ඇතැමුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා හේතුවෙන් වීසා ප්‍රතික්ෂේප වූවා – සරත් ෆොන්සේකා

(19.09.2017 – 07:01 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමේ අවස්ථාව තමාට අහිමිව ගියේ, මෙරටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා නිසා බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කැලණිය – වනවාසල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ ඇතැමුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා හේතුවෙන් තම වීසා ප්‍රතික්ෂේප වූ බවයි.

+++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

පිණ්ඩපාත ගිය භික්‍ෂුන්ට සොසේජස් පුරවති… ඉතිහාසයේ මුල්වරට පිණ්ඩපාත තහනම් කර අධිකරණ නියෝගක්.. ෆොන්සේකාගේ ආසනය උණුසුම්..
(19.09.2017 – 14:10 +0530 – lankacnews.com)

ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා දැමීම සදහා මුදල් එකතු කිරීමට අද දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් ආදියෙන් පාත්තර පිරවීමට ගත් ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.

ඔවුන් ඇමති සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් යයි ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයින් චෝදනා එල්ල කරයි.

මේ අතර මෙම පිණ්ඩපාත චාරිකාව තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *