අද (19) සාකච්ඡාවත් අසාර්ථකයි – හෙට (20) වර්ජනයට යන බව දුම්රිය වෘත්තිය සමිති කියයි

(19.09.2017 – 16:00 +0530 – hirunews.lk/sinhala)

වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡාවද අසාර්ථකවීම හේතුවෙන් හෙට (20.09.2017) මධ්‍යම රාත්‍රියේ දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ ෴

**************************************

අරුන්දික ආණ්ඩු පක්‍ෂය අතහරී… මහින්දට වැඳ අවසර ගෙන විපක්‍ෂයේ අසුන් ගනී…
(19.09.2017 – 15:50 +0530 – lankacnews.com)

නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය හා එක් වින.

සිය විශේෂ ප‍්‍රකාශක කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා විපක්‍ෂය වෙත ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වැන්දේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *