දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් පාස්කු කොමිසම හමුවට

(06.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවට එවක ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එම්. මුදිත පුස්සැල්ල මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (06) අනාවරණ වුණි.

ඒ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් අද (06)කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීය.

දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ මීසම් පාලක ගරු දයා වැලිකඩආරච්චි පියතුමන් අද (06) කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

පියතුමන් සදහන් කළේ තමන් 2019 අප්‍රේල් 14 වැනිදා සිට පාස්කු ඉරුදින දක්වා තම දේවස්ථානයට ආරක්ෂාව දෙන්නැයි දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලිඛිතව දැන්වූ බවයි.

ඒ එම අවස්ථාවන්හීදී බැතිමතුන්ගේ වාහන ආරක්ෂාව, වාහන තදබදය හසුරුවිම සහ මීට පෙර දේවස්ථානයේ සිදුවු සොරකම් ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගනිමින්ය.

එහිදී කොමිසම පියතුමන්ගෙන් විමසා සිටියේ දේවස්ථාන භූමිය තුළ පොලිස් මුරපොලක් ස්ථාපිත කළේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් දයා වැලිකඩආරච්චි පියතුමන් පැවසුවේ, එවැනි පොලිස් මුරපොලක් දේවස්ථාන භූමියේ ඉදි නොකළ බවත් පල්ලියේ දහම් පාසල පැවැත්වූ ගොඩනැඟිල්ලේ කාමරයක දේවස්ථානයේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරින් විටින් විට රැදී සිට ඇති බවයි.

පාස්කු ප්‍රහාරය වූ දින දේව මෙහෙයට එක්වූ තමා අදාළ සිද්ධිය දැනගත්තේ දායකයින් විසින් පෙන්වූ දර්ශනවලින් බවත්, පසුව පෙ.ව. 10:15 ට යෙදී තිබූ දේව මෙහෙයට පැමිණ සිටි පිරිස් ඇතුළට ගනු ලැබුවේ, විශේෂ පරීක්ෂාවකින් පසුව බවයි.

ඉන් පසු දේවස්ථානයේ ගේට්ටු සහ සියලු දොරවල් වසා දේවමෙහෙය ඉතා ඉක්මනින් පවත්වා අවසන් කළේය.

මෙවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සාකච්ඡාවක් ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් සහ දේවස්ථානයේ දායක සභාව සමග ප්‍රහාරයට පෙර පැවැත්වුණේදැයි කොමිසම විමසුවේය.

ඊට පිළිතුරු දුන් පියතුමන් සඳහන් කළේ, එවැනි සාකච්ඡාවක් පාස්කු දිනයට පෙර නොපැවැත්වු බවයි.

කෙසේවෙතත් එවැනි සාකච්ඡාවක් පවත්වා ඇති බවට එවක ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළ බවට තමන් ජාතික පුවත්පතකින් දුටු බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පියතුමන් මෙහිදී සඳහන් කළේය.

වැලිකඩආරච්චි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ, එම ප්‍රකාශය අනුව තමන් මෙම ප්‍රහාරය පිළිබද කලින් දැනුවත් ව සිටි බවට ප්‍රදේශවාසින්ට මතුව ඇති සැකය හේතුවෙන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි.

පුස්ඇල්ල මහතා කොමිසම හමුවේ දුන් එම සාක්ෂිය නිවැරදි නොවන්නේදැයි කොමිසම මෙහිදී පියතුමන්ගෙන් විමසා සිටියේය.

එය නිවැරදි ප්‍රකාශයක් නොවන බව පැවසු පියතුමන්, මුදිත පුස්සැල්ල මහතා විසින් සදහන් කර ඇති එම සාකච්ඡාව පැවැත්වුනේ 2019 වසරේ දෙසැම්බර් මසදී බවයි.

එම සාකච්ඡාව සඳහා එක්වු දායක සභාවේ කාන්තාවක් විසින් නත්තල් දිනයේදී පාස්කු දිනයේදී මෙන් ප්‍රහාරයක් එල්ලවීමට ඉඩතිබේදැයි එවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගෙන් විමසූ බව ද පියතුමන් සඳහන් කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරක් තමන්ට ලැබී තිබුනේනම් කාදිනල් හිමිපාණන් දැනුවත් කර සියලු දේවමෙහෙයන් අත්හිටුවීමට කටයුතු කරන බව දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ මීසම් පාලක දයා වැලිකඩආරච්චි පියතුමන් විසින් ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

+++++++++++++++++++++

***************************************

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළට

(06.06.2020 – 20:52 +0530 – sinhala.adaderana.lk)

අද (06) රාත්‍රී 08:30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු (04) වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් සිව්දෙනා (04) සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 912 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (06) දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ ෴

+++++++++++++++++++++

ජනපති විමසුමට ලෙබනන් රජයෙන් ප්‍රතිචාර – ලංකාවට එන අයට PCR පරීක්ෂණ නොමිලේ

(06.06.2020 – 21:47 +0530 – sinhala.adaderana.lk)

සිය රට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොරව එරටදීම සිදු කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛාව බෙහෙවින් වැඩි වී ඇති බැවින් ලෙබනනය ප්‍රපදානය කළ සහනය නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.

විශේෂයෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින රටවල් ඇතුළු විදේශයන්හි සිට මව්බිමට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අදාළ රටවලදීම සිදු කොට වාර්තා ලබා ගැනීමේ හැකියාව සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එතෙර දී පරීක්ෂණ කරනුයේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කෙරෙන පරීක්ෂණයට අමතරවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බේරුට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනන් විදේශ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නොමිලේ එරටදී PCR පරීක්ෂණ කිරීමට එකඟත්වය පළ වී ඇති බවද නිවේදනයේ දැක්වෙයි.

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

නිරෝධායන සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමේ දී මේ තත්ත්වය අතිරේක ගැටළුවක් බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමඟ පසුගියදා කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මැද පෙරදිග සෙසු රටවල සිට යළි සිය රට එන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල දී PCR පරීක්ෂණයෙන් පසු ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත ෴

+++++++++++++++++++++

දිවා කාලයේ ඇඳිරි නීතිය අද (06) සිට ඉවතට – යළි දැනුම් දෙන තුරු රාත්‍රියට පමණයි

(06.06.2020 – 20:17 +0530 – sinhala.adaderana.lk)

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු ඇඳිරි නීතිය අද(06) අලුයම 04 ට ලිහිල් කෙරුණි.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි නැවත ඇඳිරි නීතිය පැනවෙන්නේ අද (06) රාත්‍රි 11 ටයි.

මේ අතර එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු ඇඳිරි නීතිය අද (06) අලුයම ලිහිල් කෙරුණු අතර යළි එය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 11 සිට අලුයම 04 දක්වා පමණයි.

මේ අතර එළඹෙන සඳුදා (08) සිට සෞඛ්‍ය අංශ ලබාදි ඇති උපදෙස්වලට අනුව පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවය භාවිත කිරිමේදි අනිවාර්යයෙන්ම මගීන් මුඛ ආවරණ පැළඳිය යුතු වන අතර නැවතුම්පලවල් අසල අත් සෝදා ගැනිමේ පහසුකම් සැපයිය යුතු වෙයි.

සඳුදා සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරිමට මේවන විටත් සැලසුම් කර තිබේ.

බස් රථවල මෙන්ම දුම්රියේ ගමන් කිරිමේදි ද ආසන ගණනට මගීන් රැගෙන යායුතු බවට ප්‍රවාහන අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේය.

+++++++++++++++++++++

***************************************

හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

(06.06.2020 – 18:31 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (06) කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා උතුරේ දෙමළ නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබදව අදහස් පල කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට එරෙහිව ඔවුන්ට සහය දක්වන මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවයි.

තමන් මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ඇතැම් පිරිස් ප්‍රකාශ කරන බවත්, එලෙස සඳහන් කළ විට තමාගේ කටයුතු නතර කරනු ඇතැයි සිතන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි මහාචාර්ය හූල් ප්‍රකාශ කර ඇත්තේ.

බොරු ප්‍රචාර කරන අය අතර ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන මාධ්‍යයන් බව පවසා ඇති රත්නජීවන් හූල්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූ අය බව සදහන් කර තිබේ.

මෙවැනි පාර්ශවවලට ඡන්දය ලබානොදෙන ලෙසත්, මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශ කර ඇති බවයි දෙමළ මාධ්‍ය සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළේය.

+++++++++++++++++++++

***************************************

දිස්ත්‍රික්ක අනුව වැලි මිල තීරණය වෙන වැඩපිළිවෙලක්

(06.06.2020 – 23:23 +0530 – sinhala.adaderana.lk)

ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළව වැලි මිලක් හඳුන්වා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සකස් කරමින් පවතී.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරි සති දෙක තුළ මෙය ක්‍රියාත්මක කළ හැකි බවයි.

වැලි බලපත්‍ර හිමියන් විසින් අයථා මුදල් අය කර ගැනීමේ සිදුවීම් පිළිබඳ තමට නොකඩවා තොරතුරු ලැබෙමින් පවතින බවද ඒ මහතා පවසයි.

ඔවුන් සඳහා තරාතිරම නොබලා උපරිම නිතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කරයි.

මෙලෙස ප්‍රවාහන බලපත්‍ර මඟින් අයථා මුදල් ඉපැයීම තුළින් වෙළඳ පොළ තුළ කෘතිම වැලි මිලක් නිර්මාණය කර ගැනීමට ඇතැමුන් උත්සහ ගන්නා බවද ඒ මහතා සඳහන් කර ඇත.

ඒ අනුව මෙම වැඩපිළිවෙල කාර්යාංශය විසින් ඒ ඒ ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත කර ඇති කේෂ්ත්‍ර පරීක්ෂක නිලධාරීන් හ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් ඒකකය වෙත යවා ඇතැයි ද සඳහන්.

ඉදිරියේ දී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ උපදෙස් මත ග්‍රාමසේවක වසම්වල ග්‍රාම නිලධාරීන් මුලිකව වසම භාර අනෙකුත් නිලධාරින්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්‍ වෙයි.

වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දීමේ දී අදාළ බලපත්‍රය වෙනත් පාර්ශව ‍සඳහා පැවරීම තහනම් වන අතර, අදාළ දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචිකරුවන්ට මුලිකත්වය ලබා දෙමින් වැලි කැණීම් බලපත්‍ර නිකුත් කර ඔවුන්ගේ ජන ජීවිත නඟා සිටුවීමට හා පරිසරය රැක ගැනීමට කාර්යාංශය විසින් ඉදිරියේ දී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

දැවැන්ත වැලි ජාවාරමක් නිසා මහවැලි ගඟේ ඉවුරු විනාශ වෙයි

(06.06.2020 – 21:17 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් ඉතිහාසයේ වාර්තාවූ දැවැන්තම වැලි ජාවාරම හේතුවෙන් මහවැලි ගඟේ ඉවුරු වැනසෙමින් පවතිනවා.

සෝමාවතිය රක්ෂිතයටද හානි සිදුකරමින් සිදුකරගෙන යන එම මහා වැලි ජාවාරම් පිළිඳවයි අද හිරු සී.අයි.ඒ. අනාවරණය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මහවැලි ගඟේ ආරක්ෂක වේල්ලක් ඉදිකිරීමට රජය පෞද්ගලික සමාගමට අවසර ලබාදී තිබුණේ මහවැලි ගඟේ ඉවුරු ඛාදනය වළකාලීම සදහායි.

මේ වන විට එම ආරක්ෂක වේල්ල ඉදිකිරීම මුළුමනින්ම නැවතී තිබෙන නමුත් වෙනත් ජාවාරමක් හිස ඔසවා තිබෙනවා.

***************************************

පාලමක් අවැසි මොහොත්තුවාරම

(06.06.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය අර්ධද්වීපයට අයත් වලල්ලේ දූපත් වළලු හත අතරින් මොහොත්තුවාරම දූපතට හිමිව ඇත්තේ ප්‍රමුඛස්ථානයක්.

කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අංක 633 ඩජ්බේ ග්‍රාම නිලධාරී වසමට අයත් මොහොත්තුවාරම දූපතේ සමස්ත වපසරිය අක්කර 5600 ක් වන අතර දිගින් කිලෝ මීටර 14 ත්, පළලින් කිලෝ මීටර 3 කට ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත වනවා.

දූපතේ පදිංචි පවුල් සංඛ්‍යාව 800කට ආසන්නයි.

එක් පසකින් සුනදර වූ කලපු තීරයකින් ද තවත් පසෙකින් මහ සයුරෙන්ද වටව ඇති මෙම දූපත සිය වාස භූමිය බවට පත් කරගෙන ඇති බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.

රජය විසින් මෙම දූපත සංචාරක පුරවරයක් බවට පත් කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටිවීම සඳහා මහත් දායකත්වයක් ලබා දෙන මෙම දූපත නැරඹීම සඳහා දිනකට දෙස් විදෙස් සංචාරකයින් 200 කට අධික පිරිසක් පැමිණෙන බවයි.

කල්පිටිය අර්ධද්වීපයට අයත් මොහොත්තුවාරම දූපත සහ තුරෙඅඩිය දුපත යා කරමින් පාලමක් නොමැතිකමින් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ප්‍රදේශවාසීන්ට ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ඇත්තේද එක් බෝට්ටුවක් පමණයි.

විවිධ අවස්ථාවලදී මෙම ගැටලුව විසඳන බවට දේශපාලනඥයින් විසින් පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නද වසර 50 ක සිටම ඊට නිසි විසඳුම් ලැබී නැහැ.

මෙරට සංචාරක කර්මාන්තයේ එක් සුවිශේෂී සන්දිස්ථානයක් වන මෙම කල්පිටිය මොහොත්තුවාරම දූපතට පාලමක සිහිනය සැබෑ කරන්නට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවේද?

***************************************

කුරුණෑගල රෝහලට වෛද්‍ය සාෆිට හිතවාදී අධ්‍යක්ෂවරයෙක් – සාෆි සමඟ ගැටුණු හිටපු අධ්‍යක්ෂකට හදිසි මාරුවක්

(06.06.2020 – 14:02 +0530 – lankaleadnews.com)

සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිළිබඳ චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆිට විරුද්ධව චෝදනා ගොනුකිරීමට මුල්වූ රෝහල් අධ්‍යක්ෂකවරයාට හදිසි මාරුවීමක් ලබා දී ඒ වෙනුවට සාෆිට හිතවාදී මුස්ලිම් ජාතික පළාත් අධ්‍යක්ෂක වරයා පත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කරති.

මෙම මෙහෙයුමට ප්‍රදේශයේ ප්‍රභල දේශපාඥයෙකුගේ සහය ලැබී ඇති බවට ද උන්වහන්සේලා චෝදනා කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යම් නිලධාරීන්ද මෙම ක්‍රියාන්විතය පිටුපස සිටින බවට ද චෝදනා එල්ල වේ ෴

***************************************

වනජීවි ඇමති වනසංහාරයක – කලාවැව රක්ෂිතයේ අලිමංකඩක අක්කර 100 ක් පුද්ගලික ආයතනයකට ලබාදෙයි

(06.06.2020 – 10:00 +0530 – lankaleadnews.com)

වන ජීවී අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතාගේ මැදිහත් වීමෙන් කලාවැව රක්ෂිතයට අයත් භූමියෙන් අක්කර 100 ක් ‘ප්‍රයිම් සයිට්’නම් වූ පුද්ගලික සමාගමකට අඹ වගාවක් සඳහා ලබා දී ඇති බවට පරිසර වේදීහූ චෝදනා එල්ල කරති.

පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරන ආකාරය මහවැලි අධිකාරියට පවරා ඇති එම වන රක්ෂිතය අලිමංකඩක් වන බැවින් බරපතල පාරිසරික ගැටළු ඇතිවන බවය.

ඊට අමතරව රක්ෂිතයක් මේ ආකාරයට පුද්ගලික ව්‍යාපෘතියකට ලබාදීම නීති විරෝධී සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයටත් කළ ජනතාවගේ අපේක්ෂාවලට පටහැනි බවද ඔහු සඳහන් කරයි.

එම ව්‍යාපෘතියේ කොටස් සඳහා හිතවතකු මාර්ගයෙන් අමාත්‍යවරයා ආයෝජනය කරන බවට ද චෝදනා එල්ල වේ ෴

***************************************

“මොහොමඩ් අලි සබි‍්‍ර පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරනු.” අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබයි.

(06.06.2020 – colombotoday.com)

“මොහොමඩ් අලි සබි‍්‍ර පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරනු.” යන මාතෘකාව යටතේ ඊයේ (05) සිට කිසියම් කණ්ඩායමක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

= අදාළ පෙත්සම සඳහා පිවිසීමට හෝ අත්සන් තැබීමට මෙතැන click කරන්න =

change.org හී අත්සන් තබන මෙම පෙත්සමේ සඳහන් කර ඇති කරුණු….

මොහොමඩ් අලි සබි‍්‍ර මහතා මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකි. මෙරට මුස්ලිම් ප‍්‍රජාව තුල අන්තවාදය පැතිරවීම වෙනුවනේ අතීතයේ පටන් ක‍්‍රියා කළ එම්.එච්.එම් අෂ්රොෆ්, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා වැනියවුන්ගේ දිගුවක් ලෙස මොහොමඩ් අලි සබි‍්‍රව හැදින්විය හැක. නමුත් මොහු ක‍්‍රියා කරන්නේ මධ්‍යස්ථ මතධාරියකුගේ භූමිකාවය. පහැදිලිවම මොහු ‘සීතල කුමන්ත‍්‍රණකරුවෙකි’.

මොහොමඩ් අලි සබි‍්‍ර මහතාට මෙරට දේශපාලනය කිරීමට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමේ ඔහුගේ සීතල කුමන්ත‍්‍රණයන් අපි පිළිකුල් කරමු.

මොහොමඩ් අලි සබි‍්‍ර මහතා දිස්ත‍්‍රික් ලයිස්තුවකින් ඉදිරිපත් වුවානම් එය අපට ගැටලුවක් නොවේ. මන්ද ඔහුගේ දේශපාලන මතය පිළිගන්නා අයවලුන් ඔහුට සිය මනාපය පලකරනු ඇත. එමගින් ඔහු පාර්ලිමේන්තුවට යනු ඇත. එය ඔහුගේ අයිතියකි.

එහෙත් ඔහු පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු වීමේන් සිදුවන්නේ, මෙරට සිටින මුස්ලිම් අන්තවාදය පිළිකුල් කරන හා ඊට එරෙහිව හඩ නගන පොහොට්ටුවට ඡන්දය දෙන සිංහල ජාතිමමකයින්ගේ ජන්දයෙන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමයි. එය ‘අපේ මිනී වල අප විසින්ම කපා ගැනීමක්’ බඳු වේ. එසේ හෙයින් අපේ ඡන්දයෙන් මොහොමඩ් අලි සබි‍්‍ර මහතා පාර්ලිමේන්තුවට පිවිසිම පිළිබදව අපි තරයේ විරුද්ධ වෙමු.

මොහොමඩ් අලි සබි‍්‍ර මහතාගේ නම ශ‍්‍රි ලංකා පෙදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස අපි,
අතිගරු ජනාධිපති තුමන්ට දන්වමු.
එසේ කරන ලෙස අපි එතුමන්ගෙන් ඉල්ලා සිටිමු..
එසේ කරන්නැයි අපි එතුමන්ට බල කරමු…

මොහොමඩ් අලි සබි‍්‍ර ජාතික ලැයිස්තුවේ සිටීම,
ජාතිමාමක හා දේශපේ‍්‍රමි අපගේ ජන්දය පොහොට්ටුවට නොලැබී යාමට හේතුවක් වනු ඇත ෴

***************************************

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඩී. හිටපු ලොක්කෙක් ‘ෂේප්’ කරලා.

(05.06.2020 – colombotoday.com)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ පුත‍්‍රයකු රුපියල් කෝටියක් වටිනා මත්කුඩු කිලෝ ග‍්‍රෑම් එකක් සමග පෙරේදා (03) සවස පිටකොටුව පොලිස් මුරපළේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි තරුණයකු වන මේ පොලිස් පුත‍්‍රයා අදාළ මත්කුඩු තොගය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා පිටකොටුව ප‍්‍රදේශයට රැගෙන එමින් සිටියදී පොලිසියට කොටු වී ඇත.

ඔහු සමග තිස්තුන් හැවිරිදි තවත් සැකකරුවකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදීම තමන් පොලිසිවලට හසුවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි පොලිස් ප‍්‍රධානියකු පොලිසිවලට බලපෑම් කර තමන් මුදාගත් බව වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

සැකකරු මෙසේ ජාවාරම් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවමකට යටත්ව සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තාගේ මත්කුඩු තොග බවද පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තා සැකකරුගේ පියා වන හිටපු පොලිස් නිලධාරියාගේ සොයුරියකගේ පුත‍්‍රයකු බවද හෙළි වී තිබේ.

රඳවා ගැනීමේ නියෝග මත පොලිසිය සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් සිටියි ෴

***************************************

‘පරණ දූෂිත අමන හොරුන් බහුතරයක් පොහොට්ටුවේ නාම යෝජනාවල’- තිස්ස ජනනායක අප්‍රසාදය පළ කරයි

(06.06.2020 – 11:40 +0530 – truenews.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරනවා.

නමුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දෙද්දී පරණ දූෂිත අමන හොරු බහුතරයක් ඒ සඳහා නම් වී ඇති බවත් වියතුන් කැපී ඉවතට විසි වී ඇති බවත් ඔහු පවසනවා.

එම සම්පූර්ණ සම්පූර්ණ සටහන පහතින් දැක්වෙනවා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *