන අංක ලැයිස්තුවක් හඳුන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව රෝහලේ පවත්වන සායනවලට පැමිණෙන රෝගීන්ට එම දුරකථන අංක අමතා දිනයන් හා වේලාවන් වෙන් කර ගත යුතු බවයි.

සායනවලට අදාළ තොරතුරු දැන ගැනීම සඳහා හඳුන්වා දුන් දුරකථන අංක ලැයිස්තුව පහතින් :

+++++++++++++++++++++++++++++++++++

සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූවන්ට සහන සලසන්න රජයේ අවධානය

(10.05.2020 – 12:04 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නංවාලීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නියතු වූවන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් මේ සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්, සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක බස් රථ රියදුරන් සංචාරක ක්ෂේත්‍රයේ නිතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද සමඟ සාකච්ඡා කර මෙම සහන වැඩපිළිවෙල සැකසීමට කටයුතු යොදා තිබේ.

රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා පහසුකම්, සංචාරක සංවර්ධන බද්ධට ලබා දී තිබූ සහන තවදුරටත් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරකකර්මාන්තය නංවාලීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ වෙනම යෝජනා වලියක් ඉල්ලා තිබේ.

ඊට අමතරව සංචාරක, ගුවන්සේවා ක්ෂේත්‍ර නංවාලීමේ ඒකාබද්ධ සැලසුමක්ද සැකසෙමින් තිබේ.

මෙම යෝජනා හා සැලසුම් පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ලොව පුරා කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ සංචාරක කර්මාන්තය බිඳ වැටීම ලෝකයටම පොදු තත්ත්වයක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බිද වැටුණු සංචාරක කර්මාන්තය යලි නංවාලීම සඳහා වත්මන් රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය ෴

+++++++++++++++++++++++++++++++++++

සේවා ගැන ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙනුත් දැනුම් දීමක්

(10.05.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

සිය දෛනික රාජකාරි කටයුතු යළි ආරම්භ කරන තෙක් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගත වෙමින් පුද්ගල සංචරණය සීමා කොට සේවා සැපයීම වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත නොපැමිණ සේවය ලබා ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් සේවා සැපයීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට ඇති ගැටළු එම නිලධාරීන් වෙත දුරකථන මාර්ගයෙන් හෝ විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා.

***************************************

නීති විරෝධී ලෙස ගබ්සා සිදු කළ තැනක් වටලයි – දෙදෙනෙක් අත්අඩංගුවට

(10.05.2020 – 21:14 +0530 – sinhala.adaderana.lk)

අද (10) ලෝක මව්වරුන්ගේ දිනයයි.

නීති විරෝධි ලෙස ගබ්සා සිදුකරන ආයතනයක් වැටලීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අද (10) සමත් වුණි.

පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වැටලීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත් වුණි.

එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු මාර්ගයෙන් එම වැටලීම සිදුකරණු ලැබුවේය.

එහිදී විශ්‍රාමික වෛද්‍යවරයෙකු සහ ඔහුගේ සහයට සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් කුලී පදනම මත නැවතී සිටි පානදුර බෙල්ලන ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කළේය.

පොලිසියේ පැවසුවේ, එම නිවසේ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, බ්‍රවුනින් වර්ගයේ ගිනි අවියක් සහ මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 21 සොයාගත් බවයි.

එමෙන්ම විදෙස් රටවල නිෂ්පාදිත මිල අධික ගබ්සා පෙති තොගයක් සහ ගබ්සා සිදු කිරීම සඳහා යොදාගන්නා උපකරණ තොගයත් සොගෙන තිබේ.

පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අණාවරණය වී ඇත්තේ මෙලෙස ගබ්සා කරනු ලබන කලල මෙම නිවසට ගෙනැවිත් විනාශ කරන බවයි.

අත්අඩංගුවට ගත් සැකරුවන් හෙට (11) දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

ලන්ඩනයෙන් යළි මතු වූ කොටි පුල්ලි

(10.05.2020 – 22:41 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ ලන්ඩන් නුවර කොවිඩ්–19 රෝගීන් සදහා ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ප්‍රයෝජනය සඳහා සෞඛ්‍ය ආධාර පරිත්‍යාග ලබාදීමේදී LTTE සංවිධානයේ ලාංඡනය සහ ධජය ප්‍රදර්ශනය කර තිබෙනවා.

එම පරිත්‍යාගයන් මහා බ්‍රිතාන්‍යයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසින් ‘දෙමළ ප්‍රජාවගෙන් අපේ සෞඛ්‍ය සේවකයන්ට’ ලෙස සදහන් කරමින් එරට කොවිඩ්–19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබා දෙන බව එහි ප්‍රදර්ශනය කරන ලද බැනරයක සදහන් කර තිබූනේ මෙලෙසින්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 863 දක්වා ඉහළට

(11.05.2020 – 06:38 +0530 – sinhala.adaderana.lk)

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදියින් 7 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වේ

(10.05.2020 – 17:18 +0530 – truenews.lk)

විදේශ රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට තම රැකියා අහිමි වීමේ තත්ත්වයක් මතුවී තිබේ.

ලොව පුරා පැතිර ඇති වසංගත හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩා අඩු මිලට ශ‍්‍රමිකයන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට එකී රටවලට හැකියාව ලැබී තිබීමද මෙම තත්ත්වය ඇතිවීමට බලපා ඇත.

ඒ අනුව දැනටමත් විදේශගත ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භ කර ඇති අතර ඔවුන්ට නැවත රැකියාව සඳහා විදෙස් ගත වීම සම්බන්ධයෙන් එකී ආයතන දන්වා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු රැකියාවන්ට නොපැමිණෙන ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (12) උදෑසන 8 සිට පැය 10 ක ජල කප්පාදුවක්

(11.05.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට පස්වරු 06:30 දක්වා පැය දහයමාරක (10½) කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව සහ කළුතර උතුර – දකුණ, සහ කටුකුරුන්ද – නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර – මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

කොවිඩ් වෛරසය පාලන කළත් මුළුමනින්ම රටින් තුරන් කර නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

(11.05.2020 – 09:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මේ වනවිට පාලනය කර ඇතත් මුළුමනින්ම රටින් තුරන් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (11) පෙරවරුවේ ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 863 දක්වා ඉහළට

(11.05.2020 – 06:38 +0530 – sinhala.adaderana.lk)

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (10) රාත්‍රී 11:55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 09 දෙනෙක් මිය ගොස් තිබේ.

+++++++++++++++++++++++++++++++++++

සාමාන්‍ය ජනතාව භාණ්ඩ හා සේවා ලබාගත යුත්තේ නිවසට ආසන්නතම වෙළඳසැල්වලින් පමණයි

(11.05.2020 – 09:56 +0530 – sinhala.adaderana.lk)

කොඩිව්-19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද (11) සිට යළි ආරම්භ කෙරෙයි.

ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන අද සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙයි.

සෙසු දිස්ත්‍රික්ක විසි එකේ සාමාන්‍ය පරිදි රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් සාමාන්‍ය ජනතාව වෙළඳසැල් වෙතින් භාණ්ඩ හා සේවා ලබාගත යුත්තේ තම නිවසට ආසන්නතම ස්ථානයෙන් පමණයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනිම, අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගැනිම හෝ ඖෂධ මිලදි ගැනිම සඳහා පමණක් මෙලෙස තම නිවාසවලින් බැහැරව යායුතු වෙයි.

එසේ යා හැක්කේ ද ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි.

ඒ අනුව අවසන් අංකය 1 සහ 2 නම් සඳුදාත් , 3 සහ 4 නම් අඟහරුවාදා, 5 සහ 6 බදාදාත්, 7 සහ 8 නම් බ්‍රහස්පතින්දාත්, 9 සහ 0 නම් සිකුරාදාත් වශයෙන් බැහැරට යෑමේ හැකියාව පවතියි.

මෙම ක්‍රමවේදය අනුව බැහැරව යන තැනැත්තන්ට වාහනවලින් ගමන් කිරිමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් පාගමනින් ළඟම පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට හෝ වෙළඳසැල වෙත ගමන් කළ යුතුයි.

මේ අතර මහජන අවශ්‍යතා සඳහා ඇඳිරි නිති බලපත්‍ර ලද පුද්ගලික වාහන සඳහා පෙරවරු 10:30 ත් පස්වරු 03:00 ත් අතර කාලය තුළ ගමන් කිරිමට අවස්ථාව හිමි වෙයි.

කෙසේ වෙතත් ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගැනුණද කොළඹ සහ ගම්පහ, දිස්ත්‍රික්ක සඳහා පැනවු ඇඳිරි නිතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

එම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා අද අලුයම 05:00 ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු අතර එම දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවෙන්නේ දෛනිකව රාත්‍රි 8 සිට අලුයම 5 දක්වායි ෴

+++++++++++++++++++++++++++++++++++

ගෙදර ඉදන් වැඩ කරන්නේ මෙහෙමයි – නීතිඥ උදය ගම්මන්පිල (06.05.2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • It is about time that corruption in funding hospitals and purchase of medicines and equipment is completely eliminated from the health services. The appointment of a major general is the first step in this process. Discipline must be brought into our government administration, whatever the service. I fully support the President’s action in this regard.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *