රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දොස් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දොස් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිල යතුරු පැදි

Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනපති තේ කම්හල් හිමියන්ගෙන් ඉල්ලයි

ජනපති ඇතුලු ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලැසීගෙන් CID ය පැය 6 ක් ප්‍රශ්ණ කරයි

දඹුල්ල කළුදිය පොකුණ, මහනුවර උසස් බාලිකා විද්‍යාලය යටතට පත්කරයි

‘ෆෝන් එක සයිලන්ට්’ – ලැජ්ජාවක් නැතැයි හිටපු බුද්ධි ප්‍රධානියා කියයි

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යාමේ සිද්ධිය ගැන සී.අයි.ඩී. යේ හිටපු නිලධාරින් මෛත්‍රීව නොමග යවලා – දේශපාලන පලිගැනීම් කොමිසමේදී හෙළිවේ

පාසල්වල මත්ද්‍රව්‍ය මඩින්න ශිෂ්‍ය භට ඛණ්ඩය සීරුවෙන්

උපදෙස් ක්‍රියාවට නැංවීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය

සහල් තොග සඟවාගෙන සිටින පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්

ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරා මහතාගේ ජීවිතය වෙනුවෙන් ඔබෙන් කරන ඉල්ලීමයි

සුහද හදක් ඇති බැංකුවල කැත හදවත විමල් හෙලි කරයි..

අද නායකයා ගැන විශ්වාස කර ව්‍යවස්ථා සංශෝධන එපා.. 20 ට කිසිසේත්ම එකඟ නෑ.. ආණ්ඩුව ගැන මං හොදටම කලකිරිලා.. – ඇල්ලේ ගුණවංශ හිමි..

ගිනිගත් නෞකාවේ ඉන්ධන කාන්දුව ගැන වාර්තාව සඳුදා (21) නීතිපතිට

*********************************************

රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දොස් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

(18.09.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (18) සහභාගී වෙමින් බදුල්ල දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි, අදාළ උත්සවය සංවිධානය කිරීම ගැන කලින් තමන් දැනුවත් නොකිරීම හා සාකච්ඡාවලට සහභාගී කර නොගැනීම පිළිබඳ බදුල්ල දිසා ලේකම්වරියට සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරයාට ප්‍රසිද්ධියේ දොස් පවරනු ලැබුවා.

එම අවස්ථාවේ එම ස්ථානයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා සිටි අතර තවත් පිරිසක් එක්ව සිටියා.

*********************************************

ජනපති අතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිල යතුරු පැදි

(18.09.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු, දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26 ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 749 දෙනෙකු සහ ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැදි බෙදා දී තිබෙනවා.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී වසර 02 ක පුහුණු කාලය දීර්ඝ කර උපාධියක් ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ සාකච්ඡා කොට උදාකර දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

එම අවස්ථාවට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රජයේ නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.

*********************************************

Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනපති තේ කම්හල් හිමියන්ගෙන් ඉල්ලයි

(18.09.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, ෆෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන පිළිබඳ මෑතක සිට වාර්තා වනවා.

එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී තිබෙනවා.

රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳ පොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ගම්මිරිස් වෙළෙඳ පොළට සිදුවූ හානියට තේ කර්මාන්තයත් ගොදුරුවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

ලෝක වෙළෙඳ පොළේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙරට තේ කර්මාන්ත ශාලා සංඛ්‍යාව 705 ක් වන අතර කර්මාන්ත ශාලා 45 කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් පසු 18 ක නිෂ්පාදන නතර කළ බවයි තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා මෙහිදී කියාසිටියේ.

කසළ තේ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තේ නිෂ්පාදනය කරන ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය මගින් සිදු කෙරෙනවා.

රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතු අතර ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම අපනයනකරුවන් වගබලා ගත යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන ලෙසට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

බුද්ධි අංශ සහය සහිතව අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ.

******************

*********************************************

ජනපති ඇතුලු ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලැසීගෙන් CID ය පැය 6 ක් ප්‍රශ්ණ කරයි

(18.09.2020 – 17:53 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු වන ‘ජනිත් මධුසංක’ හෙවත් ‘පොඩි ලැසී’ ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය 6 ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තා.

ඒ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරින්ට මරණ තර්ජන කිරීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ අවස්ථාවේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.

මේ අතර, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ඇතිව ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – යුද හමුදා කඳවුරේ නව ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට අද (18) එක්වෙමින්.

මේ අතර, කොලඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ සහ වැඩබිම් හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ද අද (18) පැවැත්වුණා.

ඒ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩබිම් හා මහල් නිවාස තම ආරක්ෂිත නිවාස ලෙස භාවිත කිරීමේ අවදානම පිළිබඳ දැනුවත් කිරීමටයි.

මේ අතර, අදත් (18) ඉංගිරිය – පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1460 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබුවේ එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් ද සමගයි.

කොච්චිකඩේ – කොරයාවත්ත ප්‍රදේශයේ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ජාවාරමක් වටලා කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

අනුරාධපුර – කොකුන්නෑව, සමන්තුරේ සහ පුවරසන්කුලම් – සෙන්කල්පඩෙයි වැව් බැම්ම ආසන්නයේ තිබී ගිනි අවි තුනක් (3) සොයා ගෙන තිබුණා.

මේ අතර, බණ්ඩාරගම – අටළුගම – මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවන ගංජා ජාවාරමක් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ගොටුකොළ රිෆායි’ ඇතුළු 5 දෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

*********************************************

දඹුල්ල කළුදිය පොකුණ, මහනුවර උසස් බාලිකා විද්‍යාලය යටතට පත්කරයි

(18.09.2020 – 18:10 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා භූමියක් ලෙස සැළකෙන දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරක භූමිය හෙවත් දක්ඛිණගිරි විහාරය, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා දී තිබෙනවා.

ඒ මහනුවර උසස් බාලිකා විදුහලේ ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය කළ ඉල්ලීමක් අනුවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ ‘උරුමය තනි නොකරමු’ යන්න වැඩසටහනට සමගාමීව අද (18) දඹුල්ල කලුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී මෙලෙස එම භුමිය පවරා දී ඇති බව සඳහන්.

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට දැයේ දරුවන් යොමු කරවිම සහ ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කිරීම යනාදී කරුණු රැසක් පදනම් කරගෙන එම භූමිය පවරා දුන් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කථිකාචාර්ය විරාජ් බාලසූරිය මහතා ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට පාසලකට පුරාවිද්‍යා ස්ථානයක භාරකාරත්වය ලබා දීමේ සුවිශේෂී අවස්ථාව මෙය බව සඳහන්.

*********************************************

‘ෆෝන් එක සයිලන්ට්’ – ලැජ්ජාවක් නැතැයි හිටපු බුද්ධි ප්‍රධානියා කියයි

(18.09.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (18) තුන්වන (3) දිනටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටිනවා.

ඊයේ (17) ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී අනාවරණ වූයේ පාස්කු ප්‍රහාරය එල්ල වනතුරුම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

*********************************************

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යාමේ සිද්ධිය ගැන සී.අයි.ඩී. යේ හිටපු නිලධාරින් මෛත්‍රීව නොමග යවලා – දේශපාලන පලිගැනීම් කොමිසමේදී හෙළිවේ

(18.09.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පවා නොමඟ යවමින් නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු දක්වා ඇති බව අද (18) අනාවරණය වුණා.

යුද හමුදා පලමුවන බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසිංහ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනුයි මේ බව කියා සිටියේ.

*********************************************

පාසල්වල මත්ද්‍රව්‍ය මඩින්න ශිෂ්‍ය භට ඛණ්ඩය සීරුවෙන්

(18.09.2020 – 21:04 +0530 – hirunews.lk/sinhala)

පාසැල් තුල සංසරණය වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනිම සඳහා ශිෂ්‍ය භට කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යොදා ගැනිමට පියවර ගන්නා බව ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ජේ.ආර්. කුලතුංග මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) ජාතික ශිෂ්‍ය භට බලකායේ මහනුවර වලල පිහිටි මධ්‍යම පළාතේ පිහිටි 28 වන බාලිකා බලඇණියේ අධීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේජර් ජනරාල්වරයා කියා සිටියේ ශිෂ්‍යභට කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභටයින් කිහිප දෙනෙකු තෝරාගෙන බුද්ධි අංශය මගින් පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව පාසල් තුළ මත්ද්‍රව්‍ය සංසරණය වීම පිලිබඳ තොරතුරු එක්රැස් කිරීම සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි.

පාසල් තුළින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බලකාය විසින් ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කළ සැලසුමකට අනුමැතිය ලැබී ඇති අතර එය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන් ෴

*********************************************

උපදෙස් ක්‍රියාවට නැංවීම ගැන ජනපතිට බෞද්ධ උපදේශක සභාවේ ප්‍රසාදය

(18.09.2020 – 21:49 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බවටයි උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කරන්නේ.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් හා අදහස් ලබා ගැනීම වෙනුවෙන් බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 05 කට පමණ පෙර ජනාධිපතිවරයා තීරණය කළා.

මහා සංඝරත්නය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පළමු හමුව අප්‍රේල් 24 දා පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දීයි.

එහිදී කොවිඩ් වසංගත මර්දන ක්‍රියාදාමය සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව ජනාධිපතිවරයා නායක ස්වාමින් වහන්සේ දැනුවත් කරනු ලැබුවා.

සෑම මසකම 03 වැනි සතියේ සිකුරාදා බෞද්ධ උපදේශක සභාව හමුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් අතර ඊට සහභාගී වන ලෙසටයි ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේ.

උපදේශක සභාවේ සාමාජික ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ඇතුළත් විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් සහ යෝජනා සභා වාර 05 කදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

අද (18) සවස 06 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම, අඩු පාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම, විහාරස්ථාන ඉඩම් නිරවුල්කර පූජා ඔප්පු දීම, දහම් පාසල් අධ්‍යාපනය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, පූර්ව ළමා විය සංවර්ධනය, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය, පරිසර සංරක්ෂණය, ශාසන කතිකාවතකට පසුබිම සැකසීම, බෞද්ධ විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කරමින් ක්‍රියාත්මකවීම පිළිබඳව මහා සංඝරත්නය ප්‍රසාදය සහ ආශිර්වාදය පළ කර තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අමාත්‍යවරුන් 04 දෙනෙකු යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ශක්තිමත් සහ ස්ථාවර අනාගත අඩිතාලමක් සැකසීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබීම උපදේශක සභාවේ ඇගයීමට ලක් වී තිබෙනවා.

පුරාවිද්‍යා ඉඩම්වල ස්ථාපිත විහාරස්ථාන පිළිබඳව දීර්ඝකාලීනව පැවති ගැටළු විසදීම වෙනුවෙන් පුරාවිද්‍යා පනතට සංශෝධන එක් කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වී ඇති බවයි මහා සංඝරත්නය පෙන්වා දුන්නේ.

මසකට වරක් රැස්වෙන උපදේශක සභාවේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා තමාට මෙන්ම නිලධාරීන්ට ද විවිධ ක්ෂේත්‍ර පිළිබඳව මනා අවබෝධයක් ගැනීමට එය ඉවහල් වූ බව සඳහන් කළා.

එමෙන්ම පවතින අඩු පාඩු විසඳීමට පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

[ සේයාරූ ]

*********************************************

සහල් තොග සඟවාගෙන සිටින පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්

(18.09.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

සඟවා ඇති සහල් තොග වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු නොකළහොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සහල් මෝල් හිමියන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේ අද (18) පැවති සාකච්ඡාවකදී.

රට තුළ පවතින සහල් හිඟය සහ සහල් මිල ගණන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ සහල් මෝල් හිමියන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් එහිදී රාජ්‍ය නිලධාරීන් සහ සහල් මෝල් හිමියන් අතර පරස්පර අදහස් පළ වුණා.

***************************************

Neth Fm Balumgala | ශ්‍රී ලංකාව ආක්‍රමණයට සැරසෙන දේශසීමා රහිත ඊළාම් රාජ්‍යය | 2020-09-15

*********************************************

ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරා මහතාගේ ජීවිතය වෙනුවෙන් ඔබෙන් කරන ඉල්ලීමයි

(19.09.2020 – 00:45 +0530 – truenews.lk)

වකුගඩු රෝගී තත්ත්වකින් පෙළෙන ප්‍රවීණ ගායක ප්‍රියංකර පෙරේරා මහතාට ජීවිතය බේරාගැනීම සදහා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණිය සැමියා වන ප්‍රියංකර මහතාට වකුගඩුවක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු වේ නම් ඇමතුමක් ලබා දෙන ලෙස දැනුම් දීමක් කරනු ලබනවා.

දිල්මින් – (පුතා) +94 765954441
අරෝෂ් – (සහෝදරයා) +968 90675562 – WhatsApp
Email : priyankaralperera@gmail.com
Email : aroshperera7788@gmail.com

+++++++++++++++++++++

[ meemessasinhalasongs.com – Priyankara Perera ]

[ meemessasinhalasongs.com – Milton Perera ]

*********************************************

සුහද හදක් ඇති බැංකුවල කැත හදවත විමල් හෙලි කරයි..

(19.09.2020 – 10:00 +0530 – lankacnews.com)

කර්මාන්තකරුවාට සහ ව්‍යවසායකයාට ශක්තිමත්ව නැගී සිටීමට නම් මෙරට බැංකුවල ප්‍රතිපත්ති – ආකල්ප බරපතළ ලෙස වෙනස් විය යුතු බවත් ඒවා සැබෑ ලෙසම සිය සේවාදායකයාට සුහද හදකින් යුතුව සේවය සැලසිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ‘සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ’ දෙවැනි මහා සම්මේලනයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය :

“සිටුවර ජයබල සහයෝගිතා සංවිධානයේ දෙවන ජාතික මහා සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට හැකියාව ලැබීම පිළිබඳ ප්‍රථමයෙන් සතුටට පත්වෙනවා. අපේ සමාජයේ කාලයක පටන් ඇතැම් කොටස්වල මුල් බැසගත්තු අදහසක් තියෙනවා ‘කවුරු රට පාලනය කරත් අපි හම්බකරගෙනයි අපි කන්නේ’ කියලා. පසුගිය කාලයේ ඒ මූලධර්මය මත පිහිටා ජීවත් වුණු උදවියට තේරුම් ගියා එය එහෙම නොවෙයි කියලා. අපි හම්බකරගෙන, අපි ජීවත් වෙන්න සුදුසු වාතාවරණය හදන වගකීම තියෙන්නෙ අපි කලින් කලට බලයට පත්කරන පාලන තන්ත්‍රවලට. රටේ ආරක්ෂාව සුරක්ෂිත තත්ත්වයකට රැගෙන එන්න ඒ පාලන තන්ත්‍රවලට බැරි නම්, මුල්‍ය ක්ෂේත්‍රයේ හිතකර වාතාවරණයක් ගොඩනගන්න, සමාජයේ ආර්ථික ක්‍රියාවලියට බාධාකාරීව බලපාන සාධක ඉවත් කරන්න, රටේ පාලන තන්ත්‍රයට බැරි නම් ‘අපි හම්බකරගෙන අපි කනවා’ කියන එක පහසු කාර්යයක් වෙන්නේ නැහැ.

සහරාන්ලා මරාගෙන මැරෙනකල් නිසොල්මනේ බලාගෙන හිටපු පාලන තන්ත්‍රයක් යටතේ, මහ බැංකුවේ මුදල් මහ දවල් හොරකම් කරලා කෘත්‍රිමව බැංකු පොලී අනුපාතය ඉහළ යන්න කටයුතු සලස්වපු පාලන තන්ත්‍රයක් යටතේ, රටේ අරාජිකත්වයට මඟ පාදපු පාලන තන්ත්‍රයක් යටතේ ව්‍යාපාරවලට හිතකර වාතාවරණයක් නිර්මාණය වෙන්න විදියක් නැහැ.

‘ව්‍යවසායකයන් වෙනුවෙන් පියවර රැසක්’

මෙහි සිටින ව්‍යාපාරික ප්‍රජාවේ මතු වී තිබෙන ගැටලු ඒ ඒ යුගවල රට පාලනය කරපු පාලන තන්ත්‍රයන් ගත් තීන්දු තීරණ අනුව ඇති වූ ඒවායි. කොවිඩ් වසංගතය හමුවේ ඉන්දියාව වසංගත තත්ත්වයෙන් අසරණ වෙලා තියෙන අයුරු දුටුවාම, ඇමරිකා එක්සත් ජනපදය පත්වෙලා තිබෙන අර්බුදය දුටුවාම, ලෝකයේ බොහෝ රටවල් අසරණව සිටින ආකාරය දිහා බැලුවාම කොවිඞ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන අපි, සැලකිය යුතු දුරකට මිදෙන්න වාසනාවන්ත වෙලා තියෙනවා. වසංගත තත්ත්වයක් පාලනය කරගන්න පුළුවන් නායකත්වයක් යටතේ මේ රට පවත්වාගෙන යන්න හැකිවීම ඊට හේතුව වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩු සමයේ මෙම කොවිඩ් වසංගතය පැමිණියා නම් අපිට මුහුණ දෙන්න වෙන්නේ හිතකර වාතාවරණයකට නොවෙයි. මේ හැම දෙයකින්ම අවධාරණය කරන්නේ, ‘රටක ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවල සාර්ථකත්වය, ප්‍රගමනය තීරණය වෙන්නේ රාජ්‍ය පාලනයේ ස්වභාවයට සාපේක්ෂව මිසක් ඊට පටහැනිව නොවෙයි’ කියලයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ රටේ ඇතිවුණු වාතාවරණයත් සමගම ඇතැම් බදු ප්‍රතිපත්ති අනුව ව්‍යාපාර කරගෙන යාමට බැරි වාතාවරණයකට ලක්වුණා. 2019 නොවැම්බර 16 වැනිදායින් පසුව ව්‍යාපාරිකයා යන්තම් හිස ඔසවාගෙන එනකොට කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා ව්‍යාපාර යළි අඩාල වුණා. නමුත් කොවිඩ් 19 වසංගතය මෙතරම් ඉක්මනින් පාලනය කරේ නැත්නම්, අපි පත්වෙලා තියෙන අසීරුතා සාකච්ඡා කිරීමට රැස් වීමට පවා හැකියාව ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් මේ රජය මහජනතාව සමග ගනුදෙනු කරන මුල්‍ය ආයතන කැඳවමින්, උපදෙස් දෙමින් හැකිතාක් දුරට මේ රටේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පියවර රැසක් මේ වන විට අරගෙන තියෙනවා.

‘සුහද හදක් තියෙනවාද?’

බැංකු පොලී අනුපාතය අපි තනි ඉලක්කමකට අරගෙන තියෙනවා. එය තවදුරටත් පහළ අගයකට ගෙන ඒමට රජය කටයුතු කරන බව මේ අවස්ථාවේ දී කියන්න කැමතියි. (අත්පොළසන්). අපේ රටේ බැංකු සාමාන්‍යයෙන් කර්මාන්තවලට ණය දෙන්න තියෙන උනන්දුව අඩුයි. යම්කිසි ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ දැක්කාම බැංකු ගෙදරටම ඇවිත් ණය දෙන්න යනවා. සමහරවිට ඒ ව්‍යාපාරිකයා ඒ ණය ගන්නෙ ව්‍යාපාරය සඳහාම නොවෙයි. ගෙදරටම ඇවිත් හාදු දිදී ණය දෙන බැංකු තමන්ගේ සේවාදායකයා තරමක් අසීරුතාවකට පත් වුණාම තිබුණු හිතෛෂී මැදිහත්වීම තවදුරටත් පවත්වන්නේ නැහැ. ඊට පස්සේ මේ සේවාදායකයා ත්‍රස්තවාදියෙක් විදියට පෙනෙන්න ගන්නවා.

මම හොයලා බැලුවා, මේ අවුරුද්දේ මුල් මාස හතර තුළ බිලියන තුනකට වඩා ශුද්ධ ලාබ ලබපු බැංකු තුනක් තිබුණා. වෙනත් බැංකු බිලියන තුනක ලාබයක් නැති වුණාට දෙකක් හෝ එකයි දශම ගණනකට ලාබ ලබලා, තිබුණා. බැංකු ලාබ ලබලා, බැංකුවල රැකියා කරන අයට හොඳ ජීවන පැවැත්මක් හිමි කර දී තියෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රබලතම සාධකය වුණු සේවාදායකයා දවසින් දවස අසරණ වෙනකොට සුහද හදක් ගැන කියන බැංකුවල ඒ හදවත සුහද වෙන්නේ නැහැ.

පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ ‘හෙන්චයියලාට’ කෝටි ගණනක ණය දුන්නෙ කිසිම ඇප කොන්දේසියක් නැතිව. සාමාන්‍ය මනුස්සයෙක් රුපියල් ලක්ෂයක ණයක් ගන්න ගියත් රජයේ සේවකයන්ගේ ඇප ඉල්ලනවා. අපේ රටේ බැංකු පවතින්නේ බැංකුවේ පැවැත්ම සඳහා මිසක් සේවාදායකයන් වෙනුවෙන් නොවෙයි. මම එක්තරා සජීවී වැඩසටහනකදී මේ බැංකු ලබන අසීමිත ලාබය ගැන වගේම ඒ මගින් සාමාන්‍ය ජනතාවට සිදුවන අසාධාරණය ගැන කිව්වා. පසුගිය දවසේ ඒ නාලිකාවේ පළවුණ වැඩසටහනේ මගේ කතාව බලන්න මට උවමනා වුණා, ඒ නාලිකාවට අයත් යූටියුබ් නාලිකාවෙන් නැවත වරක් බලන්න යද්දි ඒ බැංකු ගැන කියපු කොටස අතුරුදහන් වෙලා තිබුණා. පසුව එම නාලිකාවට දැනුම් දුන්නාම කිව්වෙ ‘දැන්වීම් දෙන එක නවත්වනවා කියලා බැංකු කියලා තිබුණ නිසා එය ඉවත් කළා’ කියලයි. මම කියපු දෙය ඇත්ත නිසා තමයි බැංකු බය වෙලා තියෙන්නෙ. තමන්ට තියෙන කේවල් කිරීමේ බලය යොදවලා ‘දැන්වීම් දෙන්නෙ නැහැ’ කියන තර්ජනයට ඒ නාලිකාව යටත් කරලා ඒ කොටස යූටියුබ් නාලිකාවෙන් අයින් කරවලා තියෙනවා.

‘කර්මාන්ත දියුණු වීමට, ප්‍රධාන සාධක දෙකක් වෙනස් විය යුතුයි’

අපේ රටේ ආර්ථිකය හා කර්මාන්ත දියුණු වෙන්න නම් අපේ රටේ ප්‍රධාන සාධක දෙකක් වෙනස් කරන්න වෙනවා. එකක් අපේ රටේ බැංකු. අනික අපේ රටේ බලශක්තිය. අධික මිලක් ගෙවලා, විදුලි බලය අරගෙන කර්මාන්ත කරන්න පුළුවන් රටක් මම දැකලා නැහැ. ඒ වගේම අද පවතින බැංකුවල ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්ති තියන කිසිම රටක ව්‍යවසායකයන් හෝ කර්මාන්ත පණ ගැන්විලා නැහැ. ව්‍යවසායකයා මාසයක් පුරා මහන්සි වෙලා බැංකුව නඩත්තු කරනවා. එහෙම නඩත්තු කරත් අවසානයේ තමන්ව නඩත්තු කරන සේවාදායකයා ගැන සැලකිලිමත් වෙන්නෙ ඉතාම අඩුවෙන්. මේ බැංකුවල ස්වභාවය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයි.

අපේ රටේ මහ බැංකුවත් මුල්‍ය ප්‍රතිපත්ති ගොඩක් හදාගෙන තියෙන්නේ බැංකුකරුවන්ගේ යහපත උදෙසා මිසක් බැංකුවට එන සේවාදායකයන්ගේ යහපත සඳහා නොවෙයි. අපේ රට ඉදිරියට යන්න අසීරු කරවන මෙවැනි බාධා ඉවත් කරගත යුතු වෙනවා. මේ අනුව, ‘අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා අපි රජයක් හැටියට උපරිම වශයෙන් කටයුතු කරනවා,’ කියන ස්ථාවරයක මම වගේම අතිගරු ජනාධිපතිතුමනුත් ඉන්නවා, කියන කාරණය කිව යුතුයි. මේ රටේ ව්‍යවසායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුදුසු වාතාවරණය නිර්මාණය කර දීම වෙනුවෙන් අපට හැකි සෑම ප්‍රයත්නයක්ම දරන බව නැවතත් ඉතා ඕනෑකමින් අවධාරණය කරනවා.”

‘සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ’ ක්‍රියාකාරී සාමාජිකයන් උදෙසා ඇගයීම් සම්මාන පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණු අතර ‘2020 ව්‍යාපාර යාවත්කාලීන කිරීමේ සිටුවර ජයබල යෝජනාවලිය’ ඇතුළත් සමරු කලාපයේ මුල් පිටපත අමාත්‍යවරයාට පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතාගේ දේශනයකින් සහ ‘ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාව‘ යන තේමාව සහිත සංවාදයකින් මෙම ජාතික මහා සම්මේලනය සමන්විත විය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

***************************************

16-09-2020

***************************************

14-09-2020

***************************************

14-09-2020

*********************************************

අද නායකයා ගැන විශ්වාස කර ව්‍යවස්ථා සංශෝධන එපා.. 20 ට කිසිසේත්ම එකඟ නෑ.. ආණ්ඩුව ගැන මං හොදටම කලකිරිලා.. – ඇල්ලේ ගුණවංශ හිමි..

(19.09.2020 – 03:22 +0530 – lankacnews.com)

වත්මන් නායකත්ව මත විශ්වාසය තබා නව ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.

අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නොවන බවත් සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවත් උන්වහන්සේ සඳහන් කළහ.

විසිවන ව්‍යවස්ථා සංස්කෘතියට එකඟ වීමට නොහැකි බවත් මෙවන් පැලැස්තර විසඳුම් අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් යයිද උන්වහන්සේ පැවසූහ.

අද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තමන් වහන්සේ බෙහෙවින්ම කණගාටුවන බවද උන්වහන්සේ කියා සිටියහ.

හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

+++++++++++++++++++++

*********************************************

ගිනිගත් නෞකාවේ ඉන්ධන කාන්දුව ගැන වාර්තාව සඳුදා (21) නීතිපතිට

(19.09.2020 – 07:12 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති ඉන්ධන සහ ඒ අවට මුහුදු සීමාවේ කාන්දු වී තිබූ ඉන්ධන පිළිබදව සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව සදුදා (21) නීතිපති දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ එම වාර්තාවේ සියලු කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි.

මේ අතර, එම නෞකාවේ කපිතාන්වරයාට ලබන 28 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගියදා නොතීසි නිකුත් කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

සැප්තැම්බර් 03 වනදා අදාළ නැව ගිනි ගැනීමට ලක්වූ අතර, එහිදී විධිමත් ලෙස සන්නිවේදන ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක සිදු කර නොමැති බවටයි සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබුණේ.

එමෙන්ම, කපිතාන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනවලටද කිසිදු සහයක් දක්වා නොමැති බවට ද වාර්තා වුණා.

කෙසේ නමුත් එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව සම්බන්ධයෙන් ලක් රජයට රුපියල් මිලියන 340 ක ගාස්තුවක් ගෙවිය යුතු බවට නීතිපතිවරයා විසින් එහි හිමිකරුවන්ගේ නීතීඥයන් වෙත පසුගිය බදාදා දැනුම්දීමක් සිදුකරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Tissa Kutti. manthree thumaa, karunaakara prasiddiye vineetha bhaavayakin hasirenna. Maalu kaarayek wage kae gahanakota eya obathumaata sudusu natha, mahajanayaatath dena waradi udaaharanayak. Thamange ego eka ridaweema iwasaagena, pasuwa athwaredda kala niladaareengen ewaa wimasaa aegaena waeda karanna, namuth eya kala yuththey ae departmentuwa baara amathi thumaa haraha. Rajaye niladaareenta kae kossan gaseemata obata aiyithiyak natha. Eya Nimal Siripaalata baara departamentuwak nam, Nimal Siripaala mottayek wage ethana katawahagena siteemath waradiyi, manthreewa paththakata ekka gos himinsarey waeda kala yuthuya kiyaa awawaada denna awasyayi. Maewagae anda dabarakam karanawa dakkama mahajanaya aluth aanduwa gaena kalakirenawa, monawage gonnuda parlimentuwata yawala thiyenne kiyala. Thamange sanwegaya paalanaya karaganna danne nathnam manthreekam ganna epaa.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *