ප‍්‍රධාන සාක්‍ෂිකරු බොරු සාක්‍ෂි දුන් බව පිලිගනී.. දසනායකට හයමාසයකට පසු ඇප ලැබේ..

(09.01.2018 – 13:20 +0530 – lankacnews.com)

මාස හයකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඩී. කේ. පී. දසනායක මහතා අද කොළඹ මහධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබී.

පසුගිය ජූලි මස 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරීම හා ඝාතනව කිරීම යන චෝදනා මතයි.

කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී. විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය ෴

************************************

චන්ද්‍රිකාගේ ලවු එක ගැන මර්වින් හෙලි කරයි.. මොරගහකන්දේ ජාතකයත් කියයි..
(09.01.2018 – 11:20 +0530 – lankacnews.com)

මොරගහකන්ද වැඩ ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමති කාලයේ බවත් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

රුවන්වැලි මහා සැය දුටුගැමුණු රජු ආරම්භ කලද ඔහුට එය වැඩ අවසන් කර ගත නොහැකි වුවත් පසුව එය අවසන් කල බවත් ඔහු සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

‘‘රාජපක්‍ෂවරු හොරු නොවෙයි. තිබෙන දේ විකුණලා තමයි දේශපාලනය කලේ.

නාම යෝජනා නොදුන්නට රාජපක්‍ෂවරු එක්ක මගේ හබයක් නෑ. අද අත්දෙක පද්දල යන්නෙ එන්නෙ එතුමාට පිං සිද්ද වෙන්නනෙ.

මට ඡුන්දෙ ඉල්ලන්න හම්බ වුනෙත් නෑ. ඒක නං චන්ද්‍රිකා නෝනගෙ වැඩක්. එයා දැං සංහිදියාව බලාගෙන දගලනව.

ඒගොල්ලො වෙනත් ජාතීන් එක්ක ලවු කරන කොට ඒ ජාතීන් බේරන්න රටත් පාවා දෙන්න තමයි හදන්නෙ.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *