ආනවිලුන්දාව ඩෝසර් කිරීමට උපදෙස් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ආනවිලුන්දාව ඩෝසර් කිරීමට උපදෙස් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ජිවත්වෙන්න මරුවා සමඟ එගොඩ මෙගොඩ යන මිනිස්සු

ගෙවිඳු කුමාරතුංග ‘යූ එස් ඒඩ්’ පාර්ලිමේන්තුවට රිංගූ හැටි අසයි

මම අද පිළිකා රෝගියෙක් – ප්‍රකට රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සංවේදී සටහන

ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ බී.සී. ආකෘති පත්‍ර බෙදාහැරීම ලබන මස සිට

මාස දෙකක් (2) තුළ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්, 6000 ක් රිමාන්ඩ් කෙරේ

19 වැනි සංශෝධනය අහෝසි කිරීම ගැන සාකච්ඡාව මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී

පාලම් දෙකම (2) අබලන් වීමෙන් හසලකට යන්න බැරිව අසරණ වූ ගම්වාසීන්

නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90 කදී – වන රක්ෂිතයට කිසිදු හානියක් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමල නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව මෙන්න

‘කලුපේ රෝෂාන්’ගේ නැගණිය සහ නැන්දණිය හෙරොයින් සමඟ අත්අඩංගුවට

රත්‍රන් කිලෝ 5 ක් සමග දෙදෙනෙකු (2) අත්අංඩගුවට

*********************************************

ආනවිලුන්දාව ඩෝසර් කිරීමට උපදෙස් දුන් ව්‍යාපාරිකයා අත්අඩංගුවට

(29.08.2020 – 10:10 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව අභය භූමියට අයත් කොටසක් ඉස්සන් වගාව සඳහා අනවසරයෙන් ඩෝසර් කිරීමට උපදෙස් ලබාදී ඇති බවට සැක ව්‍යාපාරිකයා පුත්තලම පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඉස්සන් ව්‍යාපාරිකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රයේ රියදුරුගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලට අනුවයි අදාළ ව්‍යාපාරිකයා පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව, ක්‍රියාත්මක වූ ආරච්චිකට්ටුව පොලීසිය ඊයේ (28) රාත්‍රියේම අදාළ ව්‍යාපාරිකයා සොයා මෙහෙයුමක් දියත් කර තිබුණා.

එම ව්‍යාපාරිකයා උඩප්පුව පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

++++++++++

මෙම අනවසර ක්‍රියාව තුළ ආනවිලුන්දාව අභය භූමියේ හෙක්ටයාර 0.697 ක් එලි පෙහෙලි කර ඇති බව සඳහන්.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආනවිලුන්දාව අභය භූමිය, 1997 වසරේ මැයි 11 වැනිදා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙක්ටයාර 1397 ක වපසරියකින් යුත් ආනවිලුන්දාව අභය භූමිය ප්‍රධාන වැව් පද්ධතියකින්ද සමන්විතයි.

තෙත් බිම් ආරක්ෂා කර ගැනීමේ අන්තර් ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු මස 03 වනදා රම්සා තෙත් බිමක් ලෙස මෙම අභය භූමිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආනවිලුන්දාව රක්ෂිතය ජලජ පක්ෂීන්, ක්ෂීරපායින් මෙන්ම දුලබ සමනල් විශේෂ ගණනාවකගේ වාසභූමියයි.

මෙම අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය දශක කිහිපයකට ඉහතදී ඉස්සන් කොටු ඇති කිරීම සඳහා හෙළි පෙහෙළි කිරීම හේතුවෙන් ඉමහත් විනාශයක් සිදුව තිබුණා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

‘රැම්සා තෙත්බිමේ කඩොලාන සංහාරය’.. ආනවිළුන්දාව සැබෑ කතාව මෙන්න…

(29.08.2020 – 06:21 +0530 – lankacnews.com)

හෙක්ටයාර් 1397 ක් වූ භූමි වපසරියකින් සමන්විත ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය, කාසන්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ස්භාවික කඩොලාන පද්ධතිය ආශ්‍රිතව මීට පෙර පවත්වාගෙන ගොස් තිබූ ඉස්සන් ගොවිපලක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් සමග ස්භාවික පරිසර පද්ධතියට බරපතල හානි සිදුව ඇති බවට පරිසරවේදියෝ චෝදනා කරති.

2001 වසරේ අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමත් සමග එය අභය භූමියන් ලෙසින්ද නම්කර තිබුණි. පසුව වන ජීවි හා වන සංරක්ෂණ යන ආයතන ද්විත්යේ එකතුවෙන් ආදල අභය භූමිය තුළ 2000 වසරේ හෝ ඊට ආසන්න දිනවලදී අක්‍රමත් ලෙස පවත්වාගෙන ගොස් තිබූ ඉස්සන් ගොවිපලවල් සදහා වෙන්කර තිබූ ඉඩම් කොටස්ද අභය භූමිය යටතේ ගැසට් කිරීමත් සමග එහි කඩොලාන සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීමද ආරම්භ කල තිබූ බව පරිසරවේදියෝ පෙන්වා දෙති.

කෙසේ නමුත් ආදල අභය භූමිය තුළ පිහිටා තිබූ ඉපැරණ ඉස්සන් ගොවිපලවල් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සදහා වන ජීවි, වන සංරක්ෂණ, ජලජීවි වැනි ආයතන ව්‍යුහයේ කිසිදු අනුමැතියකින් තොරව ඉතා සූක්ෂම ලෙස හොර රහසේ සංවිධානාත්මක පිරිසක් විසින් කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර දෙකකට (2) ආසන්න භූමි ප්‍රමාණයක ඉදිකර තිබූ ඉස්සන් ටැංකියක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් සමග එහි තිබූ ස්භාවික කඩොලාන පද්ධතියට හානි සිදුව ඇති බව පරිසරවේදියෝ පෙන්වා දෙති.

කාලයෙන් කාලයට රටේ පවතින දේශපාලන පිල් මාරුවත් සමග ප්‍රබල දේශපාලන හස්තයකගේ බලය පාවිච්චිකරමින් අවස්ථා ගණනාවකදී රැම්සා අභය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඉස්සන් ටැංකි සකස් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමඟ ඔවුන් අභය භූමියෙන් පිටව ගිය බව පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.

අදාල සංවිධානාත්මක පිරිස මෙම භූමියෙන් ඉවත් වී යාමෙන් අනතුරුව අදාළ පෙදෙසෙහි නැවත කඩොලාන ශාක රෝපණය කිරීමට වන ජීවි නිලධාරින් සමත්ව තිබුණි.

අභය භූමිය තුළට අන වසරෙන් ඇතුළු වූ මේ සංවිධානාත්මක පිරිස විසින් අක්කර දෙකකට (2) ආසන්න භුමියක් කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍ර උපයෝගි කරගනිමින් එහි තිබූ කඩොලාන පද්ධතිය විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසා සිටියේ.

සංචාරක මෙන්ම පර්යටන පක්ෂීන්ගේ තෝතැන්නක්ව ඇති මෙම අභය භූමිය තුළ දැනට රතු දත්ත පොතේ වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දේශිය කුරුළු විශේෂ රැසක්ගේ ප්‍රධාන වාසභූමිය බවට පත්ව ඇත්තේ මෙම අභය භූමියයි. අලංකාර වැව් පද්ධතිය ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය ස්භාව දහමට අපූර්වත්වය එක් කරන්නේ විවිධ වූ විසිතුරු මසුන්ගෙන් සේම ජලජ ශාක ආශ්‍රිතව ජලයේ ජීවත් වන්නාවූ කුරුළු විශේෂ හේතුවෙනි.

බටහිර දිසාවට වන්නට පිහිටා ඇති ස්භාවික හැමිල්ටන් ඇළ හා බැදුන ධීවර කර්මාන්තයට මහත් රුකුලක් ලෙස ස්භාවික කඩොලාන සම්පත ලබා දෙන දායකත්වය ඉමහත්ය. ඉස්සන්, කකුළුවන්, මත්ස්‍යයින්ගේ අභිජනන ක්‍රියාවලියට සෘජු දායකත්වයක් මෙම ස්භාවික කඩොලාන සම්පත මගින් සිදුවන ඇති බව කියයි.

මේ සම්බන්ධයෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසර හා නීති නිළධාරි පරිසර භාරයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතා පවසා සිටියේ, අභය භූමියක් ලෙස යම් කිසි ප්‍රදේශයක් ගැසට් කිරීමෙන් අනතුරුව ඒ ස්ථානය පුද්ගලික හෝ රජයේ වුවද වනසත්ත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ පවතින නීතිමය සාධක සෘජු ලෙස බලපානු ලබනවා.

“ඔය රැම්සා තෙත් බිමට අයත් කාසන් වත්ත ප්‍රදේශයත් සම්පූර්ණයෙන් අභය භූමියට අයත් භූමියක්. ඒ භූමිය වෙරළ කලාපයට යාබදව පිහිටා තිබෙන්නෙ. එහි කරදිය මිශ්‍ර වීම හේතුවෙන් ස්භාවික කඩොලාන වගාව සිදු කරලා තිබුණා. ඒ අවදියේ මෙහි අක්‍රවත් ලෙස ඉදිකරලා තිබූ ඉස්සන් ගොවිපලවල් අතහැර දැමීමත් සමග ගැසට් එකකින් අභය භූමිය ලෙස නම් කරනු ලැබුවා.

එලෙස ගැසට් එකකින් ප්‍රකාශයට පත් කරපු අභය භූමියක ඇතුළත හෝ මායිමෙන් පිටත කුමන හෝ ඉදිකිරිමක් සංවර්ධනයක් නවීකරණයක් සිදුකරනු ලබන්නේ නම් ජාතික පාරිසරික බලපෑම් ඇගයීම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතුය.

පනත් දෙකක් යටතේ අභය භූමියකට ආරක්ෂාව ලැබෙනවා. සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ ජාතික පාරිසරික ආඥා පනත ලෙස. ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නීති විරෝධි ආකාරයෙන් හෝ අනවසරෙන් ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එකි පුද්ගලයා හෝ පිරිස අධිකරණයේ වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීමේ බලය තිබේ. ඒ වරද සංඤ්ය වැරදි ලෙස අපි හදුන්වන් ලබනවා.

ජාතික පාරිසරික ආඥා පනතට අනුව අභය භූමිය තුළ මීටර් 100 ක සීමාවේ මොනයම් හෝ සංවර්ධන කටයුත්තක නියැලෙන්නේ නම් ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගත යුතුය” යනුවෙන් හෙතෙම පැවසීය.

– කේ. ප්‍රියංකර කළුපහන

*********************************************

ජිවත්වෙන්න මරුවා සමඟ එගොඩ මෙගොඩ යන මිනිස්සු

(29.08.2020 – 10:49 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ ඔරුතොටවැල්ල වැල් පාලම දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ඒ අවට ජනතාවට මහත් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ පාලමට සවිකර ඇති ලෑලි දිරා යාම හේතුවෙන් අද වනවිට එහි ගමන් කිරීම අනතුරුදායක වීම හේතුවෙනුයි.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම වැල් පාලම හරංගල ඉළුක්තැන්න හා නයාපාන ජනපද යා කරමින් කොත්මලා ඔය මත්තෙන් ඉදිකර තිබෙනවා.

පාලමට යොදා ඇති ලෑලි දිරා දිරා යාම හේතුවෙන් ඒ අවට ජනතාව විසින් පිටලෑලි ගසා තාවකාලිකව පාලම සකස් කරගත් බවයි සඳහන් වන්නේ.

නමුත් මේ දිනවල කොත්මලේ ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබීමත් සමඟ එම පාලම භාවිත කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂාව දැඩි අවදානමක පවතිනවා.

එසේම හරංගල ද්වීතියික පාසලට පාසලට පැමිණෙන බොහොමයක් සිසුන් ද පාසලට පැමිණීමට භාවිත කරන්නේ කොත්මලේ ඔරුතොටවැල්ල වැල් පාලමයි.

එවන් පසුබිමක කොත්මලේ ඔරුතොටවැල්ල වැල් පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් එම ප්‍රදේශයේ ජනතව ඉල්ලීමක් කරනවා.

*********************************************

ගෙවිඳු කුමාරතුංග ‘යූ එස් ඒඩ්’ පාර්ලිමේන්තුවට රිංගූ හැටි අසයි

(29.08.2020 – 07:09 +0530 – lankaleadnews.com)

නවක මන්ත්‍රී වැඩ මුළුවට ‘යූ එස් ඒඩ්’ ආයතනයේ නම සඳහන් පොතක් සහ පෑනක් තිබුණේ කෙසේදැයි වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කරමින් ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු සැසි වාරයේදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේය.

‘යූ එස් ඒඩ්’ ආයතනයේ තිළිණ මෙසේ ලබාදීම පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයට හානියක් නොවේ දැයි මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා කථානායකවරයාගෙන් වැඩි දුරටත් විමසා සිටියේය.

මෙම ක‍්‍රියාදාමය මගින් ‘යූ එස් ඒඩ්’ ආයතනය බලාපොරොත්තුව ඇත්තේ තිළිණ මගින් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් තමන් වෙත යම්කිසි මට්ටමකට අවනත කර ගැනීමකට විය හැකි බවත්, එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැති ඇමැතිතුමන්ලාටත් පොදුවේ පාර්ලිමේන්තුවටත් කරන ලද විශාල බලපෑමක් හා අපකීර්තියක් බවත් මන්ත‍්‍රීවරයා මතු කළ වරප‍්‍රසාද ප‍්‍රශ්නයෙහි සඳහන් වේ.

‘යූ එස් ඒඩ්’ ආයතනයේ තිළිණ මේ පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයට හානියක් නොවේ දැයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් මහාචර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා ප‍්‍රශ්න කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය දියුණු කිරිමට ඇමරිකානු ‘යූ එස් ඒඩ්’ ආයතනයෙන් විශාල ලෙස මුදල් වියදම් කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් පිළිතුරු දුන් බව කුමාරතුංග මහතා සිය වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් කළ කතාවේ සඳහන් කළේය.

මේ ආකාරයට අපේ රටට අනවශ්‍ය අයුරින් මැදිහත්වන්නා වූ වෙනත් රටකට අයත් ආයතනයකින් තිළිණ ලබාදීම සම්බන්ධයෙන් කථානායකතුමා දැනුවත්ද, ඒ සඳහා කතානායකතුමාගේ පූර්ව අවසරය දී තිබේද යන්නත් මන්ත‍්‍රීවරයා විමසා සිටියේය. හිටපු කථානායක කරූ ජයසූරිය මහතා උත්තරීතර පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය කෙලෙසා දමමින් විවිධ ආයතනවලට, ඔවුන්ගෙන් පඩිලබන සේවකයන්ට මේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට ඉඩදී ඇති බවත් එවැනි කටයුතු රටට අනර්ථයක් බවත්, ඒවායින් පාර්ලිමේන්තුව නිදහස් කර ගැනීමට මැදිහත්වන ලෙසත් මන්ත‍්‍රීවරයා කතානායකතුමා ගෙන් ඉල්ලා සිටියේය.

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද පැණයට පිළිතුරු දෙමින්, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කිසිම ආකාරයකින් බලපෑමක් කිරීමට ඉඩ නැති බවත්, ඉඩ නොදෙන බවත් දන්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය ෴

*********************************************

මම අද පිළිකා රෝගියෙක් – ප්‍රකට රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සංවේදී සටහන

(29.08.2020 – 08:40 +0530 – lankaleadnews.com)

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි අතිශය සංවේදී සටහනක් මුහුනුපොතට එක්කර තිබෙනවා. ඒ ඇය මේ වන විට පිළිකා රෝගය වැලදී ඇති බව සටහන් කරමින්.

“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන

මට ආදරය කරන, මගේ ආදරණීය ඔබ වෙත,

ඔබ වගේම මමත් කිසි දිනක අහන්නට බලාපොරොත්තු නොවුනු ඒ අමිහිරි ආරංචිය සත්‍යයක්. මම අද පිළිකා රෝගියෙක්.

ඒත් මූලික අවධියේ දී ම මගේ රෝගී තත්ත්වය අපේ රටේ දෙවිවරු වැනි වෛද්‍යවරුන් හඳුනා ගත්තා.

මාස කිහිපයක් තිස්සේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් මම හොඳින් ඉන්නවා.

මගේ ගෙදර අය, ළඟම හිතවතුන් මේ කාලයේ මගේ ළඟින්ම හිටියා.

ඒත්…, මෙවැනි දේ නීරස නිසා මට ආදරය කරන ඔබගෙන් මගේ රෝගී තත්ත්වය මෙතෙක් වසන් කලා. ඒත් හැමදාට ම එය කළ නොහැකියි.

මට ආදරේ කරන ගෞරව කරන ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා සුවපත් කරන බව මට විශ්වාසයි.

ඒත් මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කිහිප දෙනෙකුත් අපි අතර ඉන්න පුළුවන්. ඒ බව දැනුවත් කරන්නයි මම මෙහෙම ලියන්න හිතුවේ..

මා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර පහසුවෙන් හා අපහසුවෙන් වූවත් මගේ ගෙදර අය හා ළඟම හිතවතුන්ගේ මැදිහත් වීමෙන් කරගෙන යනවා.

මෙවැනි සංවේදී අවස්ථා පාවිච්චි කරමින් ඇතැමුන් ව්‍යාජ ගිණුම් හරහා මුදල් එකතු කිරීම් කරනවා. එවැනි රැවටීම් වැනි දෑ වලින් ඔබව වැළකීම මගේ යුතුකමක්.

නැවතත් මම ආදරයෙන් සිහිපත් කරන්නේ හැමදේකටම වඩා ඔබගේ ආශිර්වාදය මාව සුවපත් කරාවි…

මම, ඔබේ ආදරණීය සුසන්තා චන්ද්‍රමාලි…

*********************************************

ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ බී.සී. ආකෘති පත්‍ර බෙදාහැරීම ලබන මස සිට

(29.08.2020 – 12:39 +0530 – sinhala.adaderana.lk)

2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ බී.සී. ආකෘති පත්‍ර බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් පළමුවන දා (01) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් එම ආකෘති පත්‍ර නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බව එම කාර්යාලය පැවසීය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමග පසුගිය දා පැවති මහ මැතිවරණය කල්යාම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීම ප්‍රමාද විය.

කෙසේවෙතත් එළඹෙන වසරේ මාර්තු මාසයේ දී 2021 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමේ කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.

ජාතික හැඳුනුම්පතක් හිමි සෑම පුද්ගලයෙකුම තම නම, ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරුන් විසින් ලබාදෙන බී.සී ආකෘති පත්‍ර සම්පූර්ණ කර භාර දිය යුතු වේ ෴

*********************************************

මාස දෙකක් (2) තුළ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්, 6000 ක් රිමාන්ඩ් කෙරේ

(29.08.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය වැරදි සඳහා රිමාන්ඞ් භාරයට පත් කරන රැඳවියන් වෙනත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෑතකාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කරන සහ බන්ධනාගාර ගත කරන ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ගත වූ මාස දෙකක (2) කාලය තුළ 6000 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර තිබෙනවා.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර, ඉන් 20,000 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කළ අය බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රිමාන්ඩ් බන්ධානාගාර තුළ පහසුකම් ඇත්තේ 11,000 ක පමණ පිරිසකට පමණක් වුවද මේ වන විට ඒ තුළ දැඩි තදබදයක් පවතින බව සඳහන්.

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂාව දැඩි කිරීම හේතුවෙන් රහසිගත ලෙස බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම ද වැලකී ඇති බැවින් රැඳවියන් බන්ධනාගාර තුළ ඉතා කලහකාරී ලෙස හැසිරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අදළ ප්‍රකාශකයා පෙන්වා දෙනවා.

එලෙස මත් උන්මාදයෙන් පසුවූ රැඳවියන් 3 දෙනෙකු පසුගිය කාලය තුළ සිය දිවි හානි කරගෙන ඇති බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගනිමින් සිටින බවයි.

වෛද්‍ය කාර්ය මණ්ඩලය ද සීමිත බැවින් ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බව ඔහු කියා සිටියා.

මීට පෙර මෙවැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර පුනරුත්ථාපනයට ලක් කෙරුණ ද කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ එය ද මේ වන විට ඇණහිට තිබෙනවා.

කෙසේ වෙතත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව සඳහන් ෴

*********************************************

19 වැනි සංශෝධනය අහෝසි කිරීම ගැන සාකච්ඡාව මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී

(29.08.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාව කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා.

රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඊයේ (28) පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

*********************************************

පාලම් දෙකම (2) අබලන් වීමෙන් හසලකට යන්න බැරිව අසරණ වූ ගම්වාසීන්

(29.08.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

හසලක නගරයට ළඟා විය හැකි පාලම් දෙකම (2) අබලන් වීම හේතුවෙන් ගම්මාන කිහිපයක ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, සිය ජීවිත පවා මේ හේතුවෙන් අවදානම් තත්ත්වයක පවතින බවයි.

‘රතු මිනිත්තුවේ’ අද (29) අවධානය මෙම පුවත පිළිබඳවයි.

***************************************

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් බලංගොඩ පඹහින්න මූලික රෝහල පස්වරු 4 වන විට වසා දමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ හේතුවෙන් ගම්වාසීන් පත්ව ඇත්තේ දැඩිදුෂ්කරතාවයකටයි.

***************************************

මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ දිනයේ සිට ජල සැපයුමද අහිමි වීමෙන් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති ගම්මානයක් පිළිබඳව කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. කැලණිය, පෙතියාගොඩ, කැලණිගං ඉවුරේ සිටින පවුල් 200 ක් පමණ මෙලෙස ජල ගැටලුවට මුහුණ දී සිටිනවා. ඔවුන් පවසන්නේ, පසුගිය 17 වැනිදා මුළු දිවයිනටම විදුලිය සැපයුම බිඳවැටීමත් සමඟ අත්හිටුවනු ලැබූ ජල සැපයුම මේ දක්වා යථා තත්ත්වයට පත්කර නොමැති බවයි. මේ හේතුවෙන් මෙම ජනතාවට පානීය ජලය සපයා ගැනීම සඳහා දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා ෴

*********************************************

නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90 කදී – වන රක්ෂිතයට කිසිදු හානියක් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි

(29.08.2020 – 15:44 +0530 – hirunews.lk/sinhala)

නෙලුව – ලංකාගම – පිටදෙණිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තෙමසක් (3) තුළ නිම කිරීමටත්, එහිදී වන රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවිය යුතු බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ, එම මාර්ග ප්‍රතිසංස්කරණයේදී සිංහරාජ වන සංරක්ෂිතයට හානි වනබව විද්‍යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් පළ වූ ප්‍රචාරවල සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසීමට නෙලුව – ලංකාගම ප්‍රදේශයේ ජනාධිපතිවරයා අද (29) සිදුකළ සංචාරයේදීයි.

පරිසරවේදීන් එල්ල කළ චෝදනා සමග ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවන ලෙස මීට පෙර ජනාධිපතිවරයා නියෝග කර තිබුණා.

ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය නිරීක්ෂණය සඳහා මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව තිබෙනවා.

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා වුනා.

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියන අතර තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායයි.

සියවසකට අධික කාලයක සිට ගැමියන් සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යනවා.

නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වයයි දැඩි බාධාවක් වී ඇත්තේ.

ඊට පිළියම් ලෙසයි ‘නෙළුව – ලංකාගම – පිටදෙනිය’ මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරුණේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කිලෝමීටර් 18 ක දුර ප්‍රමාණය මාස තුනක් (3) තුළ නිම කිරීමට උපදෙස් දී තිබෙනවා.

මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන් වීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 4 කට ආසන්න කාලය විනාඩි 45 කට කෙටි වනු ඇති.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බවයි ජනාධිපතිවරයා තරයේ අවධාරණය කර ඇත්තේ.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කර තිබෙනවා.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120 කින් සහ පළලින් අඩි 06 කින් යුත් පාලමක් ඉදිකිරීම ද මීට සමගාමීව සිදු කෙරෙනවා.

වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරෙනු ඇති.

පවුල් 700 ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 3 බැගින් නොමිළේ දී පැළ 2100 ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

*********************************************

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමල නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව මෙන්න

(29.08.2020 – 16:40 +0530 – lankacnews.com)

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා 28 වන දින පාර්ලිමේන්තුවේදී කල කතාව :

විශේෂයෙන්ම සී වි විග්නේශ්වරන් මන්ත්‍රිතුමා මේ සභා ගැබේ සිටින අවස්ථාවේ මට අමතන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමා නව වැනි පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනයේ මේ රටේ ජනතාව කුපිත කරවන කතාවක් කලා. එතුමා සඳහන් කළ ප්‍රධානම කාරණය වුණේ ‘ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාවයි’ කියන එක. ඇත්තෙන්ම එය කිසිම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාක්ෂිවලින් ඔප්පු කරන්න බැරි පට්ට පල් බොරුවක්. ලන්දේසි යුගයේදී ‘යාල්පානම් වෛයිපමාලෙයි’ කියන ග්‍රන්ථය ලියැවෙන තුරු මේ රටේ දෙමළ ජනතාවට ඉතිහාස පොතක් තිබුණේ නෑ. යාල්පානම් වෛයිපමාලෙයි එනතුරු ඉතිහාස පොතක් තබා විධිමත් ලෙස ඉතිහාස කතන්දරයක් වත් එකතු වෙලා තිබුණේ නෑ. ඒ වගේම අපි ඉතා හොඳින් දන්නවා Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna යනුවෙන් මහාචාර්ය කර්තිගේසු ඉන්ද්‍රපාලන් තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය කලා. එහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා දොළොස්වන (12) සියවසට පෙර මේ රටේ ස්ථිර දෙමළ ජනාවාස තිබුණු බවට කිසිම ඓතිහාසික පුරා විද්‍යාත්මක සාක්ෂියක් නොමැත කියලා. මේ මහාචාර්යවරයා සිංගප්පූරුවේ ජීවත්වන යුගයේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් දිගින් දිගටම තර්ජනය කලා ඒ නිබන්ධනයේ නිගමනය වහාම වෙනස් කළ යුතුයි කියලා. නමුත් තර්ජන ගර්ජන හරහා ඉතිහාසය වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි යමක් වැරදි නම් විරෝධය පාල කරලා වැඩක් නෑ. විග්නේශ්වරන් මන්ත්‍රිතුමා කියන කතා වැරදි නම් අපි ඒක වැරදියි කියලා ඔප්පු කළ යුතුයි.

ඒ නිසා මම විග්නේශ්වරන් මන්ත්‍රීතුමාට මාධ්‍ය හමුවක් පවත්වා අභියෝගයක් කලා. එන්න මා සමග විවාදයට ඔබ සතු සාක්ෂි සියල්ල අරගෙන. ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාවද කියන මාතෘකාව යටතේ අපි ප්‍රසිද්ධ විවාදයක් කරමු. ඔබ රැගෙන එන සියලුම සාක්ෂි පදනම් විරහිතයි කියලා ඔප්පු කරන්න මම ලෑස්ති කියලා. හැබැයි ඒ ප්‍රකාශය කළාට පස්සෙ විග්නේශ්වරන් මන්ත්‍රිතුමාගෙන් කිසිම සද්දයක් නෑ. වෙලාවකට මට හිතෙනවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අභියෝග කියන වචනයට රෞද්‍ර කොටියෙක් පූස් පැටියෙක් තරං අහිංසක කරන්නට නිහඬ කරන්නට පුළුවන් මැජික් බලයක් තිබෙනවාද කියන ප්‍රශ්නෙකුත් මගේ හිතේ ඇතිවුණා.

සමහරු අපෙන් අහනවා එතුමා මේ ප්‍රකාශය කරන වෙලාවේ එතුමා ගෙන් ප්‍රශ්න කළේ නැත්තේ ඇයි කියලා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ සභාවේ සම්ප්‍රදායන් ගැන නොදන්නා අයයි ඒ චෝදනා එල්ල කරන්නේ. එදා තිබුණේ කතානායකතුමාට සුභ පැතීමේ අවස්ථාව. කතානායකතුමාට සුබපතන අවස්ථාවේ කවුරුවත් බාධා කරන්න යන්නේ නෑ තවත් කෙනෙකුගේ කතාවකට. ඊට පස්සේ අපිට මේ සභාව අමතන්න හමු වුණු පළමු දිනය වන අද දිනත් ඊට ප්‍රථම එළියේදීත් අපි මේ කාරණාව සම්බන්ධයෙන් අභියෝගයට ලක් කලා.

විශේෂයෙන් අපි සතුටු වෙනවා මේ පාර පාර්ලිමේන්තු ප්‍රතිඵලය පිළිබඳව උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව ඉතා පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි දකුණේ සිංහල ජනතාව සමඟ සමගියෙන් වැඩ කරල බෙදුම්වාදි විෂබීජය වෙනුවට සංවර්ධනයේ අරුණලු උතුරට ගෙන එන ඔබතුමන්ට ඩග්ලස් දේවානන්ද ඇමැතිතුමන්ට මේ අන්තවාදී ප්‍රකාශය කරපු මන්ත්‍රීතුමාට වඩා ඉහළ මනාප ප්‍රමාණයක් ලබාදෙමින් ‘ඔබතුමන්ලා තමයි උතුරේ නායකයන් විය යුත්තේ’ කියන පණිවිඩය උතුරේ ජනතාව කියලා තියෙනවා. දකුණත් සමග අපි එකමුතුව වැඩ කරන්න කැමතියි කියන පණිවිඩය ඔබතුමන්ලාට ලැබුණු විශාල මනාප ප්‍රමාණය තුල අඩංගුයි. මට මතක විදිහට 36,365 මනාප ගත් ඔබතුමා තමයි යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගනනක් ලබාගත් මන්ත්‍රීවරයා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කරද්දී ඔබතුමා තෝරා ගැනීම හරහා උතුරේ ජනතාව ලබාදීලා තියෙන මේ අලුත් පණිවිඩය දකුණේ නායකයන් ඉතා ප්‍රවේශමෙන් කියවා තේරුම් ගෙන උතුර දිගුකළ මිත්‍රත්වයේ හස්තයට අපි දෑත් දෙකම දිගුකොට ආදරයෙන් වැළඳගත යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.

ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඊයේ දවසේ විපක්ෂයේ ප්‍රධානම තර්කය වුණේ : ‘අතුරු සම්මත ගිණුමක් මුලින් ඉදිරිපත් වුණා ජනවාරි 01දා සිට මාර්තු 31 දක්වා, ඊළඟට අද ඉදිරිපත් කරල තියෙන අතුරු සම්මත ගිණුමත් අගෝස්තු 01දා සිට දෙසැම්බර් 31 දක්වා ඒ නිසා මැයි මාසයේ 01දා සිට ජූලි මාසයේ 31 වැනි දා දක්වා වූ කාල පරාසයට මේ පාර්ලිමේන්තුව මුදල් අනුමත කරලා නෑ. ඒ නිසා ඒ කාලයේ මුදල් වියදම් කර ආකාරය නීතිවිරෝධී’ කියන එකයි. මෙය මහා භයානක නීතිමය විනාශයක් විදියට ඊයෙත් අදත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අර්ථ දැක්වූවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ 87/2020 කියන මූලික අයිතිවාසිකම් පෙත්සමේ 62 වන ඡේදයේ සිට ඉදිරියට තියෙන්නෙත් ඔය තර්කයම තමයි. ඒ තර්කය ඉදිරිපත් කරමින් එදා කිව්වේ වහාම පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනාධිපතිතුමා දැන් මුදල් වියදම් කිරීම නීති විරෝධී. වහාම යළි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ජනාධිපතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දින ගණනාවක් මේ පෙත්සම් හොඳින් සලකා බලා, ආවට ගියාට නෙවෙයි දින නමයක් විතර මට මතක විදියට හොඳින් සලකා බලලා මේ පෙත්සමේ හරයක් නැත, නීතිමය පදනමක් නැහැ කියලා පෙත්සම විභාගයට වත් නොගෙන විසික් කළා. එහෙම පිළුණු වෙච්ච – ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව විසිකරපු – තර්කය අරගෙන මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක් නාස්ති කිරීමෙන් විපක්ෂයද කෙතරම් බංකොලොත්භාවයට පත් වෙලාද කියන කාරණය පෙන්නුම් කරනවා.

මොවුන්ගේ දෙවැනි ප්‍රධාන තර්කය වුණේ කොරෝනා වසංගතය එන්නත් කලින් මේ ආර්ථිකය සෘණ වෙලාය කියන එකයි. ඒක කවුද කලේ? අපේ කාලේ 6% ක සමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. ඒ ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දස වසරේ යුද්ධයක් කරලා තිබියදීත් මහා දැවැන්ත සංවර්ධනයක් කරමින් 6% ක සමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් අපි ගෙන ගියා. ඔබ ඇවිල්ලා ඒක සාමාන්‍යයෙන් 3% වසර වසර පහටම පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 1.9% පසුගිය වසරේ දකුණු ආසියාවේ සිටින ආර්ථික වශයෙන් දුර්වලම රට ලෙස සලකන ඇෆ්ගනිස්තානයටත් වඩා පහතින් තමයි අපේ ආර්ථික වර්ධන වේගය තිබුණේ. ඒ ආර්ථික වර්ධන වේගය දිගුව තමයි මේ වසරේ මුල් මාස හය පෙන්වන්නේ. කොරෝනා එන්න කලින් ඉඳන්ම ඔබ මේ රට එක පැත්තකින් ආර්ථිකයට කරපු විනාශය අනික් පැත්තෙන් මහ බැංකුව වංචා වැනි දැවැන්ත සොරකම්, පාස්කු ප්‍රහාරය සිදු වෙන්න ඉඩ දී බලා සිටීම වැනි කාරණා මතයි ආර්ථිකය දුර්වල වීම ආරම්භ වුණේ. නමුත් මේ රටේ ජනතාව 2/3ක දැවැන්ත ජනවරමක් ලබා දෙමින් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මේ ආර්ථිකය යළි නඟා සිටුවීමේ ශක්තිය තිබෙන බව විශ්වාසය පළ කළ තියෙනවා අන්න ඒ විශ්වාසය අපි අබ මල් රේණුවක තරම්වත් හානියක් නොවන්නට මේ ආර්ථිකය අපි ගොඩ දානවා කියන ප්‍රතිඥාව මේ රටේ ජනතාවට ලබාදෙමින් මම නිහඬ වෙනවා.

– අරවින්ද අතුකෝරල

*********************************************

‘කලුපේ රෝෂාන්’ගේ නැගණිය සහ නැන්දණිය හෙරොයින් සමඟ අත්අඩංගුවට

(29.08.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

‘අරුණ උදය ශාන්ත පතිරණ’ නොහොත් ‘රණාලේ සමයං’ නමැති පාතාල කල්ලි නායකයා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන ‘කලුපේ රෝෂාන්’ නැමැත්තාගේ නැගණිය සහ නැන්දණිය හෙරොයින් ග්‍රෑම් 06 ක් සමඟ ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීටියාගොඩ පොලීසියයට මෙම සැකකාරියන් පිළිබඳ ලද තොරතුරක් මත හික්කඩුව, තොටගමුව ප්‍රදේශයේ සිදුකල පරීක්ෂාවකින් අනතුරුවයි.

සැකකාරියන් අද (29) පස්වරුවේ බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව කලුපේ පදිංචි විසි හැවිරිදි තරුණියක් සහ මීටියාගොඩ පදිංචි 61 හැවිරිදි පසුවන කාන්තාවක්.

එම පළමු සැකකාරිය ‘කලුපේ රොෂාන්’ නැමැති අයගේ නැගණිය වන අතර දෙවන සැකකාරිය එම තැනැත්තාගේ බිරිඳගේ මව බවටයි අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන මීටියාගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

+++++++++++++

උතුරු පළාත තුළ හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු මල්ලාකම් – උඩුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ චාවකච්චේරි සුරාබදු ස්ථානයේ නිලධාරින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 4 ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

සැකකරු දීර්ඝ කාලයක සිට කොළඹින් රැගෙන එන හෙරොයින් උතුරු පළාත තුළ බෙදා හැර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

*********************************************

රත්‍රන් කිලෝ 5 ක් සමග දෙදෙනෙකු (2) අත්අංඩගුවට

(29.08.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රන් කිලෝ 5 යි ග්‍රෑම් 500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) කරෙයිනගර් ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව උතුරු මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර සිදුකළ සෝදිසියකදී රත්‍රන් හමුවී තිබෙනවා.

ඒවා පාර්සල් 4 ක ආරක්ෂිතව අසුරා තිබූ බව සඳහන්.

අවුරුදු 30 සහ 32 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා (2) සහ රත්‍රන් ඉදිරි විමර්ශණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • @ aanavilundaawa parisara winaasaya. Oya Kurunegala nagaraadhipathita viruddhawa kelinma neethiya kriyaathmaka kalaa nam, Puththalame mae wage dewal wenne nae. Ekekuta eka neethiyakui, thawakenekuta wena neethiyakui daana kota ohoma thamaa wenne, rata araajika wenawa. Tharaathirama nobalaa dhanduwam karanawanam aesema karana bawa rajaya daenwath penniya yuthuya. Parlimentuwe inna MP la daenata usaawiyata genihin athi Raajitha, Champika, Ranjan wani ayagen patan ganna karunaakara. Etakota thamaa mae horu paadamak igena ganne.

  • @ US Aid & Gewindu Kumaranatunga. Mae american aayathanaya wisin parlimentuwe sanniwedana paddatiya diunu karanna aadaara dunna nam, mae wana wita ekath eaktama, american kaarayinge spy camera saha spy microphone bugs danatama oya paddathiye sangawa athi. Yako mehema gon wanhaselaada ape parlimentuwa paalanya karanne, munta therenne nadda rate neethiya saha pari paalanaya hadana wadana thanakata paradesseen wadda ganne epaa kiyala. mae meeharak nisaa thamai lankaawat kisi dawasaka sethak naththey.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *