බස්නාහිර ඇඳිරි නීතිය නොවැම්බර් මස 9 වනදා අළුයම 5 දක්වා දීර්ඝ කෙරේ

බස්නාහිර ඇඳිරි නීතිය නොවැම්බර් මස 9 වනදා අළුයම 5 දක්වා දීර්ඝ කෙරේ

කොරෝනාවෙන් මිදෙන්න උදේ සවස හුමාලය අල්ලන්න

*********************************************

බස්නාහිර ඇඳිරි නීතිය නොවැම්බර් මස 9 වනදා අළුයම 5 දක්වා දීර්ඝ කෙරේ

(01.11.2020 – 16:10 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් මස 9 වනදා සඳුදා උදෑසන පහ (05:00) දක්වා දීර්ඝ කරන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අද (01) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ ඇහැලියගොඩ, කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කුරුණෑගල මහ නගර සභා බලසීමාවට ද හෙට (02) උදෑසන 5 සිට එළඹෙන නොවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

මේ අතර, මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5 ට ද නොවැම්බර් 9 වන දා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතයට ගත හැකි ආයතන සංඛ්‍යාව 89 දක්වා ඉහළ දැමූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය 29 සහ 30 යන දිනවල බස්නාහිර පළාතෙන් පිටතට ගිය 550 දෙනෙකු එම ස්ථානවලම නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල එය උල්ලංඝනය කළ 1700 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 260 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවද ඔහු කියා සිටියා.

*********************************************

කොරෝනාවෙන් මිදෙන්න උදේ සවස හුමාලය අල්ලන්න

(02.11.2020 – 07:20 +0530 – lankaleadnews.com)

“ජලය සහිත මැටි කෝප්පයකට දෙහිකොළ, පාවට්ටා කොළ, ඉඟුරු කෑල්ලක්, කොත්තමල්ලි ටිකක් දාලා හොඳට උණු කරගෙන උදේ සවස හුමාලය අල්ලන්න. මේ මගින් කොරෝනා රෝගයෙන් මිදීමට පුළුවන්…..” යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

මැටි මුට්ටියකට දෙහි කොළ, පාවට්ටා කොළ, කොත්තමල්ලි ටිකක්, ඉඟුරු කෑල්ලක් දාලා වතුර දාලා හොඳට තම්බාගන්න. තම්බලා ‘බෙඩ්ෂීට්’ එකකින් හිස සිට පොරවාගෙන මැටි කෝප්පයෙන් හුමාලය අල්ලාගන්න. හොඳට උගුරට, නාසයට දැනෙන්න ආශ්වාස ප‍්‍රශ්වාස කරන්න. අඩුම වශයෙන් මේ කාර්යය විනාඩි 10 ක් වත් උදේ, සවස කරන්න. මේක හරියටම සතියක් එක දිගටම කරගෙන යනවානම් හොඳයි. ගෙවල්වල ඉන්න හැමදෙනාම එසේ කළොත් කොරෝනා රටින් තුරන් කරන්න පුළුවන්.

හවසට මදුරුතලා, කොහොඹ කොළ, කුරුඳු කොළ, පොල්කටු අඟුරු භාජනයකට දාලා නිවසේ දුම් අල්ලන්න. කොරෝනා වෛරසය නිවසට ඇවිත් තියෙනවා නම් එයත් විනාශ වෙලා යනවා. සමහරවිට අපි වැඩට ගිහින් ආවොත්, කඩේට ගිහින් ආවොත් සපත්තුවල, සෙරෙප්පුවල, ඇඳුම්වල, එළවළු බෑග්වල මොන මොන විෂබීජ ගෙවල්වලට ගෙනත් තියෙනවද දන්නේ නැහැනේ.

අද හැම කෙනෙකුම දේශීය ආයුර්වේද ඖෂධ තමයි භාවිතා කරන්නේ ආයුර්වේද වෙදකම තමයි අද මේ වසංගත රෝග මැඩ පවත්වන්න එකම ආයුධය.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *