අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමක් ? – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(09.01.2018 – 19:13 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීමට අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමක් පවතින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ඒ, අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන්ද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

+++++++++++++++++++++++++++++++++

රට බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන මැදගොඩ හිමියෝ කියති
(09.01.2018 – 17:46 +0530 – lankadeepa.lk)

බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකය අස්ථාවර කර නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පැවැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (09) පැවසූහ.

බැඳුම්කර වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දීමෙන් පමණක් මෙම සිද්ධිය ලඝු කළ නොහැකි බවද උන්වහන්සේ සදහන් කළහ.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩළ ශ්‍රවණාගාරයේදී ‘එළිය‘ සංවිධානය කැඳුවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සදහන් කළහ.

‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රියාදාමයට එරෙහිව එළිය සංවිධානය ලෙස අපි දිගින් දිගටම විරෝධතාවයේ නියලූනා. විවිධ තේමාවන් යොදාගනිමින් ඔවුන් මේ නිරත වෙලා ඉන්නේ රට බෙදීමේ උත්සාහයකයි. මේ ව්‍යවස්ථා ක‍්‍රියාවළිය දැන් තදබල නිද්‍රාවකටවැටිලා තියෙනවා. මේකෙන් ප‍්‍රකාශවෙන්නේ නැහැ ව්‍යවසතා ක‍්‍රියාවලිය අත්හිටුවාගෙන කියලා. ඔවුන්ට මේ ඡන්දයත් එක්ක මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය රට ඉදිරියට අරගෙන එන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව හිතාමතාම මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය නිහඬ කරලා තියෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *