ඊ.ටී.අයි. ආයතනයේ මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් කෝටි ගණන් ගිය තැන හෙළිවෙයි

(22.07.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ආයතනයේ මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනක මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් ආකාරය ඊයේ (21) හෙළි වුණා.

ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව සඳහන් අයථා ක්‍රියාකලාපයන් සහ අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ කළ සාක්ෂි විමසීමේදී.

සාක්ෂි ලබාදීම සඳහා ඊයේ (21) දිනයේ පළමුව කොමිසම හමුවට පැමිණ සිටියේ ස්වර්ණමහල් ෆයිනෑන්ස් ආයතනයේ වර්ෂ 2009 සිට 2017 දක්වා සේවය කළ මූල්‍ය කළමනාකරුවෙක්.

ඔහු සාක්ෂි ලබා දෙමින් සඳහන් කර සිටියේ ETI ආයතනයෙන් ලැබුණු රුපියල් මිලියන 48 ක පමණ මුදලක් අවස්ථා කිහිපයකදී එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස සේවය කළ ටෝනි ජයසුන්දර නැමැත්තෙකුට ලබා දුන් බවයි.

එම මුදල් සෘජුවම ජීවක එදිරිසිංහ මහතාට යැවෙන බවත් ඔහු පැවසුවා ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියේ ස්වර්ණමහල් ජුවලර්ස් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් ආයතනයේ මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස සිටියදී විශ්‍රාම ගිය ටෝනි ජයසුන්දර නැමැත්තායි.

ඔහු කොමිසම හමුවේ සඳහන් කර සිටියේ තමන්ට ETI ආයතනයෙන් ලැබෙන චෙක්පත් මුදල් කරවා ජීවක එදිරිසිංහ මහතාට ලබා දුන් බවයි. එම චෙක්පත් අතර රුපියල් මිලියන 14, රුපියල් මිලියන 8 ආදී අගයන් තිබූ බවටත් ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

තෙවනුවට කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියේ ETI ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කළ තැනැත්තියක්.

ඇය කොමිසම හමුවේ සඳහන් කර සිටියේ තැන්පත් කරුවන්ගේ තැන්පතු මුදල ඉහළ අගයක් ගන්නේ නම් ඒවා මහ බැංකුවට අනාවරණය නොකරණ ගිණුම හෙවත් P ගිණුමට බැර කරන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බවයි.

සිව්වන සාක්ෂිකරු ලෙස කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ EAP ආයතනයට අනුයුක්තව සේවය කළ ගණකාධිකාරීවරෙයක්.

ඔහු සඳහන් කර සිටියේ P ලෙස හැඳින්වූ මහ බැංකුවට අනාවරණය නොකරණ ලද ගිණුම් සම්බන්ධයන් මහ බැංකු නිලධාරීන් කිසිදු අධීක්ෂණයක් නොකළ බවයි.

ETI ආයතනය සතු මුදල් විවිධ නම් වලින් විවිධ වාණිජ බැංකුවල තිබෙන බවත් ඒවායේ මුදල් ETI අනුබද්ධ ආයතන 20 කට පමණ ලබා දුන් බවත් ඔහු හෙළිකළා.

තවද එම P ගිණුමෙන් 2004 වසෙර්දී රුපියල් මිලියන 33 ක පමණ මුදලක් අධ්‍යක්ෂකවරුන්ගේ වාහන සඳහා ලබා ගෙන තිබෙනවා.

ඒක් අවස්ථාවක ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයට ණය පියවීම සඳහා රුපියල් මිලියන 817 ක පමණ මුදලක් ETI ආයතනය මගින් ලබා දී තිබෙනවා.

ඒමෙන්ම ETI අධ්‍යක්ෂක මණ්ඩලය විසින් P ගිණුමෙන් ලබා ගන්නා මුදල් පිළිබඳ කිසිදු තොරතුරක් විගණන අංශයට නොලැබෙන බවත් ඒක් අවස්ථාවක අසංක ඒදිරිසිංහ මහතාට නිවසක් මිලදී ගැනීම සඳහාද රුපියල් මිලියන 24 ක පමණ මුදලක් P ගිණුමෙන් ලබා ගත් බව සාක්ෂිකරු පැවසුවා.

ඉන් අනතුරුව ඔහු සඳහන් කර සිටියේ ඊ.ඒ.පී. ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයක් හරහා ඉන්දුනීසියාවේ ගල් අඟුරු ව්‍යාපෘතියක් සඳහා අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දාහක මුදලකුත් ඉන්දියාවේ සිදු කරනු ලබන ව්‍යාපෘතියක් සදහා අමෙරිකානු ඩොලර් ඒක්ලක්ෂ අසූදාහක පමණ මුදලක් ලබා දුන් බවයි.

නමුත් තමන් සේවය කළ කාලය තුළ මෙම ව්‍යාපෘති මගින් හෝ ලබා දුන් ණය මුදල්වලින් කිසිදු ප්‍රතිලාභයක් ETI ආයතනයට ලැබී නොමැති බව ඔහු පැවසුවා.

ඒහිදී නීතීවරයා ප්‍රශ්න කර සිටියේ කාගේ උපදෙස් මත මේවා සිදු කළේද යන්නයි.

සාක්ෂිකරු සඳහන් කර සිටියේ නාලක ඒදිරිසිංහ සහ දීපා ඒදිරිසිංහ යන දෙදනාගේ උපෙදස් මත සියල්ල සිදු කළ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ජූලි 25 වෙනිදා සිට ETI සහ ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට මහබැංකුවෙන් වන්දි

(22.07.2020 – 11:33 +0530 – hirunews.lk/sinhala)

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී යන ආයතනවල තැන්පත්කරුවන්ට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල මගින් රක්ෂණ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2020.07.25 වැනි සෙනසුරාදා දින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 45 ක් මගින් මෙම රක්ෂණ වන්දි මුදල් ගෙවීම් සිදු කෙරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහි දී එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දෙනු ඇති.

ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී. එල්. සී. යන ආයතන මගින් තහවුරු කරන ලද සියලු ම තැන්පත්කරුවන්ට / තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මේ වන විට වෙන් කර ඇති අතර මෙම ගෙවීම් ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා.

වන්දි මුදල් සඳහා අයදුම් කිරීමේ දී තැන්පතු සහතික සහ හැඳුනුම්පත් ආදී ලියකියවිලිවල මුල් පිටපත් නිසි පරිදි මහජන බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අදාළ ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගෙන් / තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ගෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලා සිටින්නේ ෴

***************************************

තේ දළු නෙලන්න එන අලුත් වැඩකරු

(22.07.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

තේ දළු නෙලීම සඳහා මෙරටට ගෙන්වන ලද නව යන්ත්‍රයක් පිළිබඳව ආගරපතන ප්‍රදේශයෙන් වර්තාවනවා.

මෙම නව යන්ත්‍රය මගින් පැයක කාලයකදී (¼) අමු තේ දළු කිලෝ 25 ක් නෙලාගැනීමට හැකිවනු ඇති බවයයි ආගරපතන හොල්බෘක් කෘෂි ව්‍යාපාරයේ කලමණාකාර අධ්‍යක්ෂක මොහාන් පින්නදූවගේ මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට වතු කම්කරුවෙකු විසින් දිනක පැය 8 ක් වැනි කාලයක් තුලදී නෙළන ලද තේ දළු ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝ 18 ක්.

මෙම නව යන්ත්‍රය චීනයෙන් මෙරටට ආනයනය කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ වනවිට තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් ඔහුන්ගේ ආර්ථික තත්ත්වය පහල වැටිම නිසා තේ කර්මාන්ත රැකියාවලින් ඔහුන් ඉවත් විම හේතුවෙන් තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කුඩා තේ වතු හිමියන් සහ වතු සමාගම් ගැටළු රැසකට මුහුණු පා තිබෙනවා.

ඒ අනුව එම අර්බුදයට විසඳුමක් ලෙස මෙලෙස ආනයනය කරන ලද යන්ත්‍රයේ බැටරිය පැය හයක් (6) ආරෝපණය කිරිම මගින් පැය දහයකට (10) ආසන්න කාලයක් අඛණ්ඩව වතු කම්කරුවෙකුට තේ දළු නෙලිය හැකි බවයි සඳහන් වන්නේ.

එය කිලෝ 1½ පමණ බරකින් යුක්ත බවත් සඳහන්.

මේ අතර මෙම යන්ත්‍රය භාවිතා කල වතු කම්කරුවන්ද කියා සිටින්නේ මෙම යන්ත්‍රය භාවිතා කිරිම තුලින් දිනකට විශාල අමු තේ දළු කිලෝ ප්‍රමාණයක් දිනකට නෙලිමට හැකි බවත්, එතුලින් තම අදායම් තත්ත්වයද ඉහල යන බවයි.

මේ අතර එම කම්කරුවන් ප්‍රකාශ කරන්නේ මෙතෙක් කල් වතු කම්කරුවන් වශයෙන් හැදින් වූ ඔවුන් ඉදිරියේදී ‘තේ දළු යන්ත්‍ර ක්‍රියාකරු’ වශයෙන් හඳුන්වනු ඇති බවයි.

***************************************

තලංගම දී අයිස් මත්ද්‍රව්‍ය සහ අධිවේගී යතුරුපැදියක් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට

(22.07.2020 – 11:37 +0530 – hirunews.lk/sinhala)

තලංගම, පයිප්ප පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක සහ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිසිය විසින් රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා අධිවේගී යතුරුපැදියක්, ව්‍යාජ අංක තහඩු යෙදූ තවත් යතුරු පැදියක් සහ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව අංගොඩ නිවසකින් තවත් යතුරුපැදි තුනක් (3) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ වැටලීමේදී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රැම් 200 ක් බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන ‘හෝකන්දර රයිඩර්’ නමැත්තාගෙන් ලද තොරතුරුවලට අනුව කළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණ වී ඇත්තේ ‘නේවි රුවන්’ නමැති පාතාල සාමාජිකයෙකු එම නිවසේ නවාතැන්ගෙන සිට ඇති බවයි.

අදාළ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇති අතර අතුරුගිරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

***************************************

පි.සී.ආර් පරික්ෂණ 1,41,515 ක් සිදු කර අවසන්

(22.07.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට පි.සී.ආර්. පරික්ෂණ 141,515 සිදු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ (21) දිනයේදි පි.සී.ආර්. පරික්ෂණ 1110 සිදුකර ඇති අතර, ඉන් කිසිදු කොරෝනා අසාදිතයෙකු වාර්තා වුයේ නැහැ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අසාදිතයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරික්ෂණ අද (22) දිනයේදිත් සිදු කෙරෙනවා.

අද (22) පෙරවරුව වනවිට එහි සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 561 ක් වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඉන් 451 පුනරුත්ථාපන රැඳවියන් වන අතර, 63 දෙනෙකු එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සමාජිකයින්.

මේ අතර, තමන්ට නීතිමය බලතල පවරාදෙන තෙක් කොරෝනා වෛරසය පාලනය කිරීමේ රාජකාරිවලින් බැහැර වී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද(22) 7 වන දිනටත් ක්‍රියාත්මකයි.

ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (22) පෙරවරුවේ 08:30 පමණ රජයේ වෛද්‍ය නිලධාරින් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහඩන සමග සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ කාර්යාලයේදියි.

මේ අතර, ගෙවුණු පැය 24 තුළදි ලොව පුරා හදුනා ගත් කෙරෝනා අසාදිතයින් සංඛ්‍යාව 239,113 ක්.

ලොව පුරා රටවල් 216 පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවන් මියගිය රෝගින් ගණන 619,605 වනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවවූ සංඛ්‍යාව 2064 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (22) දිනයේදී පූර්ණ සුවය ලබා 16 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමගයි.

මේ වනවිට රෝහල් ගතව කොරෝනා ආසාදිතයින් 655 ක් ප්‍රතිකාර ලබන අතර මෙරට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2730 ක් ෴

***************************************

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 60 ක් බෙදා අවසන් – තැපැල් දෙපාර්තමේන්තුව

(22.07.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 60 ක් පමණ බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉතිරි නිල දැන්වීම් ඡන්ද පත්‍රිකා ද ඉදිරි දිනවලදී බෙදා අවසන් කරන බවයි.

මේ අතර, මහමැතිවරණයට අදාළ මෙතෙක් වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 4363 ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

නාකොටික් නිලධාරින්ට ආරක්ෂාව සැපයූ එස්.ටී.එෆ්. භටයින් ගැන පරීක්ෂණයක්

(22.07.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් කිහිපදෙනෙකු ආරක්ෂාව සැපයූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා එම බලකායේ අණදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කිහිපදෙනෙකු ගිනි අවි සහිත ආරක්ෂාව සපයා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21) අධිකරණය හමුවේ කළ අනාවරණය සැලකිල්ලට ගනිමින්.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙරට නම ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සිදුකළ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි ආන්දෝලනයක්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එම කාර්යාංශයේ නිලධාරින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු ඊයේ (21) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

මෙම නිලධාරින් අත්අඩංගුවට ගන්නා රුපියල් කෝටි ගණනක් වටිනා මත්කුඩු ඔවුන් විසින්ම පාතාල නායකයන් සමග එක්ව යළි ඇසුරුම් කර අලෙවි කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.

එම මත්කුඩු දිවයිනේ විවිධ ප්‍රදේශවලට නාකොටික් නිලධාරින් විසින්ම බෙදාහැර ඇති අතර, එම කටයුතු සඳහා පාතාල සාමාජිකයන්ගේ සහයෝගය ද ලබාගෙන තිබෙනවා.

එලෙස බෙදා හරින මත්කුඩු වලින් කොටසක් යළි ඔවුන් විසින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අත්අඩංගුවට ගැනීම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිරිනමන ත්‍යාග මුදල් ද ලබාගෙන ඇති බව මේ වනවිටත් හෙළි වී අවසන්.

මෙලෙස මහපරිමාණයෙන් සිදුකළ මත්කුඩු ජාවාරමට ආයුධ සන්නද්ධ ආරක්ෂාවක්, චෝදනා එල්ල වී ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් විසින් ලබාදී ඇති බවටයි පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

එම තොරතුරු ඔස්සේ දීර්ඝ ලෙස පරීක්ෂණයක් සිදුකරන බවත්, ඔවුන් ද ඉදිරියේදී අධිකරණය හමුවට කැඳවන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත කරුණු වාර්තා කළා.

මේ අතර, පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, කළුතරදී ‘සමයං’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් සඳහා සැලසුමක් පැවතුනේ ද යන්න පරීක්ෂණ කණ්ඩායම් වල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපයේදී පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ යුද හමුදා නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් කට්ටල 15 ක් මෙරට සහ විදේශීය වශයෙන් නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් මෙන්ම, අත්බෝම්බ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (21) දිනයේදී ‘කිරියා’ නමැති පාතාල කල්ලි සාමාජිකයෙකු සූරියවැව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අතර ඔහු ගල්කටස් වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරතව සිට ඇති බව හෙළිව තිබෙනවා.

මේ අතර, තලංගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග මෙරට ලියාපදිංචි කළ නොහැකි අධිවේගී යතුරුපැදියක් ඇතුළු ව්‍යාජ අංක යෙදූ යතුරුපැදි 4 ක් සමග කාන්තාවක සහ තරුණයෙකු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය 18 වනදා මාළඹේ – අරංගල ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ‘හෝකන්දර රයිඩර්’ නමැති හිටපු යුද හමුදා විශේෂ බලකා සෙබලාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මතයි.

අදාළ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැණුනා ෴

***************************************

රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් පාඨලී ට සිතාසි

(22.07.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

රාජගිරියේදී රිය අනතුරක් සිදුකර පළායාමේ චෝදනාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (22) සිතාසි නිකුත් කළා.

ඒ ඊට අදාළ නඩුව අද (22) මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ පෙබරවාරි 28 වනදා රාජගිරියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සමන්ත ගුණවර්ධන තරුණයා රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගිය 9 වනදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකළා ෴

***************************************

ත්‍රිවිධ හමුදාව කොරෝනා වෛරසයෙන් වළක්වාලීමට පත් කළ කාර්ය සාධක බලකායේ විෂය පථය පුළුල්කරයි

(22.07.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පත් කළ කාර්ය සාධක බලකායේ විෂය පථය පුළුල් කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වන පුද්ගලයින් සහ බන්ධනාගාර රැඳවියන් ද වෛරසය ආසාදනය වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අදාළ කාර්ය සාධක බලකායේ විෂය පථයට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 27 වනදා 6 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයා විසින් පත් කළ අතර, එහි ප්‍රධානත්වය දරන්නේ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතායි ෴

***************************************

අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් CID යට නියෝග

(22.07.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

දැනට වැඩතහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරාධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුලු සිව්දෙනෙකු (4) වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

හිටපු අධිකාරිවරයාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත්තේ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගලයි.

මේ අතර රැඳවියෙකුට ශීතකරණයක් ලබාදුන් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරාධ සම්පායෝ අභියාචනාධිකාරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනුකර තිබෙනවා.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එච්.ඩී. නවාස් සහ සෝභිත රාජපක්ෂ යන විනිසුරු මඩුල්ල හමුවේ අද (22) කැඳවනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයායි ෴

***************************************

ලුණු කර්මාන්තකරුවන් ගැටලුවක

(22.07.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ප්‍රදේශයට පසුගියදා බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් නෙලීමට සූදානම් කර තිබූ ලුණු තොග විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව ලුණු කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් පවසනවා.

500 කට ආසන්න පිරිසක් ප්‍රදේශයේ අක්කර දහසකට (1000) ආසන්න භූමි ප්‍රමාණයක මෙම කර්මාන්තය පවත්වාගෙන යන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන්ට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවයි ෴

***************************************

හිටි හැටියේ මියගිය පිලියන්දල – බොල්ගොඩ ගඟේ මසුන්

(22.07.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පිලියන්දල – බොල්ගොඩ ගඟෙහි මසුන් විශාල විශයෙන් මියයාමේ සිද්ධියක් වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ හේතුවෙන් තමන් දැඩි සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දී ඇති බවයි.

බොල්ගොඩ ගඟෙහි පිළියන්දල – හැඩිගම – බ්ලූලෝටස් මාර්ගයේ කෙළවර වන්නට පිහිටි ප්‍රදේශයේ මත්ස්‍යන් විශාල ලෙස මියගොස් ඇති ආකාරයයි මේවනවිට දැකගත හැකියි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක්ද වහනය වන අතර ප්‍රදේශවාසීන් දැඩි සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදී සිටිනවා.

ඊයේ (21) උදෑසන ගඟෙහි මසුන් මෙලෙස මියගොස් ඇති ආකාරය පිළිබඳව ප්‍රදේශවාසීන් බලධාරීන් දැනුවත් කළද ඔවුන් චෝදනා කරන්නේ ඒ පිළිබඳ සොයාබැලීමක් සිදු නොවූ බවයි.

මිරිදිය ධීවර කර්මාන්තයද ක්‍රියාත්මක වන බොල්ගොඩ ගඟෙහි මසුන් මෙලෙස හදිසියේ මියයාම පිළිබඳව සොයාබලා ජනතාව මුහුණදෙන සෞඛ්‍ය ගැටලුවලට පිලියම් යෙදීම බලධාරීන් සතු වගකීමක් නොවේද?

***************************************

බත්තරමුල්ල අවට හෙට (23) රාත්‍රි 10 සිට පැය 8 ක ජල කප්පාදුවක්

(22.07.2020 – 14:59 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23) රාත්‍රී 10 සිට පැය අටක (8) කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාළඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

මේ අතර තවත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (24) පෙරවරු අටේ (08:00) සිට පැය 12 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල සහ මග්ගොන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

මීට අමතරව, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද අනිද්දා (24) පෙරවරු අටේ (08:00) සිට පැය 12 ක් මෙලෙස ජලය අත්හිටුවනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • ETI and Swarnamahal … massive corruption and fraud had been ongoing and the story is being revealed by the employees of the two organizations. It is good to see some compensation is being made by the Govt banking authorities. However it is very disappointing that these moneys are coming from the tax payers, while no action is being made to seize the assets of the company owners that were the corrupt and defrauding individuals responsible for scamming the investors. Their assets should be seized first, those in SLk and abroad. I think there is enough information justifying arresting them immediately to be brought to the courts, while the enquiry is on going. Meanwhile with their freedom, they have opportunity to hide their assets or to transfer them to other people.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *