ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට

ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට

ගිනි ගත් නැවේ පතුල නිරීක්ෂණයට ඒකාබද්ධ මෙහෙයුමක්

නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ සාම්පල රජයේ රස පරීක්ෂකට

*********************************************

ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට

(12.09.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් ගාල්ලට පිටත්ව ගොස් තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ගාල්ලට පිටත්ව ගොස් ඇත්තේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන් දෙදෙනෙකු (2) දිවයිනට පැමිණ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළා.

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාන්දුවට හේතුවූ විවර වසා දැමීමට නාවික හමුදාව පියවර ගත්තා. ඒ නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවමින්.

නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර – සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 56 ක්, දුරින් ස්ථානගතව පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

+++++++++++++

ගිනිගත් තෙල් නැවේ කාර්ය මණ්ඩලයෙන් රහස් පොලීසිය තවදුරටත් ප්‍රශ්න කරයි

(13.09.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම ඊයේ (12) පස්වරුවේම එම කටයුතු ආරම්භ කර තිබෙනවා.

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට අවසර ලබා දුන්නා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන් දෙදෙනෙකු (2) දිවයිනට පැමිණ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළා.

නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර – සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 56 ක්, දුරින් ස්ථානගතව පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

++++++++++++++++

ගිනිගත් නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් CIDය ලබාගත් ප්‍රකාශ හෙට (14) අධිකරණයට

(13.09.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් කරුණු හෙට (14) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ගිනිගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අවසරය මතයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වු නෞකාවේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද හෙට (14) සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කර සිටියා.

නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර – සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 47 ත් 50 ත් අතර දුරින් ස්ථානගතව පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

එමෙන්ම, මොරිෂස් සිට ඊයේ (12) රාත්‍රියේ ටග් යාත්‍රාවක් නෞකාව පිහිටි ස්ථානයට පැමිණ ඇති අතර මේ වන විට නෞකාව ආසන්නයේ ටග් යාත්‍රා 08 ක් ස්ථානගතව පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සහ ගලවා ගැනීමේ සමාගමක් එක්ව නෞකාව අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප කල විමසීමකදි වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴

*********************************************

ගිනි ගත් නැවේ පතුල නිරීක්ෂණයට ඒකාබද්ධ මෙහෙයුමක්

(13.09.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ පතුල සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා අද (13) ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිමිඳුම්කරුවන් ද, නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම පුහුණු අභ්‍යාසයක් ලෙස සලකා සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

නාවික හමුදා කිමිඳුම්කරුවන් පෙරේදා (11) නෞකාවේ පිටුපස පතුලේ දැවි තෙල් කාන්දු වූ විවර දෙකක් (2) වසා දැමීමට සමත් වුණා.

එමෙන්ම, නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති සමාගම මගින් ද වානිජ කිමිඳුම්කරුවන් පිරිසක් ඔවුන්ගේ කටයුතු සඳහා ගෙන්වා ඇති බව වාර්තා වුණා.

මේ අතර, නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කර ගත් අතර, අධිකරණ නියෝග මත සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් කරුණු හෙට (14) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වු නෞකාවේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද හෙට (14) සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළා.

නෞකාව මේ වනවිට මඩකලපුව සහ කල්මුණේ අතර මුහුදු ප්‍රදේශයේ ගොඩබිමට නාවික සැතපුම් 47 ක් දුරින් පවතිනවා.

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සහ ගලවා ගැනීමේ සමාගමක් එක්ව නෞකාව අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටින අතර, ඔවුන්ගේ සියලු කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නාවික හමුදාවේ සිදුරළ නෞකාව සහ වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් ද එම අධීක්ෂණ කටයුතු සඳහා යොදවා තිබෙනවා ෴

+++++++++++++++++

(14.09.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් ප්‍රකාශ පිලිබඳ වාර්තාවක් අද (14) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ ඉදිරි ක්‍රියාමාර්ග සදහා නියෝගයක් ලබා ගැනීමටයි.

නෞකාවේ පතුල සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (13) ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිමිදුම්කරුවන්, නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළා. ගැඹුරු මුහුදේ මෙම මෙහෙයුම පුහුණු අභ්‍යාසයක් ලෙස සලකා සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

නාවික හමුදා කිමිදුම්කරුවන් පෙරේදා (12) නෞකාවේ පිටුපස පතුලේ දැවිතෙල් කාන්දු වූ විවර දෙකක් (2) වසා දැමීමට සමත් වුණා.

නෞකාව මේ වනවිට මඩකලපුව සහ කල්මුණේ අතර මුහුදු ප්‍රදේශයේ ගොඩබිමට නාවික සැතපුම් 47 ක් දුරින් පවතිනවා ෴

++++++++++++++++++

(14.09.2020 – 12:49 +0530)

ගිනි ගැනීමකට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබාගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂඥ කණ්ඩායමක් අද (14) එම නෞකාව වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය වරායෙන් මොවුන් මෙලෙස නෞකාවට රැගෙන යනු ලැබුවේ නාවික හමුදාව විසින්.

නෞකාවේ ඉන්ධන සාම්පල ලබාගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළ අතර, ඒ අනුවයි මෙම විශේෂඥයින් පිරිස අදාළ නෞකාව වෙත පිටත්ව ගොස් ඇත්තේ.

මේ අතර දැනට නැගෙනහිර මුහුදේ සිට නාවික සැතපුම් 51 ක් දුරින් පවතින මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

ඊට අදාළ නෞකාව සම්බන්ධයෙන් මෙහෙයුමට එක්ව සිටින රාජ්‍ය ආයතනවල නියෝජිතයින් එක්ව සිටින බවයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ.

මෙම නෞකාව මෙරටට රැගෙන එන්නේද, එසේ නොමැතිනම් එය පිටත් කර හරින්නේද යන්න මෙහිදී තීරණය කරනු ඇති බව සාකච්ඡාවට එක්වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

පසුගිය 3 වැනිදා උදෑසන මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ අදාළ ගින්න හටගනු ලැබුවේ කුවේට් හි මිනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා හි පරදීප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක් රැගෙන යමින් සිටියදියි ෴

+++++++++++++++++++

(14.09.2020 – 17:51 +0530)

පසුගිය සැප්තැම්බර් 03 වන දින ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ තුවාල ලබා නාවික හමුදාව මගින් බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කළ එම නෞකාවේ තුන්වන ඉංජිනේරු නිලධාරියාගේ සුවදුක් විමසීමට එම දිවිගැලවීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නාවික පුද්ගලයින් තිදෙනා හට 2020 සැප්තැම්බර් 13 වන ඉරිදා අවස්ථාව හිමිවූවා.

කල්මුණේ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක වැඩිදුර ප්‍රතිකාර ලබන මෙම පිලිපීන ජාතිකයා මුණගැසුන ලුතිනන් කේ.ජී.ඒ.එස්.එම්. විජේරත්න , නායක ඉංජිනේරු කාර්මික ඩී.එල්.කේ. මුදියන්සේ සහ බල නාවික ඩබ්.ජී.ජී.යූ. සේනාරත්න යන නාවික පුද්ගලයින් තිදෙනා (3) තම අත්දැකීම් ඔහු සමඟ බෙදා ගත්තා.

ගිනිදැල් මැද දුමාරයෙන් පිරීතිබූ නෞකාවේ ඉහල මාලයක පිවිසුම් මාර්ගයක් තුළ වැටී සිටි තමාව ප්‍රධාන මාලය වෙත ගෙනඒම ඉතා අසීරු කාර්යයක් වූ බවත් කෙසේ හෝ නාවික හමුදා පුද්ගලයින්ගේ දැඩි කැපවීම හා උත්සහය මත ඉහල මාලයේ සිට පහත පිහිටි ප්‍රධාන මාලය වෙත තමාව ගෙන ඒමට ඔවුන්ට හැකි වීම තමාගේ වාසනාවට සිදු වූවක් බව මෙම පිලිපීන ජාතික තුන්වන ඉංජිනේරුවරායාගේ අදහස වූවා.

මෙම අනතුර වාර්තාවූ පසුව පළමුවෙන් එම ස්ථානය වෙත ලඟා වූ ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ අණදෙන නිලධාරිගේ ක්‍ෂණික තීරණ ගැනීම සහ දැඩි අධිෂ්ඨානය මගින් වටිනා මිනිස් ජීවිතයක් ගලවා ගැනීමට නාවික හමුදාවට හැකි වූවා.

ඒ පිළිබඳව තම හෘදයාංගම ස්තූතිය තමාගේ දිවි ගලවාගත් නාවික පුද්ගලයින් තිදෙනාටත් සමස්ථ නාවික හමුදාවටත් පුදකළ ආපදාවට පත් නෞකාවේ තුන්වන ඉංජිනේරුවරයා මේ සම්බන්ධයෙන් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටද සිය ස්තූතිය පුද ක‍ර සිටියේ මෙලෙසින්.

+++++++++++++++

++++++++++++++++++++

(14.09.2020 – 20:00 +0530)

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සදහා ශ්‍රී ලංකාව දැරු වියදමේ හානි පූර්ණ මුදල තක්සේරු කර අවසන් වු වහාම එම මුදල් අයකරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපතිනි නිතීඥ දර්ශනි ලහදපුර මේ බව කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සාකච්ජාවක් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේදි අදත් පැවත්වුණා.

එහිදි හානි පුර්ණ මුදල මෙරටට ලබා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු බව සඳහන්.

නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවේ සිට නාවික සැතපුම් 59 ක් දුරින් ස්ථානගතව පවතිනවා.

ගිනිගැනීමෙන් තුවාල ලබා සිටියදි මුදාගෙන රෝහල් ගත කල පිලිපීන ජාතික නාවික ඉංජිනේරු නිලධාරියාගේ සුවදුක් විමසීමට එම දිවිගැලවීමේ මෙහෙයුමට සම්බන්ධ වු නාවිකයින් තුන්දෙනා අද ඔහු ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගොස් තිබුනා.

එහිදි අදාල පිලිපීන ජාතික නාවිකයා තම ජිවිතය බේරාගැනීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට ස්තුතිය කළා.

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ සාම්පල රජයේ රස පරීක්ෂකට

(15.09.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ එංජින් කාමරයෙන් සහ නෞකාව ඇතුළතින් ලබාගත් ඉන්ධන සාම්පල අද (15) රජයේ රස පරීක්ෂක වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ එම සාම්පල ලබාගත් කණ්ඩායම අද (15) කොළඹට ලඟා වීමට නියමිත බවයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව නෞකාවට ඊයේ (14) ඇතුළු වූ මෙම පිරිස අදාල සාම්පල ලබා ගැනීම සිදු කරනු ලැබුවා.

නෞකාව ගිනි ගැනීමෙන් පසු එය පැවති මුහුදු සීමාවේ තෙල් පැල්ලමක් නිර්මාණය වූ අතර මුහුදු ජලය ද රැගෙන පරීක්ෂා කිරීමටයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරනු ලැබුවේ.

රජයේ රස පරීක්ෂකවරයා වෙතින් ඊට අදාළ වාර්තාව අද (15) හෝ හෙට (16) දිනයේදී ලැබෙනු ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළා.

මෙම නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවට නැගෙනහිරින් නාවික සැතපුම් 60 ක දුරින් පවතින අතර නෞකාව අයත් සමාගම විසින් එවනු ලැබූ කණ්ඩායම එහි රැඳී සිටිමින් පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කරමින් සිටින බවයි නාවික හමුදාව කියා සිටියේ ෴

+++++++++++++++++

(15.09.2020 – 18:40 +0530)

ගිනිගත් එම්.ටි. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි එන්ජින් කාමරයේ තිබු ඝණ දැවි තෙල් වර්ගයක් බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දි තිබෙනවා.

ඒ, නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් පසුගියදා ලබාගත් ජල සාම්පල් වල පරික්ෂණ වාර්තාව අද (15) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින්.

ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දුෂණයක් සිදු වි ඇති බවට තහවුරු වන බවයි එම අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කලේ.

රජයේ රස පරීක්ෂකවරයා ලබා දුන් වාර්තාව පදනම් කරගනිමින් නෞකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ.

මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 64 ක් දුරින් පවතින අතර ගින්න හටගත් අවස්ථාවේ නෞකාවට ඉසින ලද ජලය මේ වන විට ඉන් ඉවත් කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කලේ ෴

++++++++++++++++++

(16.09.2020 – 08:19 +0530)

ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සහාපති නීතිඥ දර්ශණි ලහදපුර මහත්මිය මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ඝණ දැවි තෙල් වර්ගයක් මෙලෙස මුහුදට කාන්දු වී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.

ඒ, නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් පසුගියදා ලබාගත් ජල සාම්පල්වල වාර්තාව ඊයේ (15) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින්.

ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දුෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන බවයි එම අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ.

මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 64 ක් දුරින් පවතින අතර ගින්න හටගත් අවස්ථාවේ නෞකාවට ඉසින ලද ජලය මේ වනවිට ඉන් ඉවත් කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *