වැල්ලවත්තේ ගාලු පාරේ කඩ පේළියක ගින්නක් !

(05.07.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවත – ගාලු පාර මංසන්ධියේ (ගාලු පාරේ මුහුද පැත්තේ) කඩ පේලියක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් ගිනි නිවන රථ 10 ක් ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවය.

ගින්න හේතුවෙන් ගාලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(05.07.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

පොදුජන පෙරමුණේ අපේක්ෂක බන්දුල ගුණවර්ධන මහතා ජන හමුවක් අමතමින් කියාසිටියේ එක්සත් ජාතික පක්ෂය යා කළ නොහැකි ලෙසට වෙන්වී ඇති බවයි.

එමෙන්ම සජිත් පිළ අන්තවාදීන් සහ ජාතිවාදීන් පෝෂණය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා ද ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ මැතිවරණය ආසන්න වන විට සංදර්ශණ වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවන බවයි.

මනාප සිඟාකෑමට වැඩි වශයෙන් පිරිස් පැමිණෙන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජන හමුවක් අමතමින් කියාසිටියා.

තම පක්ෂයේ පිරිස් කට මැත දොඩවන පිරිසක් නොවන බව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවි කරුණානායක කියාසිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය බෙලහීන තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ අපේක්ෂක සුජීව සේනසිංහ කියාසිටියා.

***************************************

වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වෙලා – අගමැති

(05.07.2020 – 10:13 +0530 – sinhala.adaderana.lk)

යහපාලන රජය කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරීම හේතුවෙන් වරාය නගරයෙන් රටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තම රජය යටතේ රටම වැඩබිමක් කරමින් ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ බවය.

වීරකැටිය ප්‍රදේශයේ ඊයේ (04) පස්වරුවේ පැවති ජන හමුවත් අමතමින් අග්‍රාම්‍යවරයා මේ බව සඳහන් කළේය.

***************************************

මඩකලපු විශ්ව විද්‍යාලයේ ගින්නක්

(05.07.2020 – 15:12 +0530 – lankadeepa.lk)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කෙරෙන සෞඛ්‍යය පිළිවෙත් යටතේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස දැනට පවත්වගෙන යන මඩකලපුව පුනානී පිහිටි ෂරියා විශ්ව විද්‍යාලයේ අද (05) දහවල් ගින්නක් හටගෙන ඇතැයි වාලච්චේන පොලීසිය කියයි.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නිරෝධායන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල එක්ව ගින්න නිවාදමමින් සිටින බවද පොලීසිය සඳහන් කලේය.

ගින්න හටගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න හෝ සිදුව අති අලාභ හානි කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ වාලච්චේන පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි ෴

+++++++++++++++++++++

***************************************

පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹෙයි

(05.07.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකයට ඉමහත් සවියක් වූ, නමුත් මේ වන විට අභාවයට ගොස් ඇති කාර්මන්තශාලවන්ට ජීවය ලබාදීම රජයේ එක් අරමුණක් වනවා.

ඊට අදාලව උළු සහ ගඩොල් කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්වූ අතර, වසා දමා තිබූ සහල් කාර්මාන්ත ශාලාවක වැඩ ආරම්භ කෙරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දීය රජයේ ප්‍රධානත්වයෙන් 1997 ස්ථාපිත පන්නගමුව සතොස සහල් සැකසුම් මධ්‍යස්ථානය වසර ගණනක සිට වසා දමා තිබුණේ එහි කළමණාකරිත්වයේ පැවති දුර්වලතාවය හේතුවෙන්.

පසුගිය දිනවල මතුවු සහල් ගැටළුවත් සමග සහල් නිෂ්පාදනයකර පාරිභෝගියාට සධාරණ මිලගණන් යටතේ සහල් පරිභෝජනයට අවස්ථාව සැලසිම රජයේ එක් අරමුණක් බවට පත්ව තිබුණා.

ඒ අනුව පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානය යළි ආරම්භ කිරිම සිදුවන්නේ විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.

පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු ඇරඹීම වෙනුවෙන් එහිදී ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ සහල් තිස්සමහාරාම රජමහා විහාරස්ථානය වෙත පෙරහරකින් ගෙන ගොස් අලුත් සහල් මංගල්‍යය පවත්වා බුදුන්ට පුජා කිරිම ඊයේ (04) සිදු කෙරුණා.

මේ අතර මහියංගනය පිගන් සංස්ථාවට අයත් උළු සහ ගඩොල් කර්මාන්තශාලාවක වත්මන් තත්වය සොයාබැලිම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා නිරික්ෂණ චාරිකාවක නිරතවුණා.

මේහිදි කර්මාන්තශාලාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇති අතර එහි කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

***************************************

දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති කම්මල් කර්මාන්තය

(05.07.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

කම්මල් කර්මාන්තය වසර දහස් ගණනක ඈත ඉතිහාසයකට දිවයන දේශීය කර්මාන්තයක්.

නමුත් විදෙස් රටලින් ගෙන්වනු ලබන උපකරණ නිසා අද වන විට මේ කර්මාතයේ නියැලෙන්නන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

අද (05) ‘රතු මිනිත්තුව’ වෙන්වන්නේ ඒ වෙනුවෙන්.

ලෝකුරු කර්මාන්තය හෙවත් කම්මල් කර්මාන්තය අපේ රටේ වසර තිස් අට දහසක් (38,000) තරම් පැරණි කර්මාන්තයක් ලෙසින් හදුන්වා දෙන්න පුළුවන්.

එකල මහා සම්මත රජ දවස යුධමය කටයුතු සදහා අවි ආයුධ තැනීම මූලික කරගනිමින් මෙම කර්මාන්තය ආරම්භ වූ බව සැලකෙනවා.

එමෙන්ම, කෘෂි උපකරණ සහ ගෘහ උපකරණ තැනීම ද සිදු කර ඇත්තේ මේ කම්මල් කර්මාන්තයේ නියැලෙනන් විසින්.

නමුත් එවන් දිගු ඉතිහාසයකට උරුමකම් කියන කම්මල් කර්මාන්තය මේ වන විට අභාවය කරා යමින් පවතින්නේ කාලයේ තාලය වෙනස්වීමත් සමගයි.

කලකට පෙර හැම ගමකම අඩුම ගණනේ එක් කම්මල්ලක් හෝ කම්මල් කිහිපයක් තිබුනද අද වන විට ගම්මාන දහයකටවත් එක කම්මලක් දැකගත නොහැකි තරමටම එය හීන වී ගොස් තිබෙනවා.

අද මේ පාරම්පරික කර්මාන්තයට කණ කොකා හඩා ඇත්තේ පිටරටින් ගෙන්වනු ලබන යන්ත්‍රානුසාරයෙන් නිපදවන නවීන උපකරණ වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබීමත්, දේශීය කර්මාන්තකරුවා අමුද්‍රව්‍ය සොයාගැනීමට ඇති දැඩි දුෂ්කරතාවයත් නිසයි.

යකඩ, ගින්දර, මයිනහම සමගින් හරි හරියට ගැටෙමින් තම ජීවිත සොයනා මොවුන් ඉල්ලා සිටින්නේ මේ කර්මාන්තය දියුණු කර ගැනීම සදහා නිසි වැඩපිලිවෙළක් රජයේ මැදිහත්වීමෙන් සකස් කර දෙන ලෙසයි.

දේශීයත්වය රැක ගනිමින් නවීන ක්‍රම ඔස්සේ මේ ලෝකුරු කර්මාන්තය දියුණු කළ හැකි වන්නේ නම් එය හෙට දිනයේ ලොව ජය ගන්නා කර්මාන්තයක් ලෙසින් දියුණු කළ හැකි බවයි කර්මාන්තයේ නියැලෙන්නන්ගේ අදහස.

***************************************

ක්‍රීඩාගාරයක් තම නිවහන කරගත් පවුලක්

(05.07.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ලෝක ජනාවාස දිනය සමරන්නේ දශක තුනක සිටයි. නමුත් අදටත් තමන්ටම කියා හිසට සෙවණක් නොමැති අපේම මිනිසුන් කොතෙක් නම් සිටිනවාද ? මේ ක්‍රීඩාගාරයක් තම නිවහන කරගත් පවුලක්.

ප්‍රේමලාල් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කළ තිදරු පියෙක්.

2015 වසරේදී රැකියාව අහිමි වීමත් සමග සිය දරු පවුල ජීවත් කරවීමට නොහැකිව අසරණව වූ ප්‍රේමලාල් සිය ජීවනෝපාය බවට පත් කරගන්නේ යතුරු කැපීමයි.

ඔහු බදුල්ල, බිබිල, මහියංගනය, රඹුක්කන, මහව ආදී ප්‍රදේශවල යතුරු කැපීමේ රැකියාව සිදුකරමින් තම පවුල සමඟ තාවකාලික නවාතැන්පලවල්හි ජීවත්ව තිබෙනවා.

පසුකාලීනව සිය දරුවන් තිදෙනා හා බිරිය සමග කැකිරාව ප්‍රදේශයට පැමිණි ප්‍රේමලාල්ට දිවි ගෙවීමට සිදුව ඇත්තේ කැකිරාව මහජන ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය සිය නිවහන කරගනිමින්.

ප්‍රේමලාල්ගේ බිරිද දරුවන් දෙදෙනෙකු සමග අනුරාධපුර, මරදන්කඩවල ආදී ප්‍රදේශවලට ගොස් සිඟමන් යැදීම සිදුකරන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම පවුලේ නඩත්තුව සදහා යතුරු කැපීමෙන් ලබන ආදායම ප්‍රමාණවත් නොවීම නිසායි.

හිසට සෙවණක් නොමැතිකමින් මේ ක්‍රිඩාගාරයේ දිවිගෙවනල මේ දරුවන්ට ඇත්තේ සීමිත බලාපොරොත්තු කිහිපයක් පමණයි.

ප්‍රේමලාල්ගේ එකම සිහිනය, බොහෝ දෙනෙකුගේ අවශ්‍යතා වෙනුවෙන් දහස් ගණන් යතුරු අත දැරූ තම දෑතට තමන්ගේම නිවසක යතුරක් උරුම කර ගැනීමයි.

***************************************

පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් ජනරැලි මාලාව ඇරඹෙයි

(05.07.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයිගේ ජය තහවුරු කෙරෙන ජනරැලි මාලාව අද (05) ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද (05) පෙරවරුවේ දිඹුලාගල ක්‍රීඩා පිටියෙන් මෙම ජන රැලි මාලාව ආරම්භ වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිඹුලාගලට පැමිණි ජනාධිපතිතුමාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

මෙහිදී ජනාධිපතිවරයා දිඹුලාගල ජනතාවගේ ගැටලු විමසමින් සුහද පිළිසදරක ද නිරත වුණා.

අද (05) දිනය පුරා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජන හමු කිහිපයකටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතයි.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(05.07.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

පොදුජන පෙරමුණේ අපේක්ෂක බන්දුල ගුණවර්ධන මහතා ජන හමුවක් අමතමින් කියාසිටියේ එක්සත් ජාතික පක්ෂය යා කළ නොහැකි ලෙසට වෙන්වී ඇති බවයි. එමෙන්ම සජිත් පිළ අන්තවාදීන් සහ ජාතිවාදීන් පෝෂණය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක වසන්ත සමරසිංහ ද ජන හමුවකට එක්වෙමින් අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ මැතිවරණය ආසන්න වන විට සංදර්ශණ වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවන බවයි.

මනාප සිඟාකෑමට වැඩි වශයෙන් පිරිස් පැමිණෙන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජන හමුවක් අමතමින් කියාසිටියා.

තම පක්ෂයේ පිරිස් කට මැත දොඩවන පිරිසක් නොවන බව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවි කරුණානායක කියාසිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය බෙලහීන තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ අපේක්ෂක සුජීව සේනසිංහ කියාසිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *