ජනාධිපතිතුමනි සමාවන්න, ඔබතුමා කියන ආකාරයට නව පත්වීම් ගැන කතා නොකර බැහැ – ජාතික සංවිධාන කියයි

ජනාධිපතිතුමනි සමාවන්න, ඔබතුමා කියන ආකාරයට නව පත්වීම් ගැන කතා නොකර බැහැ – ජාතික සංවිධාන කියයි

ඇමතිවරු ජනතාවට නම්‍යශීලී විය යුතුයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට පෙර පළාත්සභා මැතිවරණය එපා – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර

20 වන සංශෝධනයට අදාළ ගැසට්ටුව මෙන්න

‘කෙසෙල් කඳට මිල වටිනාකමක්’ සමග පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්

‘සෞභාග්‍යයේ දැක්ම’ මාර්ග ඉදිකිරීම ප‍්‍රමිතිය බාලයි කියා චෝදනා..

වැඩ කරන්න බාධා වන අනවශ්‍ය චක්‍ර ලේඛ ඉවත් කර වැඩ කරන්න පුළුවන් නව චක්‍ර ලේඛ ගේනවා..

*********************************************

ජනාධිපතිතුමනි සමාවන්න, ඔබතුමා කියන ආකාරයට නව පත්වීම් ගැන කතා නොකර බැහැ – ජාතික සංවිධාන කියයි

(03.09.2020 – 12:35 +0530 – lankaleadnews.com)

ජනාධිපතිතුමා විසින් කරන ලද නව පත්වීම් පිළිබඳව බලපෑම් නොකරන ලෙසට එතුමා විසින් කරන ලද ඉල්ලීමට එකගවිය නොහැකි බව ‘ජාතික සංවිධාන’ පවසයි.

අද (03) ‘ජාතික සංවිධාන එකමුතුව’ කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ යම් පත්කිරීම් පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් තිබෙන බැවින් ඒවා පිළිබඳව කතා නොකර සිටීමට නොහැකි බවය.

එහිදී ඔහු සඳහන් කළේ මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ තානාපති ලෙස පත් කිරීමට එරෙහිව මහජනයාගෙන් සහ මහා සංඝරත්නයෙන් ප්‍රබල විරෝධයක් එල්ලවී තිබෙන බැවින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය කිව යුතු බවය.

(? ….. , WAR , AIC)

මිලින්ද මොරගොඩ මහතාට ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් චරිත සහතික ලබා දී ඇතත් ජාතික බලවේග ඔහුට එවැනි සහතික ලබා දෙන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ ද්විත්ව පුරවැසි බාධකය 20 වැනි සංශෝධනය මගින් තවදුරටත් තහවුරුකොට එම බාධකය රජයේ උසස් නිලධාරීන්ටත් පැනවිය යුතු බවය.

සම්පූර්ණ වීඩියෝව පහතින් :

*********************************************

ඇමතිවරු ජනතාවට නම්‍යශීලී විය යුතුයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

(03.09.2020 – 18:22 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

“සමහර ඇමතිවරු ඉන්නවා දුරකථනයට කථා කරන්නේ නැහැ, සමහර ඇමතිවරුන්ට කථා කරන්නවත්, පුළුවන්කමක් නැහැ. මම හිතනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්මට’ මේවා ගැළපෙන ඒවා නෙමෙයි” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

“ඇමතිවරු පත්කරේ ජනතාව, ජනතාවට මේ අය සේවකයෝ වෙන්නට ඕනේ, නම්‍යශීලි වෙන්නට ඕනේ, ඇමතිලා හමුවෙන්න යන විට ඔවුන් හමුවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මෙය රටේ රාජ්‍ය නායකතුමාට මතක් කරනවා” යැයි පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ.

“මේ ඇමතිවරු ජනතාවට නම්‍යශීලි වෙන්න ඕනේ, ජනතවගේ ඕනෑ එපාකම් ඉටුකරන්න ඕනේ, ජනතා සුභසිද්ධිය ගැන බලන්න ඕනේ, කාර්යාලයක නිලධාරීයෙක් හමුවෙන්නට යන විට ඔහු පුටුවේ නැහැ, වෙන දවසක එන්න කියලා කියනවා, නිලධාරියෙක් ළඟට ප්‍රශ්නයක් ගෙන ගියාම ඒ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන සුමානයක් ඔහු ළඟට යන්නට ඕනේ” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

“ඒ නිසා මේ මහජන මතය හැමදාම එක පැත්තකට තිබෙන මතයක් නොවෙයි. මහජන මතයට කන්දෙන්න. මහජන මතයට පයින් ගහන්න එපා, නැත්නම් ඔබටත් වෙන්නේ යහපාලන අණ්ඩුවට වුණ දේ” යනුවෙන් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසූහ ෴

+++++++++++++++++++++

*********************************************

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට පෙර පළාත්සභා මැතිවරණය එපා – සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර

(03.09.2020 – 17:28 +0530 – lankaleadnews.com)

පළාත්සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව සකස්කොට සම්මත කළ යුතු බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඒ මහතා එසේ සඳහන් කළේ අද (03) දින ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට බැවින් 13 ත් නැති, 19 ත් නැති, 16 ත් නැති ව්‍යවස්ථාවක් මගින් ජනතා අපේක්ෂා ඉටු කළ යුතු බව ඒ මහතා අවධාරණය කරයි.

එහිදී අදහස් දැක්වූ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කළේ ජනාධිපතිතුමා විසින් පත් කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට අමාත්‍ය මණ්ඩලය මගින් නිර්දේශ රාමුවක් ලබා දිය යුතු බවත් එම කමිටුව විසින් මහජන අදහස් ලබා ගත යුතු බවය.

*********************************************

20 වන සංශෝධනයට අදාළ ගැසට්ටුව මෙන්න

(03.09.2020 – 17:00 +0530 – lankaleadnews.com)

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබුණි.

ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

20 වන සංශෝධනයට අදාළ ගැසට් ප… by Ada Derana

++++++++++++++++++++++++

http://www.documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf

+++++++++++++++++++++

*********************************************

‘කෙසෙල් කඳට මිල වටිනාකමක්’ සමග පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්

(03.09.2020 – 10:53 +0530 – lankaleadnews.com)

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ-මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ.

ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් පෙළක් මෙරට ජනතාව ලබා දීමටත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලාංකේය අභිමානය සහිතව විදෙස් වෙළඳාපොළට නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවට මේනක ආරියරත්න මහතා පවසයි.

පසුගියදා අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව සිය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මේනක ආරියරත්න මහතා මෙසේද සඳහන් කළේය :

කෙසෙල් කඳට මිල වටිනාකමක්

“අපි මේ වන විට කෙසෙල් කඳ යොදා ගෙන ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කොට තිබෙනවා. මේ සඳහා මෙරට කෙසෙල් ගොවීන් ඵලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන් තමයි අපි යොදා ගන්නේ. මෙතෙක් කලක් කෙසෙල් ගොවියාගේ ‘කෙසෙල් කඳට’ මිල වටිනාකමක් ලැබුණේ නැහැ. නමුත් අපේ නව නිපැයුම් පෙළත් සමඟ කෙසෙල් කඳට මිල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා කෙසෙල් ගොවියාට තම අස්වැන්න මත පදනම් නොවූ ආදායමක් ලැබෙනවා. එමගින් කෙසෙල් වගාව ප්‍රවර්ධනය වීමක් ද මෙමඟින් සිදුවේවි.

පරිසර හිතකාමී යෝගට් කෝප්පය

අපි මේ කෙසෙල් කඳ භාවිතා කරමින් සාදන ආහාර ඇසුරුම් පෙළ කාබනික, පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්. මේ පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළ නිසා මෙතෙක් කලක් පරිසරයට එකතු වූ විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නතර කරන්න පුළුවන් වෙනවා. මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100 ක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපට උපකල්පනය කළ හැකියි, ‘මාසයකට පරිසරයට එකතු වන ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද’ කියා. ඒ පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීම පිළිබඳවත් සිතමින් තමයි මේ කෙසෙල් කඳ උපයෝගී කර ගනිමින් අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කොප්පය නිර්මාණය කළේ. එය ප්‍රධාන නිපැයුමයි. ඊට අමතර බත් ඇතුළු ආහාර ඇසුරුම් පෙට්ටි, ආහාර ඔතන කඩදාසි ලෙස ප්ලාස්ටික් ආශ්‍රිත ආහාර ඇසුරුම් සියල්ලට අපි විකල්ප ඇසුරුම් නිෂ්පාදනය කිරීමට සූදානම්.

මෙම නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමේ අභියෝගය මා හමුවේ පැවතුණා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තුවෙන් මා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවුණා. කර්මාන්තකරුවන්ට සවියක් වීමට, ඔවුන්ගේ ගැටලු ඍජුව අමාත්‍යතුමන්ට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී තමයි මා එතුමා හමුවුණේ. මා හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිතුමා ඉතා කැමැත්තෙන් මැදිහත් වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් කැඳවා අපේ මේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපැයුම් පෙළ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස එතුමන් උපදෙස් දුන්නා. ඒ නිසා මට මේ අභියෝගය ජය ගත හැකි යැයි විශාල විශ්වාසයක් ඇති වුණා. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් අපේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර මෙරට ජනතාව පරිසර හිතකාමී. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයකට හුරු කර වීමයි.

ඒ වගේම දැනටමත් ප්ලාස්ටික් යෝගට් කෝප්පය වෙනුවට අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්පය සිය නිෂ්පාදන සඳහා යොදා ගැනීමට ‘පැලවත්ත ඩෙයරි ප්‍රොඩක්ට්’ ආයතනය ගිවිසුම් ගතව සිටින බවත් කියන්න කැමතියි.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

*********************************************

‘සෞභාග්‍යයේ දැක්ම’ මාර්ග ඉදිකිරීම ප‍්‍රමිතිය බාලයි කියා චෝදනා..

(03.09.2020 – 18:48 +0530 – lankacnews.com)

අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන පොල්පිටිය සිට කොත්තැල්ලෙන 4 කණුව දක්වා මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නිසි ප්‍රමිතියකින් තොරව සිදු නොකරන බවට එම මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසින් චෝදනා කර සිටියි.

කොළඹ සිට නල්ලතන්නිය දක්වා පිවිසිමට ඇති කෙටිම මාර්ගය වන කොත්තැල්ලෙන මාර්ගය වසර 23 කට පසු කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන බවත් , ඉන් පළමු අදිරය යටතේ කිලෝමිටර් 1.2 ක දුරක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

පොල්පිටිය ජල විදුලි බලාගාරය අසල සිට මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර, මේ සදහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රු මිලියන 20 කට ආසන්න ප්‍රතිපාදන වෙන් කර ඇත.

මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 2020.08.26 සිට 2020.09.16 දක්වා දිනපතා උදැසන 08:30 සිට පස්වරු 02:30 දක්වා වාහන ධාවනය සදහා එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමන බවත්, කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අදාල කොන්ත්‍රාත්කරු විසින් නිසි ප්‍රමිතියකින් තොරව සිදු කරන නිසා මේ වන විට අතුරා ඇති මැටල් ගල් සහ භාවිතා කර ඇති තාර ගැලවි ගොස් ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ප්‍රදේශවාසින් සිදු කරන චෝදනාව සම්බන්ධයෙන් මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් එම ස්ථානයට පැමිණි අතර එහිදි ප්‍රදේශවාසින් විසින් නගන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලිමක් සිදු කරන බවද එම නිලධාරින් ගම්වාසින් හමුවේ කියා සිටිහ.

කොත්තැල්ලෙන ප්‍රදේශවාසින් කියා සිටින්නේ කිලෝමිර් 18 ක් තම මාර්ගය නිසි ප්‍රමිතියකින් යුතුව කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

*********************************************

වැඩ කරන්න බාධා වන අනවශ්‍ය චක්‍ර ලේඛ ඉවත් කර වැඩ කරන්න පුළුවන් නව චක්‍ර ලේඛ ගේනවා..

(03.09.2020 – 12:40 +0530 – lankacnews.com)

චක්‍ර ලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් නිළධාරීන් මූල්‍ය හා පරිපාලන චක්‍ර ලේඛන පෙන්වමින් ජනතා අවශ්‍යතාවක් ඉටු කිරීම ප්‍රමාද කරන බවයි.

මහින්ද රාජපක්ෂ රජය යටතේ වැඩබිමක් ව පැවති රට පසුගිය යහපාලන ආණ්ඩුව මුඩු බිමක් බවට පත් කළ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා දේශපාලනඥයින් හා රජයේ නිළධාරීන් සංවර්ධන කටයුතු වල දී දෙපසට ඇද්දොත් රට ගමන් කරන්නේ ඉදිරියට නොව පසුපසට බව කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් වූ සහන් ප්‍රදීප් මන්ත්‍රිවරයා වැඩ භාරගැනීමේ නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගීවෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ඊයේ (02) මෙම උත්සවය පැවැත්විණි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය :

“සංවර්ධන කටයුතු සිදු විය යුත්තේ ජනතාවගේ අවශ්‍යතාවයන් නිසි පරිදි හදුනාගෙනයි. ජනතා ඉල්ලීම අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අපි ප්‍රායෝගික විය යුතුයි. පොතපතට සීමා වෙලා රටක් සංවර්ධනය කරන්න බෑ. මහජන නියෝජිතයන් හා නිළධාරින් එක්ව කටයුතු කළොත් මේ රට සංවර්ධනය කරන එක පහසුයි. දෙපැත්තට ඇද්දොත් රට යන්නේ ආපස්සට. ඒක අපි තේරුම් ගන්න ඕනේ.

දේශපාලකයන් හා රාජ්‍ය නිළධාරින් එක්ව ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමේ වගකීම තමයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැවරිලා තියෙන්නේ. මේවා පොත් පත්වලට සීමා කරන්න එපා. පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි වලට මුවාවෙලා සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදකරන්න තවදුරටත් ඉඩ නෑ. සමහර නිළධාරින් තීන්දු ගන්න බයයි. චක්‍ර ලේඛ තියෙන්නේ වැඩ නොකර ඉන්න නෙමෙයි. විධිමත් ලෙස වැඩ කරන්න. දූෂණ නොවෙන්න. හැබැයි අද සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. වැඩ කරන්න ඇතැම් චක්‍ර ලේඛ බාධාවක් වෙලා. අපි ඔබව ආරක්ෂා කරනවා. හරි දේ හරි විදිහට කරන්න. චක්‍ර ලේඛ පිට දාලා වැඩ නොකර ඉන්න හදන්න එපා. වැඩ කරන්න. වැඩ කරන කෙනාට චක්‍ර ලේඛ බාධාවක් නම් ඒ ගැන තීන්දු ගන්න වේවි. ජනාධිපතිතුමා අනවශ්‍ය චක්‍ර ලේඛ ඉවත් කරලා ජනතාවට වැඩ කරන්න පුළුවන් විදිහට නව චක්‍ර ලේඛ නිකුත් කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ඒ නිසායි.

අද උදේ මට දුරකථන ඇමතුමක් එනවා මිනුවන්ගොඩ තරුණයෙක්ගේ මරණයක් ගැන. ‘වෝටර්බෝඩ්’ එකෙන් කපපු වළකට වැස්ස වෙලාවේ වැටිලා තමයි මේ තරුණයා මිය ගිහින් තියෙන්නේ. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වෙන්න. හැමතැනම ‘සේෆ්ටි ෆස්ට්’ කියලා බෝඩ් ගැහුවට වැඩක් නෑ. ඒවා ක්‍රියාත්මක නෑ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. දැන් කාණු වැහිලා. කාණු කපන්නේ නෑ. පාරවල් උඩින් වතුර ගියාම ඒවා අලුත්වැඩියා කරන්න යන වියදම වැඩියි. ආයතන මට්ටමින් මේවා දිහා බලන්න. ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හමුවෙලා ඒ ප්‍රදේශවල ජල ගැලීම් පාලනය කරන්න අවශ්‍ය පියවර ගන්න. පොඩි වතුරකටත් නගර යට වුණාම මිනිස්සු බනින්නේ ආන්ඩුවට. අද පොඩි වැස්සක් වැස්සත් නගර යට වෙන්නේ පහුගිය ආණ්ඩුව මේ නඩත්තු කටයුතු අතහැර දැමූ නිසායි. කඩිනමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළවේලි, කාණු පද්ධති සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න.

වැඩබිමක් බවට පත් ව තිබු රට 2015 යහපාලන ආණ්ඩුව කාලේ මුඩුබිමක් බවට පත්වුණා. අද මම මිරිස්වත්තෙන් එනකොට පාරට වතුර දාලා. මිනුවන්ගොඩත් තැන් කීපයක් යට වෙලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මේ ඇළවේලි, කාණු ශුද්ධ පවිත්‍ර කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. පහුගිය ආණ්ඩුව ඒක අතැරලා දැම්මා.”

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සහන් ප්‍රදීප් විතාන, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Milinda Moragoda. This man is half american, and considering his past record with Norwegians, his involvement with and promotion of the dangerous MCC proposals, and his personal relationships and marital ties with high level US political families, I consider him as an unsuitable person to be appointed as the Ambassador to India, our most important foreign country. A half-Sri Lankan, half- US coconut is worse than a full US peanut. I think it is reasonable for the general public that read many negative reports of MM to oppose this appointment, and if The President thinks he should not be removed, then he should explain to the country why MM should be retained. Ven Kotugoda Dhammawansa the Head of Amarapura Nikaya might have recommended MM for a high level government post, because MM provides material support to them, and in return receives the head prelates recommendation and good report. In my opinion, this is not a good reason, and not a good appointment. And it could make the people suspect the principals’ motives, and lose confidence in the government as one that preserves the country’s soveregnity and integrity. Mr President please do not make MM your Achilles Heels.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *