ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නතක්

ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නතක්

ගුවන්යානා කාර්යමණ්ඩල හිටපු හෝටල්වල සාද තිබුණා – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම‍යේ සභාපති උපුල් රෝහණ

විශේෂඥ වෛද්‍යවරයා පහර දෙනකොට මම ගැබිණියක් – වෛද්‍ය සාගරිකා දිනුශානි (කරාපිටිය ශික්ෂණ රෝහල)

මොන දෙයින් ඉහලට ගියත් වැඩක් නැ මේක නැත්නම් – EQ vs IQ (සමාධිය vs බුද්ධිය)

*********************************************

ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නතක්

(09.11.2020 – 19:23 +0530 – sinhala.adaderana.lk)

මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් සඳහා වන එන්නතක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව මෙම එන්නත ලබාදීම සඳහා වන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් ද පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් රෝගය වැළැක්වීම සඳහා මෙරට තුළ ඊට අදාළ එන්නත භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවට එක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අදාළ එන්නත ලබාදීම සම්බන්ධයෙන් එකඟතාව පළ කර තිබේ.

+++++++++++++++++

විවිධ ප්‍රදේශවලින් හමුවු කොවිඩ් ආසාදිතයින් – එකම පවුලේ දරුවන් දෙදෙනෙකුත් ඒ අතර

(09.11.2020 – 19:22 +0530 – sinhala.adaderana.lk)

හොරණ ගුරුගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන රෝහල්ගත නොකළ එම ආයතනයේ ආසාදිත සේවක සේවිකාවන් 89 දෙනෙකු ඊයේ (08) ඔවුන්ගේ නිවෙස්වල සිට ගිලන්රථ මගින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන විත් තිබේ.

පසුව බස්රථ මගින් ආසාදිතයින් 89 දෙනා කොග්ගල පිහිටි එම ආයතනයේ විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය.

එමෙන්ම එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද (09) පෙරවරුවේ නිකුත් කෙරුණු අතර ඉන් තවත් 38 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඒ අනුව ගුරුගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිත සේවක සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයින් 136 දෙනෙකු අද ගම්පහ නගර සභා ක්‍රීඩාංගනය වෙත රැගෙනවිත් බස්රථ මඟින් ඔවුන්ව වතුපිටිවල, සමනලවැව සහ පින්නවල යන රෝහල් වෙත රැගෙන යනු ලැබීය.

මෙම ආසාදිතයින් ජා ඇල, සීදුව, කටාන, වත්තල, කැලණිය, මහර, අත්තනගල්ල සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කලුතර, බෝඹුවල ප්‍රදේශයේ සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්, ත්‍රීවීල් රියදුරන් සහ කොළඹ තොග වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයින් අද (09) PCR පරීක්ෂණයට ලක්කරනු ලැබීය.

මේ අතර, තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 25 දෙනෙකුගෙන් සිදුකළ අහඹු PCR පරීක්ෂණයේදී ඉන් සිව්දෙනෙකු (4) ආසාදිතයින් බවට අද තහවුරු විය.

ආසාදිතයින් අතර එකම පවුලේ වයස අවුරුදු 8 සහ 14 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙකු (2) සිටින අතර ඔවුන් පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ ඥාතියෙකුගේ නිවසට ගොස් නැවත පැමිණ තිබේ.

එමෙන්ම කුඩාවැල්ලේ බෝට්ටු අලුත්වැඩියා කරන ආයතනයක සේවය කරන පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබුණු අතර ඔහු පසුගියදා මීගමුව ප්‍රදේශයේ සිට පැමිණි අයෙකි.

මීට අමතරව ආසාදිතයින් අතර මාවැල්ල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන 35 හැවිරිදි කාන්තාවක්ද සිටින අතර ඇයට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තහවුරු වී නොමැත.

මේ අතර පොතුහැර සති පොළ අද වසාදැමීමට පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය.

ඒ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු සතිපොළේ වෙළෙඳාම් කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුවය.

අදාළ ආශ්‍රිතයා එළැඹෙන සතියේ PCR පරීක්ෂණයට යොමුකර එහි වාර්තා ලැබීමෙන් පසු සතිපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය කරන බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේය.

එමෙන්ම නිකවැරටිය නගරයේ සියලු වෙළෙඳසැළ් අද (09) සිට දින 3කට වසා දැමීමට නාගරික වෙළෙඳ සංගමය පියවර ගත්තේය.

ඒ නිකවැරටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 6 දෙනෙකු පසුගිය දිනවල හඳුනාගැනීමත් සමගය.

මේ අතර පොලිසියේ කොවිඩ් නයින්ටීන් ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 424 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 145 දෙනෙකු ද වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය ෴

+++++++++++++++++++++

(09.11.2020 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++

(09.11.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසයට බියෙන් දිවි නසාගැනීම අනුවණකමක් වුවත් එවැනි අවාසනාවන්ත සිද්ධීන් දෙකක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

මේ, ඇතැම් පිරිස් එලෙස කොවිඩ් භීතිකාවෙන් පෙලීම සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක්.

+++++++++++++++++

(09.11.2020 – 21:03 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කර ඇති ප්‍රදේශ වල හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට හෝ ‘නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර’ භාවිත කළ නොහැකි බව බව වැඩ බලන පොලිපතිවරයා දැනුම් දෙනවා.

එසේ විශේෂ අවශ්‍යතා ඇත්නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලුම් කළ යුතු වනවා.

+++++++++++++++++++

(09.11.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 184 දෙනෙක් අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව අද (09) දිනයේ මේ වනවිට වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යා 356 ක්.

මේ අතර අද (09) දිනයේ මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 සීමාව ඉක්මවා ගියා ෴

+++++++++++++++

මෙරට 36 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

(09.11.2020 – 22:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් ආසාදිත 36 වන මරණය අද (09) වාර්තා වුණා.

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පතව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

+++++++++++++++

සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩල කැඳවා ගැනීමට නව ක්‍රමවේදයක් – පෙර නිකුත් කළ ඇඳිරිනීති බලපත් වලංගු නෑ

(09.11.2020 – 22:23 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ යම් ස්ථානයක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සංචරණ සිමා (Lockdown) පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව දන්වා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩිලෙස සීමා කර ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එම නිසා දිවයිනේ අනෙක් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයැමට අනිවාර්යයෙන් අවශ්‍ය පිරිස් ඉහත ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැටලුවක් වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ප්‍රදේශ හරහා ගමන් කිරීමට නිකුත් කර තිබු ඇඳිරිනීති බලපත් හුදකලා කර ඇති ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන බවය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බව එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ :

++++++++++++++++++

ගම්පහ විශ්‍රාම වැටුප්ලාභීන්ට පණිවුඩයක්

(09.11.2020 – 15:47 +0530 – sinhala.adaderana.lk)

දැනට හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල විශ්‍රාම වැටුප්ලාභීන්ට නොවැම්බර් 10, 11 හෝ 12 යන දිනවලදී රාජ්‍ය, පෞද්ගලික බැංකු හා තැපැල් කාර්යාලවලින් සිය විශ්‍රාම වැටුප ලබාගත හැකිබව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

එම විශ්‍රාම වැටුප්ලාභීන්ට ඇඳිරිනීති බලපත ලෙස විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත භාවිත කිරීමට අවස්ථාව සැලසීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා බස්නාහිර පළාත් පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී ෴

***************************************

(09.11.2020 – 21:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 24 තුල උතුරු, උතුරු මැද පළාත් වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි අතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ෴

***************************************

(09.11.2020 – 23:36 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 2000 ක භූමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගාකිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් නතර වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් එම ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

***************************************

විදෙස් තානාපති සේවයට නව පත්වීම්

(09.11.2020 – 21:29 +0530 – sinhala.adaderana.lk)

විදේශ තානාපති සේවය සඳහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (09) පස්වරුවේ රැස්විය.

මෙහිදී අහමඩ්.ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද, අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද, දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද, එම්. කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද පත්වීමට අදාළ අනුමැතිය මෙහිදී හිමිවූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද එස්.ඩී.කේ. සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද, සී.ඒ.සී.අයි. කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද පත්කිරීමට අදාළ අනුමැතිය ද මෙහිදී ලැබිණි.

චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික‍්‍රමනායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට එක්ව සිටියහ ෴

***************************************

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා පත්වේ

(09.11.2020 – 16:36 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා තෝරා පත්කර ගෙන තිබේ.

රාජ්‍ය මුදල් කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්විය.

මෙහිදී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කළ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

අනතුරුව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළ මුදල් කාරක සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.

කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ඩී. වී. චානක, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය හර්ෂ ද සිල්වා, හේෂා විතානගේ, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප්, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලබන 12 වැනිදා නැවත කාරක සභාව රැස්වීමට නියමිත අතර 2021 විසර්ජන පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය ෴

*********************************************

ගුවන්යානා කාර්යමණ්ඩල හිටපු හෝටල්වල සාද තිබුණා – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම‍යේ සභාපති උපුල් රෝහණ

(09.11.2020 – 22:34 +0530 – newshub.lk)

ගුවන් යාන කාර්‍ය මණ්ඩල රැඳී සිටි හෝටල් වල සාද පවත්වා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම‍යේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කර සිටිනවා.

ඒ අද (09) ‘Talk with Chatura’ වැඩසටහනට සහභාගී වෙමින්.

මෙරට දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වූයේ මෙරටට පැමිණි යුක්‍රේන ජාතික ගුවන් කාර්‍ය මණ්ඩලයක් හරහා බවට බුද්ධි අංශ හෙලි කරගත් බවට පුවතක් වාර්තා වූ බව පෙන්වා දෙන එම මහතා වැඩිදුරටත් පවසන්නේඑම කාර්‍ය මණ්ඩලය තමන් නිරෝධායනය වන හෝටලය තුල සාද පැවැත්වූ බවට සාක්ෂි සාධක ඇති බවයි.

++++++++++++

*********************************************

විශේෂඥ වෛද්‍යවරයා පහර දෙනකොට මම ගැබිණියක් – වෛද්‍ය සාගරිකා දිනුශානි (කරාපිටිය ශික්ෂණ රෝහල)

(09.11.2020 – NewshubLK YouTube)

+++++++++++++

03-11-2020

*********************************************

මොන දෙයින් ඉහලට ගියත් වැඩක් නැ මේක නැත්නම් –
EQ vs IQ (සමාධිය vs බුද්ධිය)

(2020 Feb – Korean guide FB)

Dr. Chaminda Weerasiriwardana

+++++++++++++++++

ITN Television Iskole (2020-11-07) (ITN TV)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *